Loading...
ශ්‍රී ලංකා​වේ දුම්රියෙ​න් ගමන් කරන ඔබ සතුව අනිවාර්යෙ​න් තිබිය යුතු​ම mobile app එක, RDMNS

මේ වෙන විට ශ්‍රී ලංකාව තුල වඩාත්ම ලාභදායී පොදු ප්‍රවාහන සේවය ලෙස දුම්රිය සේවාව හදුන්වා දෙන්න පුලුවන්. ඒ බව මේ දිනවල ධාවනය වෙන දුම්රියන්ගේ අධික මගි ප්‍රමාණය මගින් සනාථ වෙනවා.

කෙසේ වෙතත් අපේ දුම්රිය සේවයට අනන්‍ය වු ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ලෙස ප්‍රමාද වි ධාවනය, දුම්රියන් අවලංගු වීම හා අධික මගී ප්‍රමාණය නිසා දුම්රියන්ට ඇතුළු වීමට නොහැකි වීම ආදිය හදුන්වා දෙන්න පුලුවන්. මේ සියල්ල පිළිබඳවම දුම්රිය මගීන්ට දැන ගැනිමේ හැකියාව ලැබෙන්නේ දුම්රිය ස්ථානයට ඇතුළු වි දුම්රිය ප්‍රවේශපත්‍රයක් ගත් පසුවයි. මෙම හේතු නිසා දෛනිකව අපහසුතාවට පත්වෙන ප්‍රමාණය අතිවිශාල වෙනවා.

මේ ගැටලුවලට සාර්ථක විසදුමක් ලබා දෙමින් Facebook සමාජ මාධ්‍යයේ සමුහයක් ලෙස ක්‍රියාත්මක වෙන රටවටා දුම්රිය මගීන්ගේ නිල සමුහයේ සමාජිකයින් එකතුවි මීට වසර කිහිපයකට පෙර RDMNS.LK නමින් සජීවීව දුම්රියන්ගේ තොරතුරු ලබා ගත හැකි App එකක් නිකුත් කරනු ලබනවා. මෙය Android මෙන්ම iOS පරිශීලකයන් සදහාත් ලබා ගන්න පුලුවන්.

මේ App එක ඔස්සේ මේ වෙන විට දුම්රිය ප්‍රමාදයන් හා වෙනස් වීම් පිළිබඳ තොරතුරු, දුම්රිය මගීන්ට වැදගත් වෙන තොරතුරු, සජීවි දුම්රිය රේඩාර් පද්ධති පහසුකම, දුම්රිය කාල සටහන සහ දුම්රිය දෙපාර්තමේන්තුව පිළිබඳ වෙනත් තොරතුරු රාශියක් ලබා ගත හැකි වෙනවා.

මේ සියල්ල දුම්රිය මගින් එදිනෙදා ප්‍රවාහන පහසුකම් සලකා ගන්නා මගින්ගේ දායකත්වය යටතේ සිදු වෙන අතර මේ සදහා ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නේ රටවටා රටවටා දුම්රිය මගීන්ගේ නිල සමුහයේ ඇඩ්මින් මඩුල්ල හා වෙනත් සම්පත් දායකයිනුයි.

සජීවි දුම්රිය රේඩාර් පද්ධති පහසුකම

RDMNS.LK App එකේ පවතින විශේෂිතම මෙන්ම, ජනප්‍රියතම පහසුකම ලෙස සජීවි දුම්රිය රේඩාර් පද්ධති පහසුකම හදුන්වා දෙන්න පුලුවන්.

මේ පහසුකම මගින් දෛනික මෙන්ම විශේෂ අවස්ථාවලදි ධාවනය වෙන දුම්රියන්ගේ තොරතුරු සජීවිව ලබා ගත හැකි වෙනවා. එනම් එම මොහොතේ දී ධාවනය වෙන දුම්රියන් පවතින ස්ථානය, දුම්රියයේ මගින් ප්‍රමාණය මෙන් වැදගත් තොරතුරු මේ ඔස්සේ ලබා ගන්න පුලුවන්.

