Loading...
Samsung Galaxy A51 review

මම කලින් පොරොන්දු උනා වගේම ඔන්න අද Samsung Galaxy A51 Review එක ගෙන්න හිතුවා. ඒ ගැන හැමෝටම තියෙන ප්‍රශ්න සහා නොදන්න දේවල් මේ හරහා දැනගන්න ලැබෙයි ගොඩක් දුරට. මෙන්න මෙහෙම පටන් ගන්නම් Samsung ලා Mid Range කරලියෙන් බැස යන කාලෙක තමා එක පාරටම  Tae-moon Roh ගේ අලුත්ම ආකල්පයක් මත මේ 2014 දි පටන් ගත්ත A Series එක නැවත Relaunch වෙන්නෙ.

A Series එකේ වැඩියෙන්ම සාර්ථකත්වයක් ලබපු Device එක කියන්න පුලුවන් අපිට A50 Device එක. මේ සමගම Galaxy A50s Device එක පැමිනෙනවා Improvements කිහිපයක්ම සමග. එතනින් නොනැවතුන මේ A50 Series එකේ අලුත්ම සගයා තමා  A51 කියන්නේ ( A50 වලදි Indisplay Fingerprint හදුන්වා දුන්නා වගේ A51 වලදි Samsung ලා Macro Camera එකක් හදුන්වා දීලා තිබෙනවා )

Samung Mid Range Lineup එකට අනුව මේ Device එක බොහෝ දුරට  most highly anticipated budget handsets of the year වෙන්න තියෙන ඉඩ වැඩි. ඇත්තටම ඔබ A51 Device එක මිලදී ගතයුතුද ? ඔබගේ Day to Day Use වලට මෙය ගැලපෙයිද ? මේ කියන ප්‍රශ්න කිහිපයකටම ඔබටම පිලිතුරු සාදා ගන්න පුලුවන් වෙයි මේ Review එක හරහා.

Galaxy A51 Design

මුලින්ම Design එක ගැන කතා කරලා ඉන්න හිතුවා. අපිට බැලූ බැල්මටම කලින් පැමිනි A50 A50s අතරින් වෙන් වෙන්වම කැපිලා පෙනෙන දෙයක් තමා A51 එකේ අලුතෙන් පැමිනෙන Puch Hole Type Display එක. මේ Type එක නිසා Device එකට Flagship පෙනුමක් ලබාදීලා තිබෙනවා Bezels ගොඩක්ම අඩු වෙලා තිබෙනවා A50 Device එකත් එක්ක සැසඳුවොත්. හැබැයි මේකට Glass Back එකක් නම් නෙමේ එන්නෙ Glasstic Material Back එකක් තමා ලැබෙන්නෙ කොහොම උනත් පෙනුම නම් Glass Back එකකට ගොඩක්ම සමානකම් කියනවා. (මෙහි එන වාසිය තමා Repairing Cost එක ගොඩක් අඩු වීම මේ Polly Carbonate Plate එක Replace කිරිමේදි).

මේ Device එකේ Curves And Back Allows නිසා comfortable grip එකක් ලබා දෙනවා අපිට අතේ තියන් සිටින විට Device එක (මේ හරහා ලෙස්සිමක් හෝ අතෙහි රදා පැවතීමට කිසිම බාදාවක් ඇතිවෙන්නෙ නෑ) මෙහි කැපි පෙනෙන තවත් දෙයක් තමා L Shape Camera Setup එක. මේ හරහා Device එකට Futuristic Look එකක් ලබා දෙනවා. Crisscross pattern type එකට තමා මෙහි Camera Setup එක නිර්මානය වෙලා තිබෙන්නෙ. Samsung ආයතනයට සම්පූර්න credits දෙන්න වටිනවා.

