Loading...
ඇයි අපි Linux භාවිතා කරන්න ඕනේ!

හරි මම දැන් කියන්න හදන්නේ ඇයි අපි ලිනක්ස් භාවිතා කරන්න ඕනේ කියල. මේක මම ලිනක්ස් ගැන තියෙන විවිධ මතත් එක්ක පැහැදිළි කරනම්. එතකොට ඔයාලට තේරෙයි වින්ඩෝස් වලට වඩා ලිනක්ස් කොච්චර හොදද කියල.

1. මුලින්ම ගොඩක් අය හිතන් ඉන්නේ ලිනක්ස් භාවිතා කරන්න අපහසුයි කියල. ඒ කියන්නේ user-friendly නෑ කියල.

ඇත්තටම මුල් කාලේ ආපු ලිනක්ස් මෙහෙයුම් පද්ධති එච්චර user-friendly නැති වෙන්න ඇති. එත් දැන් ලිනක්ස් ඇවිල්ල ගොඩ කාලයක් වෙනවා. මේ වෙනකොට ලිනක්ස් මෙහෙයුම් පද්ධති 1000 කට අධික ප්‍රමාණයක් විවිධ ක්ෂේස්ත්‍ර වල නියුතු අයට නිපදවල තියනවා. ඒ අතරින් Fedora, Ubuntu, Open Suse, Debian, Mint Linux වගේ මෙහෙයුම පද්ධති ගොඩක් ජනප්‍රිය වෙලා තියනවා.

ඇත්තටම මේවා ගොඩක් ම user-friendly. මේවා වින්ඩෝස් තරම්ම (මට නම් දැන් ඊටත් වඩා) user-friendly. කොහොමත් ලිනක්ස් දාන වින්ඩෝස් වලට පුරුදු වෙලා ඉන්න ආධුනිකයෙක්ට නම් ලිනක්ස් වලට පුරුදු වෙන්න දවසක් දෙකක් යනවා. එහෙම ආධුනිකයන්ට භාවිතා කරන්න පුළුවන් හොදම මෙහෙයුම් පද්ධතිය Ubuntu. එක ගොඩක් යුසර් ෆ්‍රෙන්ඩ්ලි.

ඇත්තටම Ubuntu විතරක් නෙමේ හැම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ම user-friendly. මම යටින් දාන්නම් මම භාවිතා කරන Fedora ලිනක්ස් වල ස්ක්‍රීන් ෂොට් එකක් බලන්න වින්ඩෝස් වලට වඩා කොච්චර සිත් ඇදගන්න ගතියක් තියනවද කියලා. භාවිතයට හරිම පහසුයි. මේ තියෙන්නේ gnome කියන Desktop Environment එක.

Application Menu
Linux multi tasking overview

2. හරි ඊළගට ලිනක්ස් භාවිතා කරන්න හිතන් ඉන්න අයට තියන ප්‍රශ්නයක් තමයි ලිනක්ස් වල බ්හුමාධ්‍ය පහසුකම් නෑ කියන එක, ඒ කියන්නේ multimedia  පහසුකම්

එහෙම වෙන්නේ විවිද නීතිමය ප්‍රශ්න නිසා අපි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කල සැනින් අපිට mp3, MPEGවගේ ෆයිල් වලට codec  මෙහෙයුම් පද්ධතිය සමග එන්නේ නෑ. ඒ උනාට ඒ වෙනුවට අපිට Amarok player, VLC player, Rhythmbox, Totem, GXine(Xine), Kaffeine, වගේ ප්ලයර්  ඒවා වගේම අපිට ඕනේ mp3, mpeg codec කුත් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.

ඒ වගේම අපිට වීඩියෝ එඩිට් කරන Pitivi, Open Movie Editor වගේම ඕඩියෝ එඩිට් කිරීමට Audacity භාවිතා කරන්න පුළුවන්. ඒවගේම පරිගණකයේ තිරයේ වෙන දේවල් රෙකොර්ඩ් කිරීමට Gtk-recordMyDesktop භාවිතා කරන්න පුළුවන්. ඉතින් ලිනක්ස් වල ඕනේ තරම් බහුමාධ්‍ය පහසුකම් තියනවා.

මේ තියෙන්නේ ඔය නෑ කියන multimediaව

3.ඊලගට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් වල වැඩකරන සොෆ්ට්වෙයාර් වැඩකරන්නේ නෑ නේ.

