Loading...
Budget Smart Phone ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා, POCO M3 ගැන සිංහලෙන්

POCO කියන්නේ මේ වන විට ලංකාව තුල ඉතාම ජනප්‍රිය Smart Phone Brand එකක් විදිහට හදුන්වන්න පුළුවන්. Budget Smart Phone එකක් විදිහට හදුන්වා දුන්න POCO M3 Smart Phone එක පසුගිය නොවැම්බර් 24 වෙනි දින නිකුත් වුණ අතර මේ වන විට ලංකාව තුල අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන මේ Budget Smart Phone එක ගැන අපි අද කතා කරමු.

Review එකට මිතුරෙක් අපිට දුන්න එයාගේ device එක

POCO M3 Smart Phone එකේ මිලට අනුව Budget Smart Phone එකක් වෙන මේ Smart Phone එකේ කතා කල යුතුම ප්‍රධාන Key Features කිහිපයක් තිබෙනවා. ඒ Battery Capacity එක, Main Camera Setup එක, Chipset එක හා Display එකයි.

අමුතුම Design එකකින් යුතු මේ POCO M3 Smart Phone එක Plastic Back එකක් සහ Plastic Frame එකකින් යුතු වෙනවා. හැබැයි මේ Smart Phone එකට ලබා දිලා තියෙන Matte Leather Finish එක නිසා අපිට මේ Smart Phone එක Plastic Build Smart Phone එකක් කියල නොදැනෙන තරම් කියන්න පුළුවන්.

ඒ වගේම මේ Smart Phone එකේ තියෙන වෙනස්ම Design එකකින් යුතු Main Camera Setup එක මගින් අමුතුම පෙනුමක් මේ Smart Phone එකට දෙන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ Price Range එකට ගන්න පුළුවන් හොදම Build Quality එක වගේම හොදම Design එක තියෙන Smart Phone එක විදිහට මේ POCO M3 Smart Phone එක හදුන්වා දෙන්න පුළුවන්.

Display

මේ Smart Phone එකට Dot Drop display එකකින් යුතු 90.34%ක Screen to Body Ratio එකක් තියෙන අගල් 6.53ක FHD+ IPS LCD Screen එකක් ලබා දිලා තියෙනවා. 19.5:9 Slender Aspect Ratio එක වගේම 2340×1080 කියන FHD+ Resolution එකෙන් යුතු 395ppi අගයකින් මේ Display එක සමන්විත වෙනවා.

මේ Screen එකට TÜV Rheinland® Low Blue Light Certification එක වගේම Widevine L1 certification එකත් හම්බෙලා තියෙනවා. මේ‌‌ Widevine L1 certification එක නිසා අපිට Online Stream HD වලින් නැරඹීමේ හැකියාව මේ Budget Device එක මගින් ලැබෙනවා. ඒ වගේම Corning® Gorilla® Glass 3 Protection එකත් මේ Display එකට තියෙනවා.

Battery

මේ POCO M3 Smart Phone එකට 6000mAh පමණ ලොකු Battery Capacity එකකින් යුතු Ultra-high Capacity Battery එකක් ලබා දි තිබෙනවා. ඔවුන් සදහන් කරන ආකාරයට මේ Battery එක වාර 1,000කට වඩා Charge කල හැකි අතර ඒ අනුව අවුරැදු 2.5 පමණ මේ Battery එක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. 18W Fast Charging Technology එකට මේ POCO M3 Smart Phone එක Support කරනවා.

Camera Setup

48MP AI Triple Camera Setup එකකින් යුතු මේ Smart Phone එකේ 48MP f/1.79 Main Camera එකත්, 2MP f/2.4 Macro හා Depth Cameras බලාගන්න පුළුවන්. Selfie Camera Setup එක සදහා f/2.05ක 8MP Front Cameraවක් ලබා දි තිබෙනවා.

Main Camera Photography features විදිහට Document mode, Night mode, AI scene detection, Google Lens, AI Beautify, Portrait mode, Movie‌‌frame, Portrait mode background blur adjustment,‌‌Panorama, Raw කියන Modes ලබා දි තිබෙනවා. Main Camera Video features විදිහට Time-lapse, Short video, Slow motion video (120fps), වගේම 30fps 1080p හා 720p Video Resolutionවලින් Video Recording කිරිමේ හැකියාව තිබෙනවා. Budget Device එකක් විදිහට මේ POCO M3 Device එකේ Camera Setup එක ඉතාමත් ඉදිරියෙන් සිටිනවා.

Processor

මේ POCO M3 Device එක Qualcomm® Snapdragon™ 662 කියන 11nm Processor එකෙන් බලගැන්වෙනවා. මේ Processor එක Octa core High Performance Processor එකක් වෙන අතර මෙහි පවතින 3rd Generation AI Engine එක මගින් මේ Device එකෙන් ඉතා හොද  AI Computing Performance එකක් ලබා ගන්න පුළුවන්.

මේ Smart Phone එක සදහා 4GB LPDDR4X Ram එකක් හා 64GB හෝ 128GB USF 2.2 Internal Storage එකක් ලබා දි තිබෙනවා. ඒ වගේම MicroSD card එකක් මගින් 512GB දක්වා Storage එක වැඩි කර ගැනිමේ හැකියාවත් පවතිනවා. මේ සදහා භාවිත කරල තියෙන LPDDR4X Ram එක Multiple apps හා Games Run කිරිම සදහා UFS 2.2 Storage එකත් සමග එකතුව faster read speed එකක් හා better performance එකක් ලබා දි Apps Open විම සදහා ගත වෙන කාලය අඩු කරනවා.

Operating System එක වෙන්නේ Android 10 මත පදනම් වු MIUI 12 හා Poco Launcher එකයි.

198g ක බරින් යුතු වෙන මේ POCO M3 Device එකේ තියෙන Matte Leather Finish එක නිසා අපේ Fingerprint සටහන් විම සිදු වෙන්නේ නැ. ඒ වගේම මේ Smart Phone එකට ලබා දිලා තියෙන Hi-Res Audio certified එකෙන් යුතු Dual speakers Setup එක හින්දා අපිට Budget Device එකකට එහා ගියපු Audio Experience එකක් ගන්න පුළුවන් වෙනවා. හොද Grip එකක් සහිතව Side Mounted Fast‌‌ Unlocking Fingerprint Sensor එකක් ලබා දි තිබෙනවා. ඒ වගේම 3.5mm Headphone Jack එක හා IR Blaster එකත් ලබා දි තිබෙනවා.

POCO M3 Dual Sim Smart Phone එක අපිට Poco Yellow, Cool Blue හා Power Black කියන colors තුනෙන් මිලදි ගන්න හැකියාව තියෙනවා. මේ වන විට  POCO M3 Smart Phone එක ලංකාව තුල රැ. 28,999 සිට ඉහලට මිලදි ගන්න පුළුවන් වෙනවා. POCO M3 ජංගම දුරකතනය මිලදී ගත හැකි Xiaomi බලයලත් වෙලඳසැල් වල ලැයිස්තුව සඳහා මෙතැනින් පිවීසීමෙන් ඔබට වඩාත් විශ්වාසනීය සහතික කරන ලද වගකීමක් සහිතව මෙම ජංගම දුරකතනය මිලදී ගත හැකිය.