මෙහි Back Side Design එකට ගොඩක්ම Clear look එකක් ලබා දෙන්න උත්සහා කරලා තිබෙනවා Gradient Finish එකත් Layers කිහිපයකටම Light Conditions අනුව වෙනස් වෙනවා. Buttons Placement ගැන නම් වැඩිය සදහන් කරන්න යන්නැ මොකද ගොඩක් අය ඒ ගැන දන්න නිසා Colors 4 කින් බලා ගන්න පුලුවන් අපිට මේ Device එක මේ අතරින් මගේ නම් ගොඩක්ම හිත ගියේ Prism Crush Black White Color එකටයි. කාන්තාවන්ට වෙනම Pink Color එකක් තිබෙනවා.

Galaxy A51 Display

Display එක ගැන කතා කරොත්, අපිට මෙන්න මේ ව්දිහට බලාගන්න පුලුවන් A51 Display එක 6.5-inch Infinity-O Super AMOLED Full HD+1080×2400 Pixel resolution and 20:9 aspect ratio. මුලින්ම කියන්න ඕන Galaxy A50’s 6.4-inch panel එකත් සමඟ බැලුවම 6.5" ලෙස Display Size එක පොඩි ප්‍රමානයකින් වැඩි වෙලා තිබෙනවා. Bazels ද කලින් සදහන් කරා වගේම අනිත් Device එකට වඩා අඩුවීමක් වෙලා තිබෙනවා.

Super AMOLED Full HD+ Panel එකෙන් සුපිරිම Display Experience එකක් ලබා ගන්න පුලුවන්. ඒ වෙනස අත්විදින්න නම් LCD Panel එකක් Use කරලා Samsung AMOLED Panel එකකට මාරු වෙන්නම ඕන. ඒ තරම් දැනෙන වෙනසක් Samsung ලගේ AMOLED Panels වල තිබෙනවා. Screen Protector එකක් Pre-installed කරලා එවලා තිබෙනවා මේ Device එක සමග. Viewing angles වලත් කිසිම ගැටලුවක් නැ. ඒ වගෙම මේ AMOLED Panels හරහා LCD Panels වලට වඩා Rich Colors වගේම Deep Black හොදින්ම බලා ගැනීමේ හැකියාව තිබෙනවා

U Notch එකද Puch Hole එකද ? හැමෝටම ගැටලුවක් වෙලා තිබුනා නමුත් අපි දැන් ඉන්නේ 2020 U Notch එකෙන් Move වෙන්න කාලේ හරි මට නම් Videos Games Play කරද්දි Punch Hole එක ඇසට බදාවක් නොවෙන තරම්. ඒ නිසා මම අනිවාරෙන් Recommend කරන්නෙ Puch Hole Type එකයි. ඒක ඔයාගේ පෞද්ගලික කැමත්ත මත වෙනස් වෙන්න පුලුවන්.

Indisplay Fingerprint Reader

හැමෝටම A50 වල ගැටලුවක් වෙලා තිබුන දෙයක් තමා මේක. නමුත් Updates වලින් සැලකියයුතු මට්ටමකට මෙය දියුනු කරලා තිබුනා. කොහොම උනත් A51 වල මීට වඩා දියුනු මට්ටමක තිබෙනවා FP එක. ඒ වගේම කලින් පැමිනි Device එකත් සමග බලද්දි පැහැදිලි Improvement එකක් තිබෙනවා. නමුත් කිසිම වෙලාවක High End Device වලට පැමිනෙන Ultra Sonic Finger Print Reader සමග Compare කරන්න යන්න එපා, මොකද ඒ තරම් දියුනු නැ මේ Sensor එක. නමුත් ඒක මේ Device එකේ හැටියට ඇති. Actually unlocking time එකත් සමග බැලුවොත්  1/1.5 second වගේ කාලයක් යන්නේ ඔබගේ ඇගිල්ල Sensor එකේ තියලා Device එක Unlock වෙන්න යන්න.

