Loading...
Credit card hack කිරී​ම හෙවත් Carding සහ එයින් බේරෙන්නේ මෙහෙම​යි

ලෝකයේ මේ වන විට E-සොරකම් වේගයෙන් වර්ධනය වෙමින් පවතී හැබැයි online shopping අතින් බැලුවොත් මෙය සුභදායී කරැණක් නම් වෙන්නේ නැ. ඒ වගේම මේ අතරින් Credit Card Hack කිරිම නැතහොත් Carding යන්න සදහා ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා.

මොකක්ද මේ Credit Card Hacking නැතහොත් carding යනුවෙන් හදුන්වන්නේ?

සරලවම Carding කියන්නේ අන්තර්ජාල අපරාධකරුවන් විසින් ඔබේ Credit Card එක සොරකම් කර ඔවුන්ගේ පාවිච්චිය සදහා භාවිතා කිරීමයි.

හරි අපි දැන් කතා කරමු Carding කොහොමද හරියටම වැඩ කරන්නේ, නැතිනම් අපරාධකරුවන් ඔබේ Credit Card විස්තර ලබා ගන්නේ කෙසේද, සහ මේ ආකාරයේ සොරකම් වලින් ඔබ ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳව.

source - www.aura.com

Carding වැඩ කරන්නේ කෙසේද?

Carding යනුවෙන් හදුන්වන්නේ Credit Card Scam එකක් ලෙස හදුන්වන්න පුලුවන්. අන්තර්ජාල අපරාධකරුවන් විසින් ඔබේ Credit Card විස්තර ලබා ගත් පසු, ඔවුන් අන්තර්ජාලය හරහා අඩු වටිනාකමින් යුතු මිලදී ගැනීම් කිරීමට උත්සාහ කිරීමෙන් ඔබේ කාඩ්පතේ වලංගුභාවය පරීක්ෂා කරනු ලබනවා. ඒවා ක්‍රියාත්මක වන්නේ නම්, ඔවුන් Aliexpress, Amazon වැනි සේවාවලින් භාණ්ඩ ඇනවුම් කරනු ලබනවා. නමුත් තොරතුරු අනුව විශාල අන්තර්ජාල අපරාධකරුවන් විසින් Gift Cards වැනි දේවල් ඇනවුම් කිරිම සදහා බහුලව යොමු වන බව සදහන් වේ.

මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සදහා අපරාධකරුවන් හට මිනිත්තු කිහිපයක් ගත විය හැකියි. එයින් අදහස් වන්නේ ඔබ සිතන්නටත් පෙර අපරාධකරුවන් හට ඔබගේ Credit Card වලින් ගණුදෙනු කළ හැකි බවයි.

ඇයි මේ අන්තර්ජාල අපරාධකරුවන් විසින් Gift Cards මගින් ඇනවුම් කරන්නේ?

මොකද කිවහොත් අපරාධකරුවන් හට Gift Cards තුලින් කිසියම් තැනක සටහන් වීමෙන් තොරව භාන්ඩ ඇනවුම් කිරීම සහ එම Gift Cards වෙනත් තැන්වල මුදලට අලෙවි කිරිමේ හැකියාව තිබෙනවා.

අපරාධකරුවන් ඔබගේ Credit Card අංක සොරකම් කරන්නේ කෙසේද?

Card සොරකම් කරන අපරාධකරුවන් පොදුවේ "Carders" ලෙස හැඳින්වෙන අතර ඔවුන් Card Details ලබා ගැනීමට විවිධ ක්‍රම භාවිතා කරනු ලබනවා.

පසුගිය වසර කිහිපය තුළ සිදු වූ Data Breaches විශාල සංඛ්‍යාවක් හේතුවෙන් Sensitive Data සහ Financial Information ආදි සංවේදී තොරතුරු හැකර්වරුන්ට අන්තර්ජාලය හරහා පහසුවෙන්ම ලබා ගත හැකි වන අතර ඔබගේ Credit Card Details මෙලෙස අන්තර්ජාලයේ නොමැති වුවද Carders ලා විසින් ඒවා ලබා ගැනීම සඳහා දක්ෂ ක්‍රමද සකස් කර තිබෙනවා.

ප්‍රසිද්ධ Carding Attacks?

