Loading...
Samsung Galaxy ජංගම දුරකථන වල ඇති Android apps, Windows 10 වල launch කිරීමේ හැකියාව නුදුරේදීම

කාලයක ඉඳන්ම Microsoft ලා Windows PC එකේ අලුත්ම Your Phone app එකට handy සහ cool features add කරමින් හිටියා. ඉතින් තව දුරටත් මේ app එක phone එකේ notifications බලන්න, music control කරන්න විතරක් තියෙන app එකක් වෙන්නෙ නෑ මේක. මෑතකම add උන අලුත් feature එකට අනුව users ලට හැකියාව ලැබෙනවා කිසිම installation එකක අවශ්‍යතාවකින් තොරව තම Windows PC එක හරහා තමන්ගෙ smartphone එකේ android apps open කරගන්න.

Your Phone Apps experience කියල හඳුන්වන මේ feature එක දැනටමත් Windows insiders වල developer, beta සහ release preview channels වල roll out වෙනවා. මේකෙන් ඔයාට හැකියාව ලැබෙනවා ඔයාගෙ android phone එකේ apps ඔක්කොම දැකබලාගන්න, favorite apps pin කරන්න වගේම ඒ apps launch කරන්න. මේ app එකෙන් automatically ඔයාගෙ app usage එක අනුව ඔයාගෙ favorite apps update කරනවා.

මෙතනදී, ඔයා open කරන හැම app එකක් ම ඔයාගෙ Android phone එකේ mirror කරනව වගේම separate window එකක run වෙනවා. ඒ වගේම ඒ apps Your Phone app එකේ ඇතුලේ විතරක් නෙමේ, ඔයාගෙ PC එකේ Taskbar එකෙ ඒ apps ඕන ඒව pin කරලා access කරන්නත් පුලුවන්.

“You can conveniently pin your favorite mobile apps to your Taskbar or Start menu on your PC for quick and easy access - Microsoft”

ඉතින් මේ feature එක නියමයි නේද? නියමයි උනත් දැනට මේකෙ ලොකු limitation එකක් තියෙනවා ඒ තමා දැනට මේ feature එකට access තියෙන්නේ Samsung smartphones වලට විතරයි. ඒ compatible device list එක පහලින් බලාගන්න පුලුවන්.

  • Samsung Galaxy Note 9
  • Samsung Galaxy S9
  • Samsung Galaxy S9+
  • Samsung Galaxy Note10
  • Samsung Galaxy Note10+
  • Samsung Galaxy Note10 Lite
  • Samsung Galaxy Fold
  • Samsung Galaxy S10
  • Samsung Galaxy S10+
  • Samsung Galaxy S10 Lite
  • Samsung Galaxy S10e
  • Samsung Galaxy A8s
  • Samsung Galaxy A30s
  • Samsung Galaxy A31
  • Samsung Galaxy A40
  • Samsung Galaxy A41
  • Samsung Galaxy A50
  • Samsung Galaxy A50s
  • Samsung Galaxy A51
  • Samsung Galaxy A60
  • Samsung Galaxy A70
  • Samsung Galaxy A70s
  • Samsung Galaxy A71
  • Samsung Galaxy A71 5G
  • Samsung Galaxy A80
  • Samsung Galaxy A90s
  • Samsung Galaxy A90 5G
  • Samsung Galaxy S20
  • Samsung Galaxy S20+
  • Samsung Galaxy S20 Ultra
  • Samsung Galaxy Fold
  • Samsung Galaxy XCover Pro
  • Samsung Galaxy Z Flip
  • Samsung Galaxy Note 20
  • Samsung Galaxy Note 20 Ultra

දැනට නම් user කෙනෙක්ට access කරන්න පුලුවන් වෙන්නේ එක වතාවකට එක app එකක් විදිහටයි. ඒත් Microsoft ලා කියන විදිහට multiple usage එකත් තව මාස කීපයකින් release වේවි. ඒ වගේම අනිත් android smartphones වලටත් මේ feature එක ඉදිරියේදී ලැබෙනවා.

ඊට අමතරව apps වල තියෙන screen casting weaknesses නිසා windows PC එකේ සමහර apps හරියට run නිවෙන්න ඉඩ තියෙනව. ඒ වගේම keyboard, mouse වගේ input devices වලට හරියට compatible නොවෙන්නත් පුලුවන්. කෙසේවෙතත් මේ අලුත් feature එක නම් අගය කරන්නම ඕනෙ. මොකද මේක නිසා ගොඩක් වැඩ efficiently කරගන්න පුලුවන් වෙන නිසා.

Source : XDA Developers