Galaxy A51 Software

වෙනදට කතා නොකරන Topic එකක් ගැන අද පොඩ්ඩක් කතා කරන්න හිතුවා. ඒ Software Side එක ගැන. Samsung ලා තමන්ගේ tradition එක වෙනස් කරලා තිබෙනවා A51 එකත් සමගම මොකද කිව්වොත් වෙනදට Galaxy S Line එකත් සමග අලුත්ම Android Version එක ලබාදුන්නත් මේ පාර S20 Series එක පැමිනීමටත් කලින් Samsung ලාගේ පලවෙනි device එක උනා A51 එක Android 10 out of the box දීපු.

ඒ වගේම ONE UI 2.0 Version එකත් මේ සමගම ලැබෙනවා. ම්ට අමතරව ඉදිරි අවුරුදු දෙක තුල එන Android Versions මේ Device එකට Support කරනවා කියලා සදහන් කර තියෙනවා Samsung ආයතනය විසින්. ONE UI 2.0 එක සමග අලුත්ම Features රැසක් ලබාදීලා තිබෙනවා A51 Device එකට Bixby Routings, Edge Panels, Apps Pairs,New Privacy And Locations Tools, Focus Mode, New Google Gesture Navigation Etc.. පොඩි අඩු පාඩුවකට දැක්කේ සමහර Device සමග ආපු Screen Recording Option එක සහා Slowmotion Selfie Mode එක මෙහිදි නොපැමිනීමයි.

System Side එකෙන් බැලුවොත් අපිට Night mode, Dual Messenger, Game Launcher, Secure Folder, Always On Display, Blue light filter, Link to Windows, Scan QR code Etc.. මේ වගේ ගොඩක් දේවල් ලබාදීලා තිබෙනවා.

Galaxy A51 Performance

Galaxy A51 Performance ගැන අනිවාරෙන් කතා කරන්න ඕන මොකද කිව්වොත් හැමෝටම වගේ ගැටලුවක් තිබුනා Exynos SOC එකකින් එන නිසා මේක අවුල්ද කියලා ? කිසිම අවුලක් නැ මගේ නම් මතය මොකද ක්ව්වොත් මම 2016 ඉදන් Samsung Exynos SOC Use කරලා තියෙනවා ඒ කිසිම Device එකකින් කාලයක් යනකොට Lag වීමක් වත් වෙන කිසිම අවුලක් වත් ඇවිත් නෑ. Normal Day To Day Usage වලදි කිසිම අවුලක් නැතුව Use කරන්න පුලුවන්. හැබැයි එහෙමයි කියලා Snapdragon SOC එකක් සමග සම කරන්න යන්නෑ. සමහර තැන් වලදි පිටු පසින් සිටියත් සමහර තැන්වලදි Snapdragon SOC සමග කරට කර තිබෙනවා මේ Mid Range Exynos SOC එක.

Exynos 9611 (10nm) SOC එකකින් තමා A51 Device එක බලගැන්වෙන්නෙ. A50s එකේදිත් මේ SOC එකම පැමිනියත් A50s එකට වඩා SOC එක Improvements රැසකින් තමා පැමිනිලා තිබෙන්නෙ A51 සමග. Performance ගැන කිසිම Doubt එකක් තියා ගන්න අවශ්‍ය වෙන්නෙ නැ. මෙහි පැමිනෙන Four 2.3 GHz Cortex-A73 Cores And 1.7 GHz Cortex-A53 Cores සමග ටිකක් High Process වෙන Games පවා කිසිම අවුලකින් තොරව Run කරන්න පුලුවන් (Pubg ගත්තොත් highest graphics settings යටතේ කිසිම Lag එකකින් තොරව Run කරන්න පුලුවන්). Mali-G72 MP3 GPU එකක් සමග පැමිනෙන A51 Device එක හරහා machine learning efficiency එහෙම හොද තත්වෙක තියෙනවා බලාගන්න පුලුවන්.

ඒ වගේම 16x anti-aliasing තිබෙන නිසා Gaming වලදි Smooth Graphics බලා ගැනීමේ හැකියාව ලබාදිලා තිබෙනවා. Based Storage සහා Ram Capacity ගැන කතා කරොත් අපිට මේ විදිහට බලා ගන්න පුලුවන් 64GB 4GB RAM, 128GB 4GB RAM, 128GB 6GB RAM.