වින්ඩෝස් වල වැඩකරන සොෆ්ට්වෙයාර් ලිනක්ස් වල වැඩකරන්නේ නෑ තමයි. එත් ඒ වෙනුවට ඕනේ තරම් ආදේශක මෘදුකාංග දහස් ගණන් තියනවා. ඉතින් වින්ඩෝස් වල ව්ඩකරන ඒවා මොකටද. හැබැයි වින්ඩෝස් භාවිතයට පුරුදුවෙච්ච කෙනෙක්ට වින්ඩෝස් වල තියන සමහර මෘදුකාංග අතරින්නම බැරිනම් ඒකටත් විසදුමක් තියනවා. ඒ තමයි wine. මම එක ගෙන පස්සේ වෙනම පොස්ට් එකකින් දාන්නම්. ඒවගේම සොෆ්ට්වෙයාර් සෙන්ටර් එකේ ඕනෙම මෘදුකාංගයක් ඉතාම පහසුවෙන් බාගන්නත් පුළුවන්

4. ඊලගට තියන ප්‍රශ්නයක් තමයි ලිනක්ස් වල ඩ්‍රයිවර්ස් ගන්නේ නෑ නේ.

ඉස්සරනම් එහෙම ප්‍රශ්නයක් තිබබ් තමා. ඒ උනාට දැන් නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. විශේෂයෙන් හැමතිස්සෙම අප්ඩේට් වෙන උබුන්ටු වලට වගේ නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැ. ගොඩක් වෙලාවට ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන ඕනෙත් නෑ, ගහපු ගමන් ඕනෙම එකක් ගන්නව. වින්ඩෝස් වලට වඩා කොච්චර හොදද. ඩ්‍රයිවර්ස් හොයන්න මහන්සි වෙන්න ඕනි නැ.

මේවා තමයි ලිනක්ස් භාවිතා කරන්න හිතාගෙන එත් තාමත් කරන්නේ නැති අයට තියන ප්‍රශ්න.

ඇයි ලිනක්ස් වින්ඩෝස් වලට වඩා හොද කියල.

1. ලිනක්ස් වලට වෛරස් නැ

ලිනක්ස් වල තියන හොදම දේ තමයි ලිනක්ස් වලට වෛරස් නෑ.තිබ්බත් ඒ බොහොම අඩු ප්‍රමාණයකින්.ඒවගේම ලිනක්ස් වල තියන ආරක්ෂාකාරී බව නිසා අපේ අවසරය නැතුව කිසිම මෘදුකාංගයකට ක්‍රියාත්මක වෙන්න බෑ. එක නිසා වයිරස් හැදුවට අපේ අවසරය නැතුව රන් කරන්න බැ, ඒවගේම ලිනක්ස් කියන්නේ විවෘත මුලාශ්‍ර මෙහෙයුම් පද්ධතියක්. එක නිසා අපිට ඕනේ විදිහට අපේ මෙයුම් පද්ධතිය වෙනස් කරගන්න පුළුවන් ඒ ගෙන දැනුමක් තියනවනම්. ඒ වගේම නිතර නිතරම අප්ඩේට් වෙන නිසා පරණ වෛරස් අලුත් වර්ෂන් වල දුවන්නේ නෑ. මේ වගේ හේතු නිසා ලිනක්ස් වලට ක්‍රමලේඛකයෝ වෛරස් ලියන්නේ නෑ.

2. 100% නොමිලේ

ලිනක්ස් කියන්නේ විවෘත මුලාශ්‍ර මෙහෙයුම් පද්ධතියක් නිසා මේක 100% නොමිලේ තමය ලැබෙන්නේ. අපි වින්ඩෝස් හා වින්ඩෝස් වලට අදාල මෘදුකාංග ගත්තොත්, මම හිතනේ සල්ලි දීල ගත්තොත් ඒ සල්ලි වලින් අපිට පරිගණකම 3 ක් විතර ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේක බෙදාහරින්න, වෙනස් කරන්න, වගේ දේවල් කිරීම නීති විරෝධී නෑ. එක නිසා අපිට වින්ඩෝස් වලදී වගේ crack, patch පාවිච්චි කර කර නිකන් වයිරස් පුරවගන්න ඕනේ නෑ. ඒ වගේමයි බොරුවට නීතිය කඩ කරන්න ඕනෙත් නෑ.

3. ලොකු ලොකු resources ඕන වෙන්නේ නෑ

ඒ කියන්නේ වින්ඩෝස් වලට වගේ ලොකු ලොකු පහසුකම් අවශ්‍ය වන්නේ නෑ. අඩු පසුකම් වල වුවත් භාවිතා කරන්න පුළුවන්.

ඉතින් ඇයි අපි හොරකම් කරපු වින්ඩෝස් භාවිතා කර කර හොරෙක් වෙන්නේ. Crack, patch දාගෙන බොරුවට වෛරස් පුරවන්නේ මෙච්චර පහසුකම් තියන නොමිලයේ ලබාදෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධති ඕනේ තරම් තියෙද්දී.

මට නම් තියන ප්‍රශ්නේ ඇයි අපි වින්ඩෝස් භාවිතා කරන්නේ නැතුව ලිනක්ස් භාවිතා කරන්නේ කියල නෙමේ, ඇයි අපි ලිනක්ස් භාවිතා කරන්නේ නැතුව වින්ඩෝස් භාවිතා කරන්නේ කියන එකය්.