Loading...
අන්තර්ජාලය තුල "වැඩ පෙන්නන" අයට හම්බෙන The Webby සම්මානය

The Webby Awards කියන්නේ අන්තර්ජාලය තුල පෙන්වන විශිෂ්ටත්වයට ගෞරව කරන ප්‍රමුඛතම ජාත්‍යන්තර සම්මාන උළෙලයි. අන්තර්ජාලය සමග සිටින අයෙකුට ලබාගත හැකි උසස්ම සම්මානය හැටියටයි Webby සම්මානය හඳුන්වන්නේ.

මෙය සංවිධානය කරන්නේ 1996 දී පිහිටුවන ලද “ඩිජිටල් කලාකෘති සඳහා වන අන්තර්ජාතික ඇකඩමිය (IADAS)” විසින්. ඇකඩමියේ සිටින 2000කට අධික සාමාජිකයන්ගේ ඡන්දයෙන් මෙම සම්මාන පිරිනැමීම සිදු කරනවා.

  1. Websites
  2. Video
  3. Advertising, Media & PR
  4. Social
  5. Apps, Mobile & Voice
  6. Games
  7. Podcasts

යන අංශවලින් සම්මාන පිරිනැමීම සිදු කරන අතර අන්තර්ජාලය තුල කරන ලද විශේෂ දේවල් සම්බන්ධයෙන් Special Achievement සම්මාන කීපයක්ද වාර්ෂිකව පිරිනමනවා.

මෙම සම්මාන උළෙලේ හැම අංශයකටම සම්මාන වර්ග දෙකක් පිරිනැමීම සිදු කරනවා.  ඒ තමයි The Webby Award සහ The Webby People’s Voice Award. The Webby Award සම්මානය සඳහා ජයග්‍රහකයා තෝරන්නේ ඇකඩමියේ සාමාජිකයන් විසින් වන අතර The Webby People’s Voice Award සඳහා ජයග්‍රහකයා තෝරන්නේ මිලියන ගණනක් වූ අන්තර්ජාල පරිශීලකයන් ලබා දෙන ඡන්දයෙන්.

පළමු වරට Webby සම්මාන උළෙලක් සංවිධානය වුනේ 1996දී. මෙවර එය පැවැත්වුණේ 24 වැනි වතාවටයි. ඒ 2020 මැයි 19 වෙනිදායි. මෙවර මෙම සම්මාන උළෙල සඳහා රටවල් 70කින් 13,000කට ආසන්න ගණනක් නිර්දේශ වී තිබුණා.   මේ ලිපියෙන් මෙවර Special Achievement සම්මාන දිනාගත් අය ගැන විස්තරයක් කියන්නම්. ප්‍රධාන category හතේ විස්තර ඊලග ලිපි වලින් ගේන්නම්.

1. Miley Cyrus -  COVID 19 නිසා මානසික පීඩනයකින් සිටින තම රසික ජනතාවගේ  මානසික මට්ටම හොඳින් තැබීමට පටන් ගත්තු Instagram ලයිව් ෂෝ එකක් වුණ Bright Minded: Live with Miley වෙනුවෙන් Miley Cyrus ට Webby Special Achievement සම්මානයක් හිමි වුණා.

2. Google Classroom - COVID 19 නිසා අසරණ වුණ  ලෝකය පුරා සිටින ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉමහත් සේවයක් සිදුකරන  platform එකක් හැටියට කරන කාර්යභාරය වෙනුවෙන් google classroom එකට Webby Special Achievement සම්මානයක් හිමි වුණා.

3. Nextstrain - COVID 19 ව්‍යාප්තිය track කරන්න Trevor Bedford  ඇතුළු Nextstrain.org හදපු open-source, collaborative web tool  එකටත්  මෙවර Webby Special Achievement සම්මානයක් හිමි වුණා.

4. Black Fairy Godmother - COVID 19 පවතින කාලයේ වර්ණ භේදය නිසා අසාධාරණයට ලක්වුණ කාන්තාවන් වෙනුවෙන් අන්තර්ජාලය තුල හඬක් නැගීම සඳහා Simone Gordon විසින් ආරම්භ කරන ලද  The Black Fairy Godmother  කන්සෙප්ට් එක සඳහා මෙවර Webby Special Achievement සම්මානයක් හිමි වුණා.

5. Invisible Hands - COVID 19 පවතින කාලයේ දැඩි ලෙස පීඩාවට පත්වුණ   නිව්යෝර්ක් නගරයේ ජනතාව වෙනුවෙන් සඳහා  ස්වේච්ඡා සේවයක් ලෙස ආරම්භ වුන  Invisible Hands  delivery system එක සඳහා මෙවර Webby Special Achievement සම්මානයක් හිමි වුණා.

6. Shopping Angels - COVID 19 පවතින කාලයේ දැඩි ලෙස පීඩාවට පත්වුණ ජනතාව වෙනුවෙන් සඳහා ස්වේච්ඡා සේවයක් ලෙස Jayde Powell විසින් ආරම්භ  කරන ලද  Shopping Angels delivery system එක සඳහාත් මෙවර Webby Special Achievement සම්මානයක් හිමි වුණා.

7. Swab Squad - Thomas Jefferson University Hospital හි සේවය කරන වෛද්‍යවරුන් හා හෙද හෙදියන් විසින් තම රෝගීන් ඇතුළු සියලු ජනතාවගේ සතුට පවත්වාගෙන යාම සඳහා ආරම්භ කරන ලද  විවිධ නර්තන විලාශයන් සහිත Swab Squad සඳහාත් මෙවර Webby Special Achievement සම්මානයක් හිමි වුණා.

