Loading...
Charger එකක් Nothing වුණු Nothing Phone (2)

මුල ඉදන්ම Transparentness එකට ලොකු අවධානයක් දෙන Brand එකක් තමයි මේ Nothing කියල කියන්නේ. Transparent Back එකක් තියෙන ගිය අවුරුද්දෙ Release උන Nothing Phone (1) ගැන ඔයාලටත් මතක ඇති. ඒත් ඒ Smartphone එක නම් අපේ රටේ එච්චර ප්‍රසිද්ධ උනේ නෑ. අනෙක් mid-range phones වල මිලට සාපේක්ෂව Phone (1) හි මිල ඒකට හේතු වෙන්න ඇති. කොහොම උනත් මේ Phone (2) හි මිල පටන් ගන්නෙත් $599 න් කියල මුලින්ම කියන්න ඕනි.

ටික ටික තමන්ටම Unique වෙන Phone (2) එකේ Design එක

Nothing ලගේ පලමු දුරකතනය Phone (1) Apple ලගෙ Design එක ඉලක්ක කරගෙන නිර්මාණය කරල තිබ්බත් දැන් ටිකෙන් ටික ඒකෙන් ඈත් වෙන්න මේ Nothing ලා උත්සාහ කරනව කියල තමයි පේන්න තියෙන්න. Phone (2) හි Transparent Back එක Curved Glass වලින් නිර්මණය කරල තියෙනවා. ඒ transparentness එකෙන් පේන Glyph Interface එක Nothing ලටම අනන්‍ය වුණු එකක් කිව්වොත් නිවැරදියි. Phone (1) එකේ Glyph Interface එකේ තිබ්බ LED Panel එක Phone (2) එකට design කරද්දි ඒක ටිකක් වෙනස් කරන්නත් මෙයාල අමතක කරල නැහැ.

Source: 91mobiles.com

මේ Glyph Interface එකේ එක Glyph Light එකක් Charge කරද්දි Charging Level Indicator එකක් විදියට ක්‍රියා කරන අතර මෙවර කොටස් 6කට බෙදා ඇති මධ්‍යම Glyph Lights Wireless Charging කරද්දි Charging Pad එක වටේ Highlight වෙන විදියට ක්‍රියා කරනවා. Cam එක වටේ තියෙන Glyph Light එක මේ පාර කොටස් 2ක් ලෙස තියෙන බවත් ඔබ දකින්න ඇති. එමෙන්ම Notification එනකොට, Phone එක Ring වෙනකොට Ringtone එකේ විදිහට, නැත්නම් Vibrate pattern එකේ විදිහට වැඩකරනවා. ඒ වගේම ඔබට යම් යෙදුමකින් හෝ පුද්ගලයෙකුගෙන් දැනුම්දීමක් ලැබුණු විට ආලෝකයක් දැල්වීම එනම් මෙම Glyph Lights Customize කරගනීමෙ හැකියාවත් මේ Phone (2) හි අඩංගු වෙනවා.

මේ phone (2) එක White වගේම Grey Colour Variant වලින් නිපදවෙනවා. Phone (2) ප්‍රමාණයෙන් Phone (1) එකට වඩා තරමක් විශාලයි. මේ හැරුණම අනිත් designs බොහෝමයක් Phone (1) එකට සමානයි කිව්වොත් නිවැරදියී.

Display එක

Source: www.stuff.tv

මෙය අඟල් 6.7 120Hz OLED තිරයක් වන අතර, බැටරි ආයු කාලය ඉතිරි කර ගැනීම සඳහා rate එක 1Hz දක්වා අඩු කිරීමට හැකියාව LTPO තාක්ෂණය මගින් ලබා දීල තියෙනවා. උපරිම Brightness ප්‍රමාණය nits 1600 ලබා ගත හැකි අතර රාමුව තුළ උපරිම දර්ශන ප්‍රමාණය සඳහා පැතලි පුවරුවේ පිටත තරමක් තුනී Bezels එකක් අඩංගුව තියෙනවා.

