Loading...
ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත iPhones සඳහා USB Type-C Ports යොදා ගැනීමට සිදුවන බවට තොරතුරු පළවේ

බොහෝ නිෂ්පාදනවලින් ක්‍රමයෙන් USB Micro Ports ඉවත් කර USB Type C ලබා දුන් අතර USB Type C හා Apple Lightning යනු වර්තමානයේ Smart Phoneවල භාවිත වෙන ප්‍රධානතම Port වර්ග දෙක ලෙස හදුන්වා දෙන්න පුළුවන්. මෑතකදී Apple සමාගම විසින් සිය iPad Series එකේ Main Port එකත් USB Type C වෙත මාරු කරන්න කටයුතු කර තිබෙනවා. නමුත් මෑතකදී European Union එක විසින් සියලුම Smart Devices සඳහා පොදු USB Port එකක් යොදන ලෙස යෝජනා කරනු ලැබුවා.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හා පාරිභෝගිකයන්ට සිදුවෙන අපහසුතාවන්ට එරෙහි වැදගත් පියවරක් ලෙස කරන ලද එම යෝජනාවෙහි ඉලෙක්ට්‍රොනික උපාංග වල ගුණාත්මක ප්‍රමිතිය හා පාරිභෝගිකයන්ට සිදු වෙන අපහසුතා අවම කිරිමට USB Type C ports අත්‍යාවශ්‍ය බව සඳහන් කෙරෙනවා. එයට සියලුම Smartphone (Apple iPhones ද ඇතුළුව), Tablet, කැමරා, Headphone, Portable Speakers සහ Video Gaming Consoles ආදිය ඇතුළත් වෙනවා.

මෙම යෝජනාව සම්මත වුවහොත් Apple සමාගම අතිශය බලපෑමට ලක් වෙන සමාගමක් විය හැකි වෙනවා. European Union එකේ බලපෑම හේතුවෙන් Apple සමාගමට ඉදිරියේදී iPhones USB Type C port එක සමගින් වෙළෙඳපොළට නිකුත් කිරිමට සිදු වෙනු ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම මේ සදහා Apple සමාගමට ඇති හොඳම විසඳුම ලෙස දැක්වෙන්නේ USB Type C සමඟ ඔවුන්ගේ මීලග iPhone Series එක යුරෝපයේ අලෙවි කිරීම ආරම්භ කිරිමයි. කෙසේ වෙතත්, Apple වැනි ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා සමාගමකට පවා එය මිල අධික කාර්යයක් වනු ඇත.

එහෙත් තවත් විදියකින් බැලූ විට දිගු කාලයක සිට iPhone මඟින් Charging Port එක ඉවත් කිරීමට සැලසුම් කර සිටින Apple සමාගමට මෙය ඒ සඳහා සුදුසුම අවස්ථාව ද විය හැකි වෙනවා. මෙම යෝජනාව Wired charger සඳහා අදාළ වන හෙයින්, Apple සමාගම විසින් අනාගතයේ දී ports රහිත එනම් Wireless iPhone නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කරනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ සියල්ල මේ මොහොත වෙන විටත් යෝජනාවක් පමණක් බව සටහන් කිරීම වැදගත්. මේ යෝජනාව නීතියක් බවට පත් වීමට නම් යුරෝපා පාර්ලිමේන්තුව සහ කවුන්සිලය එය සම්මත කළ යුතු වෙන අතර දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව ඇඟවෙන්නේ මෙම යෝජනාව ඉදිරියේ දී සම්මත වී ඉතා ඉක්මනින් බලාත්මක වනු ඇති බවයි.  

යෝජනාවේ අනෙකුත් විශේෂාංග අතරට එකඟ වූ වේගවත් ආරෝපණ තාක්‍ෂණය හා පෙට්ටියෙන් චාජර් ඉවත් කිරිම ද මෙහිදී සඳහන් කළ යුතු වෙනවා. එනම් ඒ අනුව චාජරයේ charging performance පිළිබඳ නිවරදි දත්ත පාරිභෝගිකයාට සැපයිය යුතු අතර ජංගම දුරකථන සමග නව චාජර් එකක් ලබා නොදීමට ද මේ සමග නිෂ්පාදකයාට උපදෙස් දෙනු ලබනවා. යුරෝපා සංගමය විශ්වාස කරන ආකාරයට මෙම පියවර මඟින් මිලදී ගනු ලබනව නව ආරෝපණ ප්‍රමාණය සීමා කිරීමට සහ වසරකට ඩොලර් මිලියන 250 ක් ඉතිරි කර ගැනීමට හැකි වෙනු ඇත.

Source - Beebom