Loading...
iOS 18 සමඟින් iPhone වෙත හඳුන්වා දුන් Messages via satellite

මීට කලින් ඔයාලට මතක ඇති iPhone 14 ත් සමග Emergency SOS සේවාව Satellite හරහා ලබාදීමට Apple ආයතනය කටයුතු කරනු ලැබුවා. මෙම වසරේදී එයට තවත් අපූරු ලෙස වැඩි දියුණු කිරීමට Apple ආයතනය කටයුතු කරල තියනවා කියල පසුගියදා පැවති WWDC එකේදී අපිට බලාගන්න පුලුවන් උනා.

ඒ Massage via Satellite සේවාව හදුන්වා දෙමින්. මෙමගින් ඕනෑම තැනක සිට පහසුවෙන්ම satellite සමග සම්බන්ධ වී SMS සහ iMessage යැවීමට පහසුකම් සපයනු ලබනවා. එයට කිසිදු Mobile සබදතාවක් හෝ අන්තර්ජාලය සබදතාවකින් තොරව Satellite හරහා සම්බන්ධ වී අදාල පණිවිඩය යැවීමට හැකියාව ඇත.

මෙහි ආරක්ෂාව තහවුරු කිරීමක් වශයෙන් iMessage හරහා end-to-end encryption භාවිතා කරමින් සුරක්ෂිතව ලබන්නාට පණිවිඩය හුවමාරු කරගත හැකි ලෙස මෙය දියුණු කර තිබෙනවා.

මෙම සේවාව නව iOS 18 හරහා ඔබට භාවිතා කීරීමට හැකි අතර, එය දැනට iPhone 14 හෝ ඊට පසු දුරකථන සදහා ලැබෙනු ඇත. එමෙන්ම තවමත් ඔබට මෙම සේවාව දැනට ලබාගත හැක්කේ United States හිදී පමණි.

කෙසේ නමුත් මෙය භාවිතා කර හැකි ආකාරය හෝ මෙහි සීමාවන් තවමත් Apple ආයතනය විසින් නිල වශයෙන් එලිදක්වා නොමැත.