Loading...
ඔබගේ පරිගණකයට Microsoft Windows 11 සංස්කරණය ස්ථාපනය කරගන්නේ මේ ආකාරයට​යි

මේ වන විට Windows 11 සංස්කරණය නිල වශයෙන් Download කර ගැනිම සදහා නිකුත් කර තිබෙන බව ඔයාලා මේ වන විටත් දන්නවා. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ කොහොමද Original විදියට Windows 11 Download කරගෙන Install කරගන්නේ කියල.

Windows 11 Download කිරීම සදහා ක්‍රම හතරක් මේ වන විට Microsoft ආයතනය විසින් නිල වශයෙන් ලබා දී තිබෙනවා. එම ක්‍රම හතර පහත ආකාරයෙන් වෙනවා.

01. Windows Update

මෙය ලැබෙනුයේ Windows 11 සංස්කරණය සුදුසුකම් සපුරා ඇති පරිගණක වෙතයි. මෙය Windows Settings වල ඇති Windows Update වලට ගොස් පරීක්ෂා කිරීමේදි එහිදී අපට ලබාගත හැකිවේ.

02. Windows 11 Installation Assistant

මෙය Windows 10 තිබෙන පරිගණකයකට පහසුවෙන්ම Windows 11 කිසිම වෙහෙසකින් තොරව Install  කරගැනීමට Microsoft සමාගම විසින්ම ලබා ඇති Tool එකක් වෙනවා. මේ මගින් දැනට තිබෙන කිසිදු Software එකකට හෝ දත්තයන්ට හානියක් සිදු නොවී Windows 11 Install කරගැනීමට හැකියාව ලබාදේ.

03. Create Windows 11 Installation Media

මෙය⁣⁣ Windows 11 Reinstall කිරීමට හෝ Clean install කිරීමට අවශ්‍ය ISO image සහ Bootable DVD හෝ USB එකක් සාදා ගැනීමට හැකියාව දෙන tool එකක්. මේ මගින් ඔබගේ පරිගණකයට ගැලපෙන ආකාරයේ ISO image එකක් Download කරගැනීමට හැකියාව ලැබෙනවා. මේ සදහා Windows 11 License එකක් හෝ Windows 11 සදහා සපුරාලිය යුතු සුදුසුකම් ද සපුරා තිබීම අනිවාර්ය වෙනවා.

04.  Download Windows 11 Disk Image (ISO)

මේ මගින් අපට අවශ්‍ය Windows 11 ISO image එක කැමති language එකකින් සෘජුවම Download කිරීමේ අවස්ථාව ලැබෙනවා. කිසිම අමතර Tool එකක් Download වීමක් සිදු නොවන අතර Bootable Software එකක් මගින් මෙය නැවත Pen හෝ DVD එකකට Bootable කරගත යුතු වේ.

අවසාන වශයෙන් ඔබට මෙතනින් Windows 11 ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක් !