Loading...
Windows 10 - 2004 (May 2020) update සමඟ එන අලුත්ම features: ඒත් දැන්ම update කරන්න එපා

මේ අවුරුද්දේ පළවෙනි Windows feature update එක දැන් release වෙලයි තියෙන්නේ. Version 2004 (2020.04) කියල නම් කරලා තියෙන මේ update එක full OS update එකක් (කලින් ver. 1909 එක cumulative update එකක්, full එකක් නෙමෙයි) හින්දම වගේ සමහර devices වලට මේක නිසා ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා.

කලින් version එක තරම් අලුත් features ගණනක් නැති එකේ, මේකේ update notification එක ඔයාට දැනටමත් ඇවිල්ලා නම්, PC එක හැමදාම පාවිච්චි කරනවා නම්, තව ටිකක් ඉවසන එක තමයි හොඳ. මොකද ලැබෙන feedbacks අනුව තවමත් Microsoft එක errors, fix කරමින් ඉන්නේ. Devices බිලියනයකට ගැලපෙන්න හදන්නත් එපැයි.

අලුත් විශේෂාංග

  • Cortana දැන් app එකක් - Google Assistant වගේ අලුත් Cortana app එකත් දැන් email, calendar events වගේ "රාජකාරි" වැඩ වලට සම්බන්ධ දේවල් මූලික කරගෙන redesign කරලා තියෙනවා. ඒ වගේම web search හා settings control ද chat/voice මගින් කරගන්න පුළුවන්.
  • Windows Subsystem for Linux 2 - දැන් කාලෙක පටන් Windows වලම Linux Distributions install කරන්න පුළුවන්. ඒ ගැනත්, මේ අලුත් version එක ගැනත් පහළ ලිපි වලින් බලන්න.
Virtual Environment මුකුත් නැතුව, කෙළින්ම Windows PC එකක Linux වැඩ කරවමු
මේක ටිකක් පරණ කතාවක් නිසා ගොඩක් අය මේ ගැන දැණුවත් ඇති. එත්, නොදන්න පිරිසවෙනුවෙන් Windows Subsystem for Linux[https://docs.microsoft.com/en-us/windows/wsl/about] ගැන කියලා දෙන්න තීරණය කළා. අපේ ගොඩක් අය තමන්ගෙ පරිගණක වල පාවිච්චි කරන්නෙ Windows නෙ. ඒ පුරුද්ද ලේසියෙන්අතහැරගන්නත් අමාරුයි. ඒත්, සමහර අ…
Windows Subsystem for Linux Version 2 වලට Upgrade වෙමු
අපි මීට කලින් ලිපියක සාකච්ඡා කළා Windows Subsystem for Linux (WSL) කියන්නෙමොකක්ද කියන එක සහ ඒකෙ උපකාරයෙන් ඔයාගෙ Windows 10 සිස්ටම් එක ඇතුළෙම Linux basedOS එකක් ඉන්ස්ටෝල් කරගන්නෙ කොහොමද කියන එක. මොකක්ද මේ WSL2WSL තාක්ෂණය බොහොම ඉක්මනින් ජනප්‍රිය වුණා. බොහෝ දෙනා තමන්ගෙ පරිගණක වල WSLතාක්ෂණයේ උදව්වෙ…
  • Notepad අලුත් වෙයි - Finding, Text-wrapping features අලුත් කරලා තියෙන අතරම අලුත් Encoding format එකකු එකතු කරලා තියෙනවා.
  • වේගවත් File Searching - File Explorer එකෙන් කරන Search එකත් දැන්  Start එකෙන් කරන Windows Search එකෙන්ම බලගැන්වෙන හින්ද type කරන විටම results පෙන්වන්න පුළුවන්. ඒ වගේම search එක නිසා performance අඩු වෙන එකටත් පිළියම් කරලා තියෙන්නේ.
  • Sandbox සහ Virtual Desktop අලුත් වෙයි - කලින්  version එකේදී හඳුන්වාදුන්න Windows Sandbox එකේ  vGPU, Network access වගේ settings හදන්නත්, Virtual Desktops rename කරන්නත් දැන්  පුළුවන් .
  • GPU temperature එක Task Manager එකෙන් - ඒ වගේම Disk type එකත් පෙන්වනවා.
  • Password තහනම් කරන්න - Microsoft account එකකින් තියෙනවා නම්, Log in screen එකේදී password අහන එක disable කරලා Biometrics හෝ PIN එක මගින් විතරක් login වෙන්න පුළුවන්.

ඒ වගේම,

  • අලුත් Optional Features screen එකක්
  • Windows Update භාවිතා කරන bandwidth එක control කරන්න
  • Reset කරද්දී අලුත් Windows image එකක් Microsoft එකෙන්ම download කරන්න
  • Program/App එක අනුව data usage බලන්න
  • අලුත් Accessibility settings

වගේ තවත් features රැසක් නිකුත් වෙලා තියෙනවා .  

Version 2004 කියන්නේ full system update එකක් හින්දා ගොඩක් වැඩි දියුණු කිරීම් system level එකෙන් කරලා තියෙන්නේ. ඒ හින්දම තමයි සමහර devices වලට hardware ප්‍රශ්න ඇවිල්ලත් තියෙන්නේ.

ඔයාගේ PC එකට අවුරුද්දකින් වගේ version update එකක් කරලා නැතිනම් ඇරෙන්න මේ update එක auto install වෙන්නේ නෑ.

ඒ හින්දා උඩ list එකේ තිබුණු features නැතිව PC එක පාවිච්චි කරන්න පුළුවන් නිසාත් (මෙතෙක් කල් පාවිච්චි කළ නිසාත්) අවදානමක් ගන්න ඕනේ නැතිනම් මේ මාසය ඉවර වෙනකන් වත් update එක නොකර ඉන්න එක හොඳ බව බොහෝ දෙනෙක් ගේ මතයයි.

(Image Source: Neowin.com)