8. Dr. Tatiana Prowell, MD - COVID 19  රෝගී වුණ අය සඳහා අවශ්‍ය රුධිරය  ලබා ගැනීම සඳහා රුධිර දායකයන් හා රෝගී පවුල් සම්බන්ධ කරමින් Twitter හි සිදුකළ සක්‍රීය දායකත්වය නිසා Dr. Tatiana Prowell හට මෙවර Webby Special Achievement සම්මානයක් හිමි වුණා.

9. Some Good News with John Krasinski - COVID 19 නිසා මානසික පීඩනයකින් සිටින තම රසික ජනතාවගේ  මානසික මට්ටම හොඳින් තැබීමට පටන් ගත්තු  Some Good News with John Krasinski වෙනුවෙන් John Krasinski ට Webby Special Achievement සම්මානයක් හිමි වුණා.

10. Kristen Bell - COVID 19 පවතින කාලයේ පීඩාවට පත්වුණ ළමුන්ගේ මානසික මට්ටම ඉහළ නැංවීමට සිදුකළ #KidsTogether: The Nickelodeon Town Hall  වැඩසටහන වෙනුවෙන් Kristen Bell ටද මෙවර Webby Special Achievement සම්මානයක් හිමි වුණා.

11. Massimo Bottura - තම ගෙදර සිට සාදන කෑම සහිත වීඩියෝ සමග  Instagram live shows කරමින් නිවෙස් වල සිරවී මානසික පීඩාවට පත්වී සිටි මිනිසුන්ව කෑම සෑදීම සඳහා ධෛර්යමත් කිරීමට ගත් උත්සාහය වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ සූපවේදී  Massimo Bottura ටද මෙවර Webby Special Achievement සම්මානයක් හිමි වුණා.

12. Avi Schiffmann - COVID 19 ව්‍යාප්තිය track කරන්න  Avi Schiffmann හදපු ncov2019.live නිර්මාණයට Webby Special Achievement - Person of the Year සම්මානය හිමි වුණා.

13. National Geographic - Webby සම්මාන සිදු සිදු කරන ප්‍රධාන අංශ හතෙන්ම දැක්වූ ඉහළ ජයග්‍රහණ හේතුවෙන්  National Geographic චැනල් එකට  Webby Special Achievement - Media Company of the Year සම්මානය හිමි වුණා.

14. McCann Worldgroup - මෙවර Webby සම්මාන උළෙලේ වැඩිම සම්මාන ගණනක් හිමිකරගත් ජාලය වුණේ McCann Worldgroup ආයතනයයි. එය යටතේ ඇති ඒජන්සි 18 ක්  විසින් සම්මාන 38 ක්  ජයග්‍රහණය කිරිම සම්මාන උළෙලේ සුවිශේෂී අවස්ථාවක් වුණා.  මේ නිසාම මෙවර Webby Special Achievement - Network of the Year සම්මානය  හිමිවුණේ McCann Worldgroup ආයතනයටයි.

15. BBDO NY - මේ වසරේ සියලූම අංශවලින් හොඳම ඒජන්සිය ලෙස සුවිශේෂී හැකියාවන් පෙන්වූ BBDO NY ට මෙවර Webby Special Achievement - Agency of the Year සම්මානය හිමි වුණා.

16. m ss ng p eces -  Webby සම්මාන උළෙලට අලුතෙන්ම හඳුන්වා දුන් සම්මානය වන Webby Special Achievement - Production Company of the Year සම්මානය දිනාගත්තේ m ss ng p eces ආයතනයයි. සියලු අංශවලින් දැක්වූ සුවිශේෂී හැකියාවන් වෙනුවෙන් මේ සම්මානය ඔවුන්ට ලබාගැනීමට හැකි වුණා.

17. D-Nice - COVID 19 පවතින කාලයේ #ClubQuarantine නමින් Home School එකක් ආරම්භ කිරීම, Instagram එකේ free DJ live sessions සිදු කරමින් මිනිස්සුන්ගේ  මානසික මට්ටම් උසස් කිරීමට ගත් ප්‍රයත්නය වෙනුවෙන් D-Nice ට  මෙවර Webby Special Achievement - Artist of the Year සම්මානය හිමි වුණා.

18. The Daily - COVID 19 වසංගතය ආරම්භ වීමේ සිට මේ දක්වා  සිදුකරන ලද සුවිශේෂී  මාධ්‍ය ආවරණය වෙනුවෙන් The Daily podcast එකට මෙවර Webby Special Achievement - Voice of the Year සම්මානය හිමි වුණා.

19. Houseparty - COVID 19 වසංගත සමයේ ජනතාවට තම පවුලේ සාමාජිකයන් සහ යහළුවන්  සමග විනෝදයෙන් සංවාද පැවැත්වීම සඳහා සකස් කළ video conferencing platform   එකක් වුණ Houseparty හට මෙවර Webby Special Achievement - Breakout of the Year සම්මානය හිමි වුණා.

20. Swizz Beatz and Timbaland - COVID 19 වසංගත සමයේ ජනතාවට විනෝදාස්වාදයක් ලබා දීමේ අරමුණෙන්   ආරම්භ කරපු Verzuz battles නම් Instagram Live session  එක වෙනුවෙන් Swizz Beatz and Timbaland හට මෙවර Webby Special Achievement - Crush The Internet Award සම්මානය හිමි වුණා.

ප්‍රධාන කැටගරි හත වෙනුවෙන් ලබාගත් සම්මාන ගැන ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න.