Loading...
SONY Mobile වලට මොකද උනේ!

Sony කිවම අපිට දැන් ගොඩක් මතක් වෙන්නේ එයාලගේ කැමරා නැතිනම් TV වගේ ගෘහස්ථ උපකරණ. ඒත් මේ Sony ඉස්සර ලොකු Smartphone Brand එකක්. මට මතක කාලෙක ඉදන් Sony නැත්තන් Sony Ericsson ප්‍රසිද්ද උනේ කැමරාවට. ගොඩක් අය කැමරා Phone එකක් කියනවට වඩා Phone කැමරා එකක් කියන්න තරම් පෙලබුනේ මේ දුරකතන වල කැමරාව දුරකතනට වඩා සිත්ගන්නා සුලු උන නිසායි. ඒත් මේ දැවැන්තයාගේ පසුබෑම සටහන් වන්නේ 2011 CES හීදී Sony සමාගම Sony Ericsson නාමය Sony Mobile ලෙස නම් කිරීමත් සමගයි.මෙයට ප්‍රදානතම හේතුව වන්නේ customer needs දෙස නොබලා Sony Mobile ඔවුන්ට ඔනෑ පරිදි නිපැයුම් ඉදිරිපත් කිරීමයි.

ඔවුන් ඔවුන්ට සිතැගි පරිදි විවිද අක්ශර භාවිතා කර වසරින් වසර විවිද නිපැයුම් එලි දක්වන්නට උනා. Xperia S , T , P , U , T , J , SL , L , E , SP , U , M ; නෑ නෑ මං මේ ඉංග්‍රීසි හොඩියේ අකුරු කිවා නෙවෙ මේ තමා Sony ලා එයාලගේ Smartphone වලට දුන්න නම් ; ඔයාලට විතරක් නෙවේ මටත් හිතාගන්න බෑ මොකද්ද අලුත් මොකද්ද පරණ කියලා. කිසිම පිලිවලක් තිබ්බේ නෑ ; ඒ විතරක් නෙවේ තව Neo , Play වගේ නම් ගොඩකුත් ආවා ඉතිං Smartphone ලොකේ ගැන අවදානෙන් ඉන්න කෙනෙක්ටවත් මේ Sony Mobile ලා පිලිවෙලක් නැති lineup එක ගැන ලොකු අවදානයක් යොමු නොවෙන්න ගත්තා.

ඒ වගේම මෙයාලා එන්න එන්නම එකම Trend එකකට Smartphone release කරා, ඉස්සර වගේ arc , arc s වගේ ලස්සන design ආවේ නෑ අලුත් උනේ නෑ; M4 , C4, E4 , Z , Z2 , Z3 , Z3+ , Z5 , C5 , M5 , X , XA , XZ , XZs , XA1 , XL1 , XZ1 , XZ2 ,XA2 වගේ මේ ඔක්කම එකම design trend එකක් follow කරා; boxy design එකක් huge bezels වගේ යල් පැනපු design ම ආයේ ආයේ Sony Mobile announce කරද්දි අනික් manufactures ලා විවිද design විවිද features එලි දක්වමින් ඉදිරියට එන්න උනා. විවිද පිලිවලක් නැති නම් හා එකම වගේ උන design නිසා අලුත් Sony Smartphone මොනවද පරණ Sony Smartphone phone මොනවද කියලා හොයාගන්න බැරි උනා විතරක් නෙවේ die hard Sony fans ලට පවා අලුත් Sony Smartphone එකකට යන්න තියෙන ආසාව ටිකෙන් ටික අඩු උනා.

ඒ විතරක් නෙවේ ලොකේ හොදම කැමරා නිපදවන්න වගේම කැමරා වලටම ප්‍රසිද්ධ උන Sony අතින් මේ කීර්තිය ගිලිහෙන්නට උනා. ඔවුන්ගේ Sony Mobile Image Sensors ම යොදාගත් වෙනත් Apple වැනි මාදිලි ඉතා දැවැන්ත ලෙස කැමරාකරනයේ ඉදිරියට පැමිනියා. මේත් සමගම Lack of Innovation හා Customer Needs හදුනා නොගත් Sony Mobile ඔවුන්ගේ කඩා වැටීම අන්තිමටම පිලිගන්නට උනා. නමුත් Sony යනු තාක්ශනික දැවැන්තයෙක් ඔවුන්ට නැවතත් Sony Mobile නගාසිටුවීමට අවශ්‍ය උනා. ඔවුන් අවසානයේ වෙනස්ම පන්නයේ දුරකතනයක් 2019 දී එලි දැක්වුනා. එය Sony Xperia One නම් උනා.

