Loading...
WhatsApp backups සඳහා වන unlimited Google Drive සහය නුදුරේදීම නවත්වනු ඇතැයි තොරතුරු වාර්තා ​වේ

පසුගිය සතියේදි Whatsapp නවතම සංස්කරණය මගින් Whatsapp Chat Backups සදහා End-to-end Encrypted පහසුකම ලබා දිමට Facebook සමාගම විසින් කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් Whatsapp හී නිල Blog අඩවිය වෙන WaBetaInfo ඔස්සේ පළකර තිබෙන නවතම සටහනකට අනුව Facebook සමාගම විසින් Whatsapp Chat Backups සදහා මේ වෙන විට ලබා දෙමින් සිටින Unlimited Drive Backup පහසුකම නවතා දැමීමට සුදානමින් සිටින බව දක්වන්න පුළුවන්. ඒ අනුව ඔවුන් විසින් Whatsapp Beta Version ඔස්සේ Whatsapp Chat Backup Size එක Manage කළ හැකි නව Option එකක් පරික්ෂා කරමින් සිටිනවා.

2018 සිට Google සමාගම හා එකතුව Whatsapp Chat සදහා Unlimited Backup පහසුකම Whatsapp Usersලා සදහා ලැබෙන අතර මේ නිසා ඔබගේ Google Drive Storage එක වැය විමකින් තොරව Chats Google Drive එක සදහා Backup වීම සිදු වෙනවා.

ඔවුන්ගේ නිල Blog අඩවියට අනුව Manage Backup Size Option එක මගින් ඔබගේ Photos, Audio, Videos, Documents හා වෙනත් Media ආදියේ Backup විය යුතු ද නොමැති ද යන්න තිරණය කළ හැකි වෙනවා. මේ පහසුකම මගින් ඔබට Drive එක සදහා Backup විම අවශ්‍ය දැ පමණක් තොරා Backup කිරිම සිදු කළ හැකි වෙනවා. ඒ මගින් Facebook සමාගම විසින් Whatsapp Backup සදහා යම් සීමාවක් පැණවුවහොත් ඒ තුලට ඔබට අවශ්‍ය දැ පමණක් Backup කර ගැනිමේ හැකියාව ලැබෙනවා.

දැනට වාර්තා වෙන තොරතුරුවලට අනුව Facebook සමාගම විසින් Google සමාගම හා එකතුව Whatsapp Backup සදහා 2000MB ප්‍රමාණයකින් යුතු Free Google Drive Storage එකක් ලබා දෙනු ඇති අතර මේ 2000MB Drive Storage එක ඉක්මවා යාමේදි ඔබගේ Google Drive එකේ Storage එක ඒ සදහා යොදා ගැනෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Google සමාගම විසින් මීට පෙර Google Photo සදහා ලබා දී තිබු Unlimited Storage එකත් ඉවත් කර ගැනිමට කටයුතු කළ බැවින් මෙලෙස Whatsapp සදහා ලබා දී තිබෙන Unlimited Google Drive Storage එක ඉවත් කිරිමට මෙලෙස Facebook සමාගම හා එකතුව සුදානම් විම පුදුමයට කරැණක් නොවන බවත් සදහන් කළ යුතුයි. කෙසේ වෙතත් Google සමාගම විසින් Whatsapp සදහා මේ වෙන විටත් ලබා දෙමින් පවතින Unlimited Chat Backup පහසුකම අවසන් කිරිමක් හෝ සීමා පැණවිමක් පිළිබඳ තවමත් නිල වශයෙන් කිසිදු නිවේදනයක් සිදු කළ නොමැති බවත් දැක්විය යුතුයි.

කෙසේ වෙතත් මේ Backup Size Manager පහසුකම ඉදිරියේ Android හා iOS සදහා නිකුත් කිරිමට නියමිත Stable Version එක සමග ලැබෙනු ඇති අතර ඒත් සමග Facebook සමාගම Whatsapp සදහා ලබා දෙන Unlimited Google Drive Storage එක නවතා දැමීමක් හෝ යම් සීමා පැණවීමක් සිදු වේ නම් ඉදිරියේ මේ පිළිබඳවත් නිල වශයෙන් දැන ගැනිමට හැකියාව ලැබෙනු ඇත.

Source : Beebom, WabetaInfo