Loading...
ChatGPT වෙත “Please” සහ “Thank you” කීම OpenAI හි මිලියන ගණනක වියදමක්!

ඔබ බොහෝ දෙනෙකු ChatGPT භාවිත කරන විට “Please” හෝ “Thank you” ලෙසින් සඳහන් කරන බව නිසකයි. ඔබේ මේ ආචාරශීලී බව නිසා OpenAI සමාගමට මිලියන ගණනක වියදමක් වෙනවා කියලා ඔබ දන්නවාද?

පසුගිය දිනක X පරිශීලකයෙක් ඇසූ සරල ප්‍රශ්නයකින් මේ තොරතුරු හෙළි වු අතර ඔහු විසින් “ChatGPT වෙත ‘Please’ සහ ‘Thank you’ කියන එක OpenAI හි විදුලි වියදමට කොච්චර බලපානවාද?” යන ලෙසින් විමසා තිබුණා. OpenAI සමාගමේ CEO වන Sam Altman මහතා විසින් මෙයට පිළිතුරු දෙමින් විහිලුවක ආකාරයෙන් සඳහන් කර සිටියේ “එය මිලියන ගණනක ඩොලර් වියදමක්” බවයි.

කෙසේ වෙතත් ChatGPT වැනි AI chatbot එකකට ඔබ ලියන සෑම වචනයක්ම “token” එකක් විදිහට සැලකෙන අතර “Please, Thank You” වගේ වචන එකතු කරනකොට, ඒවාත් token බවට පත් වෙලා, OpenAI හි Servers සඳහා වැඩි Processing Power එකක් අවශ්‍ය වන අතර ඒ සඳහා වැඩි විදුලි බලය අවශ්‍ය වනවා. X හි පළවුණු සමීක්ෂණයකට අනුව, ChatGPT භාවිතා කරන 70%ක පරිශීලකයන් ආචාරශීලී බවින් Please, Thank You වැනි වචන සමඟින් එය භාවිත කරන අතර එය OpenAI සමාගමට ලොකු වියදමක් වනවා.

මෙලෙස ආචාරශීලී බව වියදම් වැඩි කළත්, එය AI එක මගින් පිළිතුරු ලබා දෙන ආකාරයටත් බලපානවා. Microsoft Copilot හි නිර්මාණකරණ කණ්ඩායමේ අධ්‍යක්ෂ Kurt Beavers පවසන ආකාරයට, “ආචාරශීලී භාෂාව භාවිතා කිරීමෙන් AI හි පිළිතුරුවල තානය (tone) තීරණය වෙනවා. ඔබ ආචාරශීලී නම්, AI එකත් ආචාරශීලීව පිළිතුරු දෙනවා. නමුත් ඒත් මෙය මිල අධිකයි.

එමෙන්ම මේ, ආචාරශීලී බව යම් තාක්ෂණික බලපෑමක් ඇති කළත්, එය අනවශ්‍ය මිනිස් සම්බන්ධතාවයක් (anthropomorphism) ලෙස දක්වන්න පුළුවන්. AI එකකට ඔබේ “Thank You” කිරිමෙන් කිසිදු හැඟීමක් නොදැනෙන අතර එම අමතර වචනය process කරන්න එයට අමතර විදුලි බලය අවශ්‍ය වන අතර මිලියන ගණනක පරිශීලකයන් සමඟ මෙය එම සමාගම්වලට විශාල මූල්‍යමය බරක් වෙනවා.

කෙසේ වෙතත් ChatGPT වෙත ඔබ “Please” සහ “Thank you” කියන එක OpenAI හි මිලියන ගණනක විදුලි වැයවීමක් වන නමුත් එයින් AI ඔස්සේ ලබා දෙන පිළිතුරු ලස්සන වෙනවා.

Source: techcrunch.com www.techinasia.com