මෙය පෙර Sony දුරකතන මෙන් නොව ඉතාමත් කුඩා bezels හා 21:9 aspect ratio එකක් සහිත පටු දිගු , boxy හැඩයක් ගත් අතර එවකට තිබූ හොදම processor එකක් වූ Snapdragon 855 වාගේම වෙන කිසි දුරකතනයක නොතිබූ 4K OLED 6.5" ක විශාල Display එකක් හා ඉතා ඉහල තවත් specs සමග හදුන්වා දුන්නා. නමුත් මෙය එවකට ඇන්ඩ්‍රොයිඩ් ලොකය ආක්‍රමණය කරමින් සිටි Samsung , Huawei , Google වැනි සමාගම් මෙන් Sony Mobile හට ඔවුන්ගේ දුරකතනය අනෙක් දුරකතන වලින් සුවිශේෂ කොට උපුටා පෙන්වීමට දෙයක් නොතිබූ තරම්‍ උනා. Samsung s series phones වල feature pack වීම edge to edge design , punch hole camera වැනිදෑ තුලින් කැපී පෙනුන අතර note series එක productivity අතින් කැපී පෙනුනා. Huawei දුරකතනද camera , හා features අතින් කැපී පෙනුනා. Pixel device කැමරා හා software වලට ද ප්‍රචලිත උනා.

මේ Sony Xperia One තුල හොද කැමරා ත්‍රිත්වයක් තිබුනද ඒවා ඉහලින්ම සිටි flagship smartphone වලට තරගයක් දීමට තරම් සමත් නොවුනා. Sony අනෙක් අතින් ප්‍රචලිත ඌ Sounds අතින් ද ඔවුන්ට විශේෂයෙන් කැපීපෙනෙන්නට නොහැකි උනා කොටින්ම ඔවුන්ද iconic headphone jack එක ඉවත් කරන්නට පවා කටයුතු කර තිබීම බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතු උනා. ඒ වගේම 4k resolution තිරයක් තිබුනද එයද හොදම තිරය නොවිනි. කොටින්ම සියල්ල ඇති ඒත් සුවිශේෂ නොවුනු දුරකතනයක් ලෙස Sony Xperia One හදුන්වාදීමට පුලුවන්.

ඉතිං Sony Mobile, පිලිවලක් නැති නම් තැබීම් වෙනුවට නව නමක් , යල් පැනපු design වෙනුවට නව design එකක් customer need අනුව features වැනි පෙර තිබූ වැරදි බොහොමයක් සකසාගත් නමුත් ඔවුන්ට කැපී පෙනෙන්න නොහැකි උනා. ඉතිං බොහෝ දෙනෙක් මේ දුරකතනයටද ලොකු අවදානයක් යොමු කරේ නෑ. එයට ඉහල කී හේතු වගේම මෙහි මුදලත් හේතු උනා; $999 ක හදුන්වාදීමේ මිලට  වෙලදපලට ආ Sony Xperia One මීට වඩා කැපී පෙනෙන features හා design වලින් පියවරක් දෙකක් ඉදියෙන් වුන් තවත් දුරකතන මාදිලි රැසක් සමග තරග වැදෙන්නට උනා. ඉතිං ඒ දුරකතන මෙන් ආකර්ෂණයක් Sony හට නොලැබීම නොරහසක්.

නමුත් එක දෙයක් හොදින් පැහැදිලි උනා Sony Mobile තමන්ගේම කියා ගමනක් යන්නට පටන් ගෙන තිබුනි. ඒ වගේම ඔවුන්ට මග හැරුනු බොහෝ දේ නැවත ලගා කර ඉතාමත් හොද overall device එකක් එලි දැක්වීමට ඔවුන් උනන්දු වී තිබුනා. Sony Mobile ඔවුන්ගේ consumors ලා හට ඇහුම්කන් දී තිබුනා.නමුත් තවමත් පියවරක් පිටුපසින් සිටි Sony Mobile ඊලගට කරනා දේ පිලිබද smartphone ලොකය පිලිබද උනන්දු වූ බොහෝ දෙනාගේ අවදානය යොමු වන්නට උනා. එය ඔවුන් ලද විශාල ජයග්‍රහණයක්. ඒ වගේම අප බොහෝ දෙනෙක්ගේ කුඩා කල සිට දුරකතන ලොව බැබලුනු දැවැන්තයෙකුගේ නැවත ආගමනය ගැන කාට කාටත් සතුටක් ගෙනදුන්නා.

ඉතිං ඊලගට Sony Mobile මොන පියවරක් තබයිද? camera ම focus කල දුරකතනයක් එලි දක්වයිද? නැතිනම් නැවතත් all round device එකක් එලි දක්වයිද.? 2020 හි smartphone ලොකය ලුහුබදින Trends, Sony Mobile අනුගමනය කරයිද? නැවතත් Sony Mobile කරලියට පැමිනෙයිද ? මේ සියලු කුතුහලයන් තුල 2020 දී Sony Mobile ඔවුන්ගේ ඊලග දිග හැරුම Sony Xperia One Mark 2 මීට දින කිහිපයකට මත්තෙන් හදුන්වා දුන්නා.

ඉතිං ඔයාලටත් Sony Mobile වලට මොකද උනේ , Sony Mobile දැන් ඉන්නේ කොතනද වගේ දෙවල් ගැන යම් තරමක අදහසක් මේ article එක මගින් ලැබුනා යැයි මා සිතනවා, ඊලග article එකෙන් අපි නවතම Sony Xperia One Mark 2 ගැන කතා කරමු.