එදිනෙදා දුම්රියේ ගමන් කරන ඔබටත් මේ විශේෂ පහසුකම මගින් තොරතුරු ලබා දීම සදහා දායක විය හැකි වෙනවා. ඒ සදහා ඔවුන් විසින් RDMNS.LK TTS USER PORTAL නම් Tool එකක් හදුන්වා දී තිබෙනවා.‌‌

RDMNS.LK TTS USER PORTAL TOOL‌‌

සජීවි දුම්රිය රේඩාර් පද්ධති පහසුකම ක්‍රියාත්මක වෙන්නේ රටවටා දුම්රිය මගීන්ගේ නිල සමුහයේ සමාජිකයින් එක් වි Messenger හරහා නිර්මාණය කර තිබෙන RDMNS TTS (Train Tracking System) මගින් වෙනවා.

මෙහිදී තමන් ගමන් ගන්නා දුම්රියන් වල සජීවී යාවත්කාලීනයන් (Updates) 1500 කට අධික අ⁣පගේ සාමාජිකයන් විසින් ඇතුලත් කරන අතර ඒ හරහා දුම්රිය ප්‍රමාදයන් ගණනය කොට RDMNS.LK Mobile App එක හරහා මෙහි ඇඩ්මින්වරුන් විසින් නිකුත් කරනු ලබනවා.

මෙම කටයුත්ත සදහා එදිනෙදා දුම්රියේ ගමන් ගන්නා ඔබටත් දායක විය හැකි අතර ඒ සදහා මෙතනින් ලියාපදිංචි විය හැකි වෙනවා.

මෙලෙස රටවටා දුම්රිය මගීන්ගේ නිල සමුහයේ TTS Messenger Chats වෙත ඔබටත් ඇතුළුත් විය හැකි අතර මෙහිදි තොරතුරු ලබාගන්නේ ව්‍යාජ ගිණුම් ඇතුලත් වීම වැළැක්වීමට වන බවත් එම තොරතුරු වල රහස්‍යභාවය ඔවුන් විසින් සුරකින බවත් තහවුරු කර තිබෙනවා.

මෙලෙස තොරතුරු ලබා ගැනිමෙන් පසුව ඔවුන්ගේ ඇඩ්මින්වරු විසින් එම තොරතුරු තහවුරු කරගත් පසු, ඔබට මෙය සදහා දායක විය හැකි වෙනවා. ඔබගේ ගිණුම තහවුරු කිරීමට යම් සුලු කාලයක් ගතවිය හැකි බැවින් එය පැය 5 ක් ඉක්මවා යන්නේ නම් admin@rdmns.lk වෙත හෝ රටවටා දුම්රිය මගීන්ගේ නිල පිටුවට පණිවිඩයක් යොමු කිරීම මගින් ගිණුම සක්‍රීය කර ගත හැකි වෙනවා.

පහසුව සඳහා මෙය Add to Homescreen හරහා ඔබගේ Home Screen එකට ඇතුලත් කරගන්න. මෙම ඇප් එක සහ Messenger ඇප් එක Splitscreen Mode එක ඔබගේ ස්මාර්ට් දුරකථනය Support කරන්නේ නම් එකවර තිරය දෙකට බෙදා භාවිතා කල හැකි ලෙසද Rensponsive වන ලෙස සහ Popup View සඳහා ද ගැලපෙන සේ නිර්මාණය කර තිබෙනවා.

මෙම පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පහත වීඩියෝව හරහා අධ්‍යයනය කල හැකි අතර යම් අපැහැදිලි තැනක් වෙතොත් රටවටා දුම්රිය මගීන්ගේ නිල සමුහය ඔස්සේ උපකාර ලබා ගත හැකි වෙනවා.‌‌

Source: RDMNS