  1. බැංකු නියෝජිතයෙකු ලෙස පෙනී සිටීමෙන් කෙරෙන Phishing Attacks
  2. Carding Forums වලින් ඔබේ විස්තර මිලදී ගැනීම
  3. Malware Attack
  4. Credit Card Skimming හෝ Shimming වැනි උපාංග භාවිතා කිරීම
  5. වෙබ් අඩවි වල ඇති Payment Systems Hack කිරීම

1. බැංකු නියෝජිතයෙකු ලෙස පෙනී සිටීමෙන් කෙරෙන Phishing Attacks

ඔබට කවදා හෝ ඔබේ බැංකුවෙන් යැයි කියා මෙවැනි අමුතු Message එකක් හෝ E-mail පණිවිඩයක් ලැබි ඇත්නම්, ඔබ බොහෝ විට Phishing Attack එකකට ගොදුරු වී ඇත.

source - www.aura.com

මෙය phishing Attacks ලෙස හදුන්වන්නෙ “Carders” ලා විසින් ඔබේ තොරතුරු ලබා ගැනීමට ව්‍යාජ මවාපෑම් යටතේ පණිවිඩ යැවීමෙන් ඔබගේ තොරතුරු ගැනීමට උත්සහ කිරීම නිසයි. Carders ලා Attacks කිරිම සදහා ඕනෑම මාධ්‍යයක් භාවිතා කරනු ඇත,

  • Phone calls
  • SMS
  • Scam emails
  • Fake websites
  • Social media direct messages
  • Direct mail

ඔවුන් මොන මාධ්‍යය භාවිතා කෙරුවත් ඔවුන්ගේ අරමුණ එක එකම වේ.

Carders ලා බැංකුව හෝ නීතිඥයා වැනි නිල ආයතනයක් වැනි ඔබ විශ්වාස කරන පුද්ගලයෙකු ලෙස පෙනී සිටියි. මෙම මුවාවෙන්, ඔවුන් ඔබට පුද්ගලික තොරතුරු බෙදා ගැනීම සදහා Link එකක් Click කිරිමට බලපෑම් කරයි.

උදාහරනයක් ලෙස, ඔවුන් Fake E-Commerce Store එකක වාණිජ්‍ය වෙළඳසැලක් ලෙස පෙනී සිටිය හැකිය.

ඔබේ මිලදී ගැනීම සම්පූර්ණ කිරීමට ඔවුන්ට ගෙවීමක් අවශ්‍ය බව අපරාධකරුවන් පවසයි. අපරාධකරුවන් ඔබේ පුද්ගලික තොරතුරු ලබා ගත් පසු, ඔවුන්ට එම කාඩ්පත් වෙනත් අරමුණු සඳහා භාවිතා කළ හැකිය.

2. Carding Forums වලින් ඔබේ විස්තර මිලදී ගැනීම

Carding Forums යනු අපරාධකරුවන් සොරකම් කරන ලද තොරතුරු මිල දී ගෙන විකුණන නීති විරෝධී වෙබ් අඩවි වේ. එම Carding Forums වල PayPal සහ Stripe වැනි Accountsද ඇතුලත් වේ.

මෙම Carding Forums වල අපරාධකරුවන් Credit Card Cracking සහ Testing වැනි දේවල් සිදු කරන අතර ඔවුන් එවා එකිනෙක අතර බෙදා ගනියි. මෙම සියලු දේ සිදු වන්නේ සාමාන්‍ය Web Browser වලට පිවිසිය නොහැකි අන්තර්ජාලයේ කොටසක් වන Dark Web හරහා වේ. තවද Dark Web හි Credit Card Marketplaces විශාල ප්‍රමානයක් ඇත.

3. Malware Attack

Malware Attack එකක් යනු Hackers ලා විසින් ඔබේ Phone, Tablet, සහ Computer එකට ඔවුන් ඔබට එවන Link එක හරහා Malicious Software එකක් Install කර ඔබව රැවටීමයි. Malwares ඔබ නොදැනුවත්වම පසුබිමේ ක්‍රියාත්මක වන අතර Hacker වරු සියලු දේ නිරීක්ෂණය කරයි.

මෙම ක්‍රියාවලියෙන් Hacker වරුන්ට ඔබේ Device එකේ ඇති තොරතුරු සොයා බැලිමට හැකියාව ඇති අතර ඊටත් වඩා භයානක වන්නේ ඔබ ඔබේ Device එකේ Type වන සියලු දේ ඔවුන්ට බලා ගැනීමට හැකියාව තිබීමයි.

