Loading...
අලුත් Xiaomi පවුලේ සාමාජිකයා POCO F2 Pro (Quick Review)

හැමෝම Xiaomi ලාගෙ POCOPHONE එක ගැන දන්නව ඇති කියල මම හිතනවා. දැං මේ කියන්න යන්නේ POCO F2 Pro නැත්නම් POCOPHONE එකේ අලුත්ම version එක ගැන. ඉතින් මේක මෙයාලා අද තමයි announce කලේ. ඔයාලට මේක මැයි 19න් පස්සෙ ගන්න පුළුවන් කියලා නිශ්පාදකයින් කියනවා.

Poco F2 Pro කියන්නෙ අලුත් නමකින් එන Xiaomi K30 Pro එකද?
Xiaomi සමාගමේ spin off brand එකක් වන Poco යටතේ දෙවෙනි වතාවටත් flagship deviceඑකක් නිකුත් වෙලා තියෙනව. මේ device එක හඳුන්වන්නෙ Poco F2 Pro කියන නමින්. Pocoයටතේ පලවෙනි වතාවට Pocophone F1 2018 වසරේ දි නිකුත් කරාට පස්සෙ තුන්වෙනි device එකවිදිහටයි Poco F2 Pro device එක අද දිනයේ දී release වෙන්නෙ. 202…

මේක 5G තාක්ෂණයෙන් බලගැන්වෙන ෆෝන් එකක් වගේම මේක ඔයාලට සිම් දෙකක් එකවර පාවිච්චි කරන්න පුළුවන්. මේකෙ ඉස්සරහ පස්ස දෙකටම මේගොල්ලො පාවිච්චි කරල තියෙන්නෙ Gorilla glass 5 කියන glass එක. ඒ වගේම මේකෙ බොඩි එක aluminum වලින් තමයි ඩිසයින් කරල තියෙන්නෙ. මේ ඔක්කොම එකතු වෙලත් මේ ෆෝන් එක 218g විතරයි බර වෙන්නේ.

Display

මේකෙ ඩිස්ප්ලේ එක විදියට මෙයාලා අඟල් 6.67 (107.4cm²) ක Super AMOLED capacitive touchscreen එකක් තමයි පාවිච්චි කරල තියෙන්නෙ. මේ ඩිස්ප්ලේ එකේ HDR10+ support කරනවා. මේක Gorilla glass 5 වලින් හදපු Corning display එකක්. 1080×2400ක pixel density එකක් මේ display එකේ තියනවා.

Platform

මේ ෆෝන් එක අපිට Android 10 වල බේස් උනු MIUI11 OS එක එක්ක තමයි හම්බවෙන්නේ. මේකට Xiaomiලා Chipset එක විදියට Snapdragon 865 එකත් GPU එක විදියට Adreno 650 එකත් පාවිච්චි කරලා තියනවා.

Memory

මේ ෆෝන් එක අපිට 128GB internal memory එකත් එක්ක 6GB RAM එකක් තියන විදිහටත් නැත්නම් 256GB internal memory එකත් එක්ක 8GB RAM එකක් තියන විදිහටත් මිලදීගන්න පුලුවන්. මේ memory එක UFS 3.1 කියන technology එකෙන් තියන නිසා ෆෝන් එක ගොඩක් fast වෙයි. කොහොම උනත් මේ දෙකෙන් එකකවත් ඔයාලට Memory card එකක් දාන්න නම් බෑ.

Main camera

මේ ෆෝන් එකට මෙයාලා කැමරා හතරක (Quadcamera system) එකක් තමයි අරන් තියෙන්නේ. 64MP F/1.9 Wide කැමරා එකක් , 5MP F/2.2 Telephoto Macro කැමරා එකක් , 13MP F/2.4 Ultrawide කැමරා එකක් සහ 2MP F/2.4 Depth සෙන්සර් එකක් එක්ක අපිට මේකෙ බලාගන්න පුළුවන්. 8K resolution වලදී 24fps වලිනුත් 4K resolution වලදී 60fps වලිනුත් අපිට මේකෙ වීඩියෝ රෙකෝඩ් කිරීමේ හැකියාව තියනවා. Dual LED Dualtone flasher එකක් අපිට මේ ෆෝන් එකෙන් බලාගන්න පුළුවන්.

Selfie camera

මේකෙ තියෙන්නේ මෝටරයක් භාවිතයෙන් ඉහලට එසවෙන (Motorized Pop-up) කැමරා එකක්. මේකට මෙයාලා මේකට 20MP F/3.4 Wide කැමරා එකක් තමයි අරන් තියෙන්නේ.

3.5mm හෙඩ්ෆෝන් ජැක් එක තියන හෙඩ්ෆෝන් පාවිච්චි කරන අයට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ හෙඩ්ෆෝන් මේකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. ඔව් මේකෙ 3.5mm හෙඩ්ෆෝන් ජැක් එකක් තියනවා. මෙයාලා කියන විදිහට ඒක 24-bit/192kHz සපෝට් කරනවා.

Battery

අපිට මේ ෆෝන් එකේ 4700mAh non removable බැටරි එකක් බලාගන්න පුළුවන්. ගොඩක් හොඳ බැටරි ලයිෆ් එකක් තියේවි. POCOPHONE F2 Pro එක 33W fast charging එක්ක තමයි එන්නේ. මෙයාලා ඒකට කියන්නේ Quick Charge 4+ කියලා. මේ නිසා මේක 0 ඉඳන් 100ට චාජ් කරගන්න ඔයාට යන්නෙ විනාඩි 63ක කාලයක් විතරයි. කොහොම උනත් මේකෙ wireless chargingනම් අපිට බලාගන්න හම්බවෙන්නේ නෑ.

මේකෙ අපිට in display fingerprint එකක් එක්ක අනිත් ෆෝන් වල වගේම gyro, accelerometer, proximity,compass, barometer වගේ සෙන්සර්ස් බලාගන්න පුළුවන්. ඊට අමතරව Bluetooth 5.1 එක්ක NFC, Infrared port එකක් සහ FM radio පහසුකම අපිට හම්බවෙනවා

මේ ෆෝන් එක ඔයාලට Neon Blue, Phantom White, Electric Purple, Cyber Gray කියන පාට හතරෙන් ගන්න පුළුවන්. මේකෙ මිල අපිට 6GB/128GB එක € 499($540)ක මුදලකටත් 8GB/256GB එක €599($650) ක මුදලකටත් ලබාගන්න පුළුවන්.