ඔයා Software එකක් Download කරද්දි හරි පරිගණකයක හෝ දුරකථනයක System Requirements බලද්දි හරි ඔයාලා දැකලා ඇති x86, x64 සහ ARM වගේ වචන ටිකක්. ඉතිං ඔයාලා දන්නවද මේ වචනවල තේරුම් මොනවද කියලා, සමහරවිට හරියටම දන්නෙ නැතුව ඒවා Select කරනවත් ඇති.
මොනවද මේ x86, x64 සහ ARM කියන්නෙ ?
සරලවම කිව්වොත් මේවා CPU Architectures. මේවගෙන් අපේ Device එකේ Brain එක එහෙමත් නැත්තං CPU එක වැඩ කරන ආකාරය නිර්වචනය වෙනවා. මේවා ටිකක් හරියට තේරුම් ගත්තොත් ඉතා පහසුවෙන් ඔයාට අවශ්‍ය නිවරදිම Software, Devices හෝ operating systems තෝරගන්න හැකියාව ලැබෙනවා.
හරි අපි දැන් ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට කොටස් වශයෙන් මේවා ගැන බලමු.
මොකද්ද මේ CPU Architecture කියන්නෙ?
අපි සමාන්‍යයෙන් device එකක මොළය කියන්නෙ CPU එකට. මිනිස්සු මොළෙන් වැඩ ගද්දි එක එක විදියට හිතනවා වගේම CPU එකත් වැඩ කරද්දි එක එක ආකාරයට හිතනවා. ඒ වගේම CPU architecture එක අනුව ඒ හිතන විදිය එක එක ආකාරයට වෙනස් වෙනවා.
CPU architecture එකක් කියන්නෙ හරියට processor එක කතා කරන භාෂාවක් වගේ. Software හරියට වැඩ කරන්න නම් එකම භාෂාව කතා කරන්න ඕනෙ. ඒ කියන්නෙ එකම architecture එක use වෙන්න ඕනෙ. අන්න ඔතනදි තමයි මේ x86, x64 සහ ARM කියන ඒවා එන්නෙ.
x86 (32-bit)
මේ architecture එක හදුන්වා දුන්නේ කවුරුත් දන්න Intel සමාගම විසින් 1978 දී. අපි මේ architecture එකටම 32-bit architecture කියලත් කියනවා. මේ architecture එකට පුළුවන් RAM ධාරිතාවය උපරිමය 4GB දක්වා හසුරුවන්න. මේ architecture එක ගොඩක්ම භාවිත වුණේ සහ වෙන්නේ පැරණි පරිගණකවල සහ සමහර embedded system වලයි. කෙසේ නමුත් මෙය තාමත් භාවිත වෙනවා.
ඔයාට 2005 හෝ ඊට පැරණි පරිගණකයක් තියෙනව නම් ඒකෙ ගොඩක් දුරට භාවිතා වෙන්නෙ x86 කියන මේ architecture එක. ඒ වගේම ඔයාලා දැකලා ඇති සමහර software download කරද්දි එහෙමත් "x86" හෝ "32-bit" විදියලට ලේබල් කරලා තියෙනවා. ඒකෙන් කියන්නේ ඒ software එක x86 architecture එකට ගැලපෙනවා කියන එකයි.
මේකෙ තියෙන වාසියක් තමා පැරණි මෘදුකාංග තාමත් මේ system එක්ක වැඩ කරන එක. ඒ වගේම තියෙන ලොකුම අවාසියක් තමයි මේ x86 architecture එකට උපරියම support කරන්නේ RAM ධාරිතාවය 4GB දක්වා කියන එක සහ මේක අලුත් architecture එක්ක බලද්දි ටිකක් slow and outdated වනවා.
x64 (64-bit)
අපි කවුරුත් දන්න AMD (AMD64 ලෙස හඳුන්වනවා) සමාගම විසින් තමයි මේක හඳුන්වා දුන්නේ. පසුව Intel සමාගම විසින් එය x86-64 ලෙස adopted කරනු ලැබුවා. මෙය 64-bit architecture ලෙසද හඳුන්වනවා. මේ x64 architecture එකට පුළුවන් RAM ධාරිතාව 4GB වලට වැඩිය (අපිට හිතාගන්න බැරි තරම් ධාරිතාවයක් දක්වා) හසුරුවන්න. මේ architecture එක Windows computers, macOS systems (Intel based) සහ Laptopsවලත් බලාගන්න පුළුවන්.
ඔයාලා පහුගිය වසර 10-15 වගේ ඇතුලත මිලදී ගත්ත පරිගණකයක් නම් භාවිතා කරන්නේ, බොහෝ විට එහි Processor එකේ භාවිතා වෙන්නේ x64 architecture එක. ඒ වගේම විශේෂයෙන්ම "x64" හෝ එහෙමත් නැත්තං "64-bit" ලෙස label කරලා තියෙන software මේ systemවලට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
මේ architecture එකේ තියෙන වාසි බැලුවොත්,- Fast and more powerful.
- Support more RAM - good for multitasking and gaming.
- Can run both 32-bit & 64-bit software (on most system). ඒ කියන්නෙ මේ system වල 32-bit වලට සහ 64-bit කියන දෙකටම හදපු software ධාවනය කරන්න පුළුවන්.
ARM
මේ ARM architecture එක හඳුවා දුන්නේ ARM Holdings සමාගම විසින්. කාර්‍යක්ෂමතාව කෙරෙහි අවධානය යොමු කරන RISC (Reduced Instruction Set Computing) මත පදනම් වෙච්ච වෙනස්ම විදියේ CPU architecture එකක් තමයි මේක. ඒ වගේම මේක design කරලා තියෙන්නෙ වැඩි කාර්‍යක්ෂමතාවයක් අඩු විදුලි පරිබෝජනයකින් ලබා දීමයි.
Smart phones, Tablets සහ අලුත් Laptop පරිගණක (Apple Silicon Macs වැනි) සඳහා මේ architecture එක බහුලව බාවිතා වෙනවා. Apple M1/M2/M3 කියන අලුත් MacBook වල භාවිතා වෙන්නෙ මේ කියන ARM-based architecture එක.
ARM architecture එකේ තියෙන වාසි බැලුවොත්,- Extremely power, efficient - great battery life.
- Generate less heat.
- Perfect for mobile and portable devices
මේ ලිපියෙන් ඔයාට x86, x64 සහ ARM architectures ගැන සාමාන්‍ය අදහසක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් තවත් දවසක අලුත් ලිපියකින් හමුවෙමු.









