Loading...
Poco F2 Pro කියන්නෙ අලුත් නමකින් එන Xiaomi K30 Pro එකද?

Xiaomi සමාගමේ spin off brand එකක් වන Poco යටතේ දෙවෙනි වතාවටත් flagship device එකක් නිකුත් වෙලා තියෙනව. මේ device එක හඳුන්වන්නෙ Poco F2 Pro කියන නමින්. Poco යටතේ පලවෙනි වතාවට Pocophone F1 2018 වසරේ දි නිකුත් කරාට පස්සෙ තුන්වෙනි device එක විදිහටයි Poco F2 Pro device එක අද දිනයේ දී release වෙන්නෙ.

2020 මුල දී Xiaomi සමාගම විසින් independent sub brand එකක් විදිහට Poco සමාගම වෙන් කරනවා. ඒ වගේම Poco brand එක යටතේ 120Hz ක display එකක් සහිත ඇමෙරිකානු  ඩොලර් 180 ක මිලක් යටතේ Poco X2 device එක launch කරනව.

F2 Pro එක පටන් ගන්න මිල විදිහට සඳහන් වෙන්නෙ යුරෝ 499ක් (අමෙරිකානු ඩොලර් 541 ක්) විදිහටයි. Notchless full HD display, Pop up front camera වගේ features මේ device එකේ ඇතුලත් වෙනවා. සමස්ථයක් විදිහට මේ device එක specifications බහුතරයක් අරන් තියෙන්නෙ Poco වල ඥාති සහෝදරයෙක් වෙන Xiaomi K30 Pro කියන device එකෙන් වීම විශේෂත්වයක්.

මේ device එකේ specification මේ විදිහටයි දැක්වෙන්නෙ.

  • Display: 6.67-inch Full HD+ screen
  • Processor: Qualcomm Snapdragon 865
  • RAM:6GB/8GB
  • Rear camera: 64-megapixel main sensor + 13-megapixel wide-angle sensor + 2-megapixel depth sensor + 5-megapixel tele macro sensor
  • Front camera: 20-megapixel
  • Internal storage: 128GB/256GB UFS 3.1(ඒ කියන්නෙ කලින් storage generation එකට වඩා දෙගුණයකින් මේ device එකේ read/write operations වේගවත් වෙනව.)
  • Battery:4,700 mAh with 30W fast charging support
  • Software:Android 10

ඉතින් අවසාන වශයෙන් ගත්තම මේ device එකේ 6GB + 128GB කියන version එක යුරෝ 499 (ඇ.ඩො. 541) කට මිල වෙලා තියෙනව වගේම 8GB + 256GB කියන version එක යුරෝ 599 (ඇ.ඩො. 650 ) කට මිල වෙලා තියෙනව.