Loading...
Google Photos සඳහා unlimited storage දීම නැවතීමට Google සමාගම තීරණය කරයි

අවුරුදු 5ක කාලයක් පුරාවට හැම Google Photos user කෙනෙක්ටම unlimited high quality photo backup සඳහා ඉඩ ලබා දීමෙන් අනතුරුව දැන් Google සමාගම විසින් මේ සේවය නවතා දමන්න යන බව ප්‍රකාශ කොට තිබෙනවා.

එනම්, Google Photos සඳහාද ඔබේ Google Account එකේ ඇති 15GB ඉඩ ප්‍රමාණයම වැය වෙනු ඇති අතර එය අවසන් වූ පසු තවත් storage අවශ්‍ය නම් එය Google One සේවාව හරහා මිලදී ගන්නට සිදු වේවි. කෙසේ වෙතත් මේ වෙනස සිදු වන්නේ 2021 ජූනි 1 වෙනිදා සිට බවයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කොට සිටියේ.

එමෙන්ම ජූනි 1 වෙනිදා දක්වා upload කරන photos මේ සඳහා (15GB සීමාව සඳහා) ගණන් ගැනෙන්නේ නෑ. ඊට පසු upload වෙන photos මගිනුයි 15GB සිමාව සඳහා ගණන් ගැනෙනු ඇත්තේ.

/blog.google

දැනටමත් "original quality" එකෙන් photos upload කිරීම සඳහා මේ 15GB සීමාව බලපානවා. එය බල නොපැවේ "high quality" (<original quality) photos සඳහායි. කොහොම නමුත් මේ සමඟ Google Photos වල තිබුණු වැදගත්ම feature එකක් අහිමි වී යනවා.

කෙසේ වුවත් Pixel devices භාවිතා කරන අයට මේ නව සීමාව බලපාන්නේ නෑ. එනම් ඔවුන්ට "high quality" images සීමාවක් නැතිව upload කළ හැකියි. නමුත් Pixel devices වෙළඳපොළට පැමිණෙන කාලයේ Google ප්‍රකාශ කර සිටියේ සියලු Pixel devices සඳහා unlimited "original quality" photo upload පහසුකම ලැබෙන බවටයි. එයත් දැන් අසත්‍යක් වී තිබෙනවා.

නමුත් Google සමාගම ප්‍රකශ කර සිටියේ ඔවුන් තවමත් Apple iCloud හි 5GB free storage වලට වඩා වැඩි storage ප්‍රමාණයක් දෙන බවත් සාමාන්‍ය පරිභෝගිකයෙක්ට මේ 15GB ඉඩ photos වලින් පිරවීමට අවුරුදු 3ක කාලයක් වත් යනු ඇති බවයි.

මේ 15GB කඩයිම ළඟා වන විට Google විසින් ඔබට warning messages නිකුත් කරනු ඇති. ඒ වගේම Google Photos සඳහා නව Storage management tools හඳුන්වා දෙන්නටත් ඔවුන් සුදානම් වනවා. එමගින් ඔබට blur වුණු, නොවැදගත් screenshots වැනි photos delete කර දැමීමට පහසුකම් සපයාවි.

/blog.google

ඒ වගේම එක් එක් user ගේ භාවිතය අනුව ඔවුන්ට තව කොපමණ කලක් 15GB ඉඩ භාවිත කිරීමට හැකි දැයි ඇස්තමේන්තුවක්ද ඔවුන් සපයන බව කියා සිටියා.

/blog.google

හේතුව?

අපි කලින් ලිපියකින් ඔබව දැනුවත් කළා Google Photos මගින් photos edit කිරීම සඳහාත් මුදල් ගෙවීමට සිදු වෙනු ඇති බව. එලෙස මේ සෑම පියවරක්ම ඔවුන්ගේ Google One සේවය සඳහා පාරිභෝගික ආකර්ෂණය වැඩි කරගැනීමට ගනු ලබන පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්. Google One හරහා VPN සේවාවක්ද ඔවුන් දැන් ලබා දෙනවා.

මේ නව ක්‍රියාමාර්ගය සම්බන්ධව Google සමාගම ඔවුන්ගේ blog අඩවියේ මෙලෙස දක්වා තිබුණා;

"අද වන විට ට්‍රිලියන 4කට වඩා වැඩි photos සංඛ්‍යාවක් Google Photos වලට upload වී තිබෙනවා වගේම හැම සතියකම අලුතෙන් photos/videos බිලියන 28ක් upload වෙමින්ද පවතිනවා. ඉතින් මෙපමණ පිරිසක් ඔවුන්ගේ ඔවුන්ගේ මතකයන් තැන්පත් කිරීමට Google Photos භාවිතා කරන නිසා, අදට පමණක් නොව තවත් බොහෝ කලක් සඳහා ඔබේ අවශ්‍යතා සපුරාලීමට සුදානම් වීමට අපි අපගේ unlimited high quality storage ප්‍රතිපත්තිය වෙනස් කරන්නෙමු"

කෙසේ වෙතත් Google One සේවාවේ මිල ගණන් නම් (තවම) නොවෙනස්ව පවතිනවා. (2020.11.12 දින)

Google One ලබා දෙන විවිධ plans.

Photos වගේම Google Docs, Sheets, Slides, Drawings, Forms සහ Jamboard Files සඳහාද ඉඩ වැයවෙනු ඇත්තේ මේ 15GB ප්‍රමාණයේනුයි. මෙයට හේතුව "තම ප්‍රතිපත්ති industry standards හා ගැලපීමේ අවශ්‍යතාවය" ලෙස ඔවුන් දක්වා තිබුණා.

එසේම ඔබේ Google Account එක අවුරුදු 2ක් පුරාවට භාවිතාවක් නැති නම්, warning messages/emails කිහිපයක් එවීමෙන් පසුව ඔවුන් ඔබගේ Gmail, Drive, Photos ඇතුළු සියලු දත්ත මකා දමනු ලබනවා. එය මග හැරීමට වරින් වර web හෝ mobile මගින් Gmail, drive, photos වෙත පිවිසීම ප්‍රමාණවත් බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

Sources: Google Blog