Loading...
දෝෂයක් හේතුවෙන් ලොව පුරා YouTube පරිශීලකයන් විශාල ප්‍රමාණයකට භාවිතාවේ ගැටළු මතු වේ

අද උදැසන වන විට ලොව පුරා YouTube හා YouTube Tv සේවාවන් අකර්මණ්‍ය වි ඇති බවට වාර්තා වුණා. ඒ වගේම YouTube සමාගමේ නිල Twitter ගිණුමක් මගින් ද මේ ගැටලුව පිළිබඳව තහවුරැ කර තිබෙන අතර මේ වන විට එම ගැටලුව නිවරදි කල බවටත් ඔවුන් Twitter පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත්  මේ ගැටලුව සදහා හේතු පිළිබඳව සදහන් කර නොමැති වෙනවා.

මේ පිළිබඳව ප්‍රථමයෙන් නයිජීරියාව හා ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වු අතර මේ වන විට ලොවපුරා රටවල් රාශියකින් YouTube හා YouTube Tv සේවා බිද වැටි ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මේ ගැටලුව Mobile Appවලට වගේම YouTube Website එකටත් බලපා ඇති බව දැක්වෙනවා.

DownDetector වෙබ් අඩවිය දක්වන්නේ මුල් පැය ඇතුලත සේවාවන් බිද වැටි ඇති බවට පැමිණිලි 280,000 පමණ ලැබි ඇති බවයි. ඒ වගේම ලැබි ඇති පැමිණෙනවලින් වැඩි ප්‍රමාණය YouTube Video නැරඹිමට නොහැකි බවයි.

මේ වන විට මේ ගැටළුව නිරාකරණය කර ඇත.

Sources : The verge, Gizmochina, DownDetector