Loading...
Windows 10 Home සහ Windows 10 Pro අතර වෙනස කුමක් ද?

Windows 10 Pro සහ Windows 10 Home කියලා Windows 10 වල versions තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇති. ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරමු මේ දෙකේ වෙනස මොකද්ද කියලා.

Feature Windows 10
Pro
Windows 10
Home
Windows start menu Yes Yes
Cortana Yes Yes
Windows Store Apps Yes Yes
Windows Ink Yes Yes
Windows Hello Yes Yes
Programs outside
the Windows Store
Yes Yes
Hyper-V Yes No
BitLocker Yes No
Microsoft Update for Business Yes No
Remote Desktop Yes No
Assigned Access Yes No

ඉහත chart එක බැලුවාම ඔයාලට පේනවා ඇති මෙතනදි ගොඩක් Windows 10 Pro වල තියෙන Features Windows 10 Home එකේ නැහැ. ඒ අතරින් වැදගත්ම වෙන්නේ Bit Locker, Cloud Sync, Hyper-V සහ Remote Desktop යන features හතර. ඉතින් මොනාද මේ features වලින් වෙන්නේ?

01. BitLocker

BitLocker කියන්නේ ඔයාගේ දෘඨ Hard Disk එකේ හෝ USB flash drive වල ඇති files ආරක්ෂා කරන මෙවලමක්.  ඔයාගේ පරිගණකයේ හෝ ලැප්ටොප් පරිගණකයේ පෞද්ගලික දත්ත තිබේ නම් මෙය විශේෂයෙන් ප්‍රයෝජනවත් වන්නේ මුරපදයක් මඟින් මෙම files වෙත ප්‍රවේශ විය හැක්කේ ඔබට පමණක් නිසාවෙනි.  ඔබේ පරිගණකය හෝ ලැප්ටොප් එකට TPM Chip එකක් අවශ්‍යයයි, මන්ද ඔයාගේ OS එක windows 10 pro උනත්  TPM නැතුව මෙම පහසුකම භාවිතා කරන්න බැහැ.

(TPM ගැන සහ ඒක enable කරන හැටි මෙතනින් දැනගන්න)

02. Cloud Sync

windows 10 pro හි වාසියක් නම් Cloud Servers හරහා Data Sync කිරීමට ඇති හැකියාවයි. මේමගින්, එක් පරිගණකයකින් ඔබට ලැප්ටොප් සහ පරිගණක කිහිපයක් එකවර Data Sync කළ හැකිය. එය ඉතා පහසු වන අතර කාලය ඉතිරි වේ. මෙම පහසුකම හේතුවෙන් බොහෝ දෙනා home version එකට වඩා Windows 10 pro version එකට වැඩි කැමැත්තක් දක්වයි.

03. Remote Desktop

ඔයාලා දන්නවා ඇති windows 10 වල remote desktop default app එකක් ලෙසම එනවා. ඒත් windows 10 home version එකේ මේ feature එක තිබුනත් ඒකෙන් අපිට අනිත් screen එක remotely ඕක control කරන්න බැහැ. බලන්න විතරයි පුලුවන්.

04. Hyper V

Windows වල බහු මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කිරීමට Hyper V මඟින් පුළුවන්. එනම් Windows run වෙනවාත් සමඟම තවත් os එකක් run කරන්න පුළුවන්. මේකෙදි හැම ක්‍රියාවලියක් ම සිදුවන්නේ අපේම device එකේ Virtual ලෙසය. ඒ කියන්නේ Hyper V මඟින් virtual hard drives, virtual switches වගේ virtual උපාංග රාශියක් ඔයාගේ virtual machine එක හා සම්බන්ධ කරන්න පුලුවන්. මේ පහසුකම අපිට බලාගන්න පුලුවන් වෙන්නේ windows 10 pro වල විතරයි.