Galaxy A51 Audio

Audio ගැනත් කතා කරලා ඉන්න හිතුවා මොකද Device එකක් ගද්දි වැදගත් වෙන එක දෙයක් තමා Audio Side එක කොහොම උනත් single bottom-firing speaker සමග තමා පැමිනෙන්නෙ. Audio Overall ගත්තොත් හොද මට්ටමක තිබෙනවා නමුත් අති සුපිරි කියලා කියන්න පුලුවන් මට්ටමක නම් නැ. මට නම් හිතෙන්නෙ Samsung ලා මේ Device එක තවත් හොදට Highlight කරලා පෙන්නන තිබුන චාන්ස් එකක් මග ඇර ගත්තා වගේ Audio Side එක තව ටිකක් හොදට දියුනු කරලා. කියන්න තරම් වරදක් නැති උනත් මීට වඩා දියුනු කරන්න තිබුනා කියන මතයේ මම ඉන්නවා. ඒ වගේම Dolby Atmos පහසු කම Wired Head Set වලට වගේම Buletooth Device වලටත් දීලා තිබෙනවා මේ Device එකෙන් මේ හරහා Audio Quality Improve වීමක් දැක ගන්න පුලුවන්.Call audio නම් හොඩ Loud Sound එකක් තිබෙනවා.

Galaxy A51 Battery Life

Battery එක ගැන ඇත්තටම සැහීමකට පත් වෙන්න පුලුවන් අපිට Normal Day To Day Ussage එකක් එක්ක දවසක් තියාගන්න පුලුවන් කියලා ගොඩක් Reviewers ලා දාලා තිබුනා 4000 mAh Battery එකක් සමගින් 15W Fast Charging පහසු කම දීලා තිබෙනවා මේ සමග. Hard User කෙනෙක් නෙමේ නම් අනිවාරෙන් දවස් එකහාමාරක් දෙකකට ආසන්න කාලයක් තියාගන්න පුලුවන් අවශ්‍ය වෙලාවට පමනක් Data Wifi On කරලා Use කරොත් ඒ වගේම Single Sim එකක් Use කරොත් මේ කිව්වා වගේ Battery Life එකක් ලබා ගන්න පුලුවන්.

Pros And Cons

ඕනෑම Device එකක් 100% Perfect නැ ඉතින් මේ හැම එකකම වගේ හොද හා නරක දෙපැත්තක් තිබෙනවා ඉතින් Honest රිවීව් එකක් කරන්න ඕන නිසා මේ Device එකේ තිබෙන හොඳ නරකත් මම දාන්න හිතුවා.

Pros -

  1. Solid build, Great finish
  2. Android 10 and One UI 2.0 pre-installed
  3. Excellent Infinity-O AMOLED display
  4. Improved primary and ultra-wide cameras
  5. 3.5mm headphone jack
  6. Can handle high-end games like PUBG well

Cons -

  1. Limited usability for the macro camera
  2. No increase in battery size or charging speeds over Galaxy A50
  3. Some One UI 2.0 features missing
  4. Speaker could have been better

ඉතින් ඔයාලා බලනවා ඇති Post එකේ Camera Part එක ගැන කිසිම කතාවක් කරලා නැති එක ගැන. ඒ ගැන සදහන් කරන්න ගියේ නැ මොකද තවත් Post එක දික් වෙන නිසා ඒ ගැන වෙනමම Post එකක් අරන් එන්නම් ලගදිම ඔයාලට. මේ Post එක ගැන මොකද හිතන්නෙ ඔයාලාගේ අදහස් User Experience වගේ දේවල් Comments Section එකේ පලකරන්න. A51 ගන්න ඉන්න අයව Mention කරන්න Post එක Share කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් අලුත් Review එකකින් හමුවෙන්නම් එතකන් අපිත් එක්ක රැඳී ඉන්න.