Chipset එක

Chipset for the Nothing Phone (2) confirmed - HardwareZone.com.sg
Source: www.hardwarezone.com.sg

Nothing Phone (2) device එක බලගන්වන Qualcomm Snapdragon 8+ Gen 1 Chipset එක ගැන සම්පූර්ණ විස්තරයක් අප මීට පෙර ගෙනාවා ඔබට මතක ඇති. ඒක කියෙව්වෙ නත්නම් දැන්මම ඒක කියවල එන්න. දුරකතනයේ මිල පහළ මට්ටමක තබා ගැනීමට ඇත්ත වශයෙන් මෙම 8+ Gen 1 චිප්සෙට් එක ඉතාමත් යෝග්‍යයි කියන්න පුලුවන්.

Camera එක

Nothing Phone 2 review: superlative sequel | Stuff
Source: www.stuff.tv

Nothing Phone 1 හි මෙන්, මෙහිද Dual Camera Setup එකක් තියෙනවා. Main Sensor එක ලෙසින් 50MP f/1.88 Sony IMX890 Sensor එක යොදා ඇති අතර, Image Stable කිරීම සඳහා OIS තාක්ෂණය යොදා ගෙන තිබෙනවා.

අනෙක් Senor එක 50MP f/2.2 Samsung JN1 වන අතර, මෙය Wide Shot සඳහා (අංශක 114 දර්ශන ක්ෂේත්‍රයක් සහිත) මෙන්ම Macro Shot සඳහා භාවිතා වනවා.

Nothing Phone 1 හා සසඳන විට, Moving Subjects නිරීක්ෂණය කිරීමට සහ ඒවා නිවැරදිව Focus කර ගැනීම සඳහා AI භාවිතා කරන Motion Capture 2.0 වැනි Smart Tuning Effects සමඟින් කැමරා මෘදුකාංගය යාවත්කාලීන කොට තිබෙනවා. Panorama, Night mode, Expert Mode සමඟින් Telephotos සඳහා 2X Super-Res Zoom වැනි සියලුම ආකාරයේ විශේෂාංග ඇතුළත් කරලා තියෙනවා.

Selfie Cam එක ලෙසින් Nothing 1හි තිබූ 16MP Sensor එක වෙනුවට 32MP f/2.45 Sensor එකක් යොදා ගෙන තිබෙනවා. එමඟින් 60fps 4K දක්වා වූ Quality එකකින් Videos Record කරගන්න පුළුවන්.

Charger එකක් එන්නෙ නැති කතාව?

Source: www.digitaltrends.com

ඔව්, Phone (2) එකටත් Phone (1) එකට වගේම Charging Adapter එකක් හම්බවෙන්නෙ නෑ. පොඩි Transparent ගතියක් තීන, USB Type C Cable එකක් තමා Phone එකේ Box එකත් එක්ක ලැබෙන්නෙ.

Battery Life

Charging Adapter එකක් ලැබුනෙ නැතත් Battery Life සහ Charging අතින් නම් මේ Phone (2) එක Advanced Level එකේ ඉන්නවා. Phone (2) එක 4700mAh Standard Battery එකකින් යුක්ත වන අතර එය 45W Fast Charging වලට සහය දක්වනු ලබනවා, මෙය සම්පූර්ණයෙන්ම Charge කරාම සාමාන්‍යයෙන් පැය 16ත් 18ත් අතර කාලයක් සාමන්‍ය Apps පාවිච්චි කරල ක්‍රියාත්මක කරවන්න පුලුවන්. හැබයි ඒක Run කරවන software එක අනුව වෙනස් වෙනවා. Gaming වලදි නම් Battery එක ඉක්මනින් Drain වෙනවා. 45W Fast Charging යටතේ මොනිත්තු 25 සිට 30 දක්වා කාලයකදී 50% Charge වෙනවා.