Loading...
මෙම වසරේ අගෝස්තුවේ සිට YouTube Go සේවාව නවතා දැමීමට Google සමාගම සූදානම් ​වේ

පසුගිය දිනකදී Google සමාගම විසින් නිවේදනය කරනු ලැබුවේ මේ වසර අගෝස්තු මාසයේ සිට Youtube Go නවතා දැමීමට තිරණය කර ඇති බවයි. ඒ අනුව අගෝස්තු මාසයට පසුව Youtube Go භාවිත කළ නොහැකි වෙන අතර Youtube App එක හෝ Youtube.com වෙත පිවිසිමට Youtube Go App එක භාවිත කළ පරිශීලකයන්ට සිදු වෙනවා.

Youtube Go කියනනේ Google සමාගම විසින් 2016 වසරේදි Low End Smart Phones සදහා Google සමාගම විසින් හදුන්වා දුන් Youtube App එකේම Edition එකක් වෙන අතර මේ මගින් අන්තර්ජාල සම්බන්ධතාවල ගැටලු පවතින ස්ථානයවලදී අඩු අන්තර්ජාල වේගයක් ඔස්සේ Youtube සදහා ප්‍රවේශ විමේ හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් මේ වෙන විට Youtube App එකත් මෙම තත්වයන්වලදී ද ක්‍රියාත්මක වෙන අයුරින් Google සමාගම වැඩි දියුණු කර ඇති අතර මේ App එකද මේ වෙන විට කිසිදු ගැටලුවකින් තොරව Entry Level Smart Phones හා අන්තර්ජාල සම්බන්දතාවතල ගැටලු පවතින ප්‍රදේශයන්හිදීත් ක්‍රියාත්මක වෙනවා.

මෙලෙස Youtube Go App එක අගෝස්තු මාසයේ සිට ඉවත් වෙන නිසා ඔබ Youtube Go App එක භාවිත කරන අයෙක් නම් එතැන් සිට Youtube සදහා ප්‍රවිශ්ඨ විමට Youtube App හෝ Youtube.com වෙබ් අඩවිය භාවිත කළ යුතු වෙනවා.

Source : Google