Loading...
Nearby Share පහසුකම හරහා Android apps දුරකතන අතර හුවමාරු කර ගැනීමේ පහසුකම ලබා දීමට Google සමාගම කටයුතු කරයි

ඔබට මතක ඇති පසුගිය වසරේදි Google සමාගම විසින් AirDrop වලට සමාන Android Feature එකක් වෙන Nearby Share පහසුකම හදුන්වා දුන්නා. ඒ සමග Nearby Share තුලින් Files හුවමාරු කර ගැනිමේ පහසුකම ලබා දි තිබුණා. ඒ වගේම පසුගිය දෙසැම්බර් මාසයේදි Google සමාගමේ නිල Blog අඩවිය විසින් Nearby Share තුලින් App Share කිරිමේ හැකියාව ද ලබා දෙන්න බලාපොරොත්තුවෙන් සිටින බවට Blog සටහනක් පල කර තිබුණා.

ඒ අනුව පෙර තිබු Files Share කිරිමේ පහසුකමට අමතරව App Share කිරිමේ පහසුකම ඔවුන් දක්වා තිබුණ ආකාරයටම මේ වන විට Android Smart Phone සදහා (Android 6 - Marshmallow සිට ඉහල OS සහිත) ලබා දි තිබෙනවා. මේ නව App Sharing පහසුකමත් සමග ඔබ Smart Phone එකට Playstore මගින් ස්ථාපනය කර ඇති ඕනැම App එකක් Share කිරිමේ හැකියාව ලැබෙනවා.

Play Store > My Apps & Games > Share

මේ සදහා ඔබ Play Store App එකට ගොස් එහි My Apps & Games හි ඇති Share Tab එක වෙත පිවිසිය යුතු වෙනවා. ඉන් ඔබට App එකක් Share කිරිමට අවශ්‍ය නම් Send Button එකද App එකක් ලබා ගැනිමට අවශ්‍ය නම් Received Button එකද තොරා ගැනිම තුලින් App Share කිරිම හෝ ලබා ගැනිමට සිදු කල හැකි වෙනවා.

Source : Gizmochina, Google Blog