4. Credit Card Skimming හෝ Shimming වැනි උපාංග භාවිතා කිරීම

Credit Card Skimming යනු මූල්‍ය අපරාධයක් වන අතර, අපරාධකරුවන් Card Payments සිදු කරන Machines තුල කුඩා උපාංගයක් සම්බන්ධ කරයි. ඔබ ඔබේ කාඩ්පත Swipe කරන විට හෝ ඇතුළු කරන විට, උපාංගය ඔබේ සියලු Credit Card Numbers එම Device එක තුල Save කර ගනියි.

සමහර Carding Machines එවෙලෙම අපරාධකරුවන් හට එම දත්ත Bluetooth හෝ Wi-Fi මගින් ඔවුන්ගේම Devices තුලටම ලබා ගැනිමට සලස්වයි.

5. වෙබ් අඩවි වල ඇති Payment Systems Hack කිරීම

සමහර අපරාධකරුවන් අන්තර්ජාල වෙලදසැල් වලට (online stores) අනවසරයෙන් ඇතුලු වී Credit Card Details සොරකම් කිරීමට Cyber Attacks භාවිතා කරයි.

Cyber අපරාධකරුවන්ට E-Commerce Checkouts වල Loops Exploit කිරීම පුදුම සහගත ලෙස පහසුය. විශේෂයෙන්ම ඔවුන්ගේ Softwares යාවත්කාලීන කර නොමැති නම් එය වඩාත් පහසු වේ.

ඔබේ Credit Card සොරකම් කර ඇතැයි ඔබ සිතනවාද?

Credit Card වංචාව Cyber අපරාධකරුවන් තුල සාමන්‍ය වෙමින් පවතී. Credit Card සහ හැඳුනුම්පත් වංචාවෙන් ඔබව ආරක්ෂා කර ගැනීමට ඔබ උනන්දුවෙන් සිටීම වැදගත් වේ.

අපරාධකරුවෙකු ඔබගේ තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන හෝ දැනටමත් ලබාගෙන ඇති බවට සමහර Signs තිබේ ඒවා නම්,

  • නොදන්නා Sources වලින් ලැබෙන පණිවිඩ හෝ ඇමතුම් - ඔබ හඳුනා නොගත් කෙනෙකු ඔබගේ පුද්ගලික තොරතුරු ඉල්ලා සිටියහොත් ප්‍රවේශම් වන්න. Links ක්ලික් නොකරන්න, Files බාගැනිම්, හෝ ඔවුන්ගේ පණිවිඩයට ප්‍රතිචාර නොදක්වන්න
  • Unprofessional Website Errors - Financial ආයතනවල හොඳින් සැකසූ වෙබ් අඩවි ඇත. ඔබ යම් කිසි වැරදි අක්ෂර වින්‍යාසයන්, සහ කොහෙටවත් නොගෙන Links වැනි දේවල් දුටුවහොත් විමසිල්ලෙන් සිටින්න.
  • ඔබ නොදැනුවත්ම වන Transactions - ඔබගේ Credit Card පත අවම වශයෙන් මාසිකව සොයා බැලීමට පුරුදු වන්න. ඔබ කිසියම් අසාමාන්‍ය හෝ අනවසර Transactions දුටුවහොත්, ඔබේ Credit Card විස්තර කාඩ්පත්කරුවෙකු අතේ තිබිය හැක.

කොහොමද මේ ආකාරයේ සොරකම් වලින් ඔබ ආරක්ෂා වන්නේ?

  1. ඔබේ Credit වාර්තාව සහ බැංකු Statements නිතිපතා පරීක්ෂා කරන්න
  2. Antivirus සහ Phishing Protection මෘදුකාංග භාවිතා කරන්න - කාඩ්පත් සඳහා ඔබගේ උපාංගයට ප්‍රවේශය ලබා ගැනීමට අවශ්‍ය වංචනිකයින් Malwares බාගැනීමට ඔබව රවටා ගත හැක. මෙම Malware Attacks වලින් සමහරක් සංකීර්ණ වන අතර ඒවා ඉවත් කිරීමට High-Quality Antivirus Programs අවශ්‍ය වේ.
  3. ඔබගේ Softwares සහ Device OS පද්ධතිය යාවත්කාලීනව තබා ගන්න

අන්තර්ජාලයේ නිතර සැරිසරන ඔබගේ තොරතුරු ආරක්ෂා කරගැනීම ඔබගේ වගකීමක් වන අතර මේ පිළිබඳ තවත් තොරතුරු කතා කරන්න එන්න අපේ Forum එකට.

ඒ වගේම ඔබට මේ පිළිබඳව යම් සහායක් අවශ්‍ය නම් ඔබගේ බැංකුව ඒ විගසම දැනුම්වත් කිරිමටත් මතක තබා ගන්න.