මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වෙන Apple සමාගමේ Vision Pro AR/VR Headset එක පිළිබඳ අප මීට පෙරත් ඔබ වෙත තොරතුරු ගෙන එනු ලැබුවා. ඒ ඔස්සේ උපැස් යුවලයන් ද පළදින අයට පවා මෙය භාවිත කළ හැකි අයුරින් මේ සඳහා වෙනම කාච සවි කිරිමේ හැකියාවත් තිබෙන බව එහිදි සඳහන් කරනු ලැබුවා.

Bloomberg හි වාර්තා කරැවෙකු වන Mark Gurman විසින් සඳහන් කර සිටින්නේ මෙලෙස සවි කිරීමට ඇති කාචයන්හි මිල ඩොලර් 300 සිට ඩොලර් 600 අතර විය හැකි බවයි.
I would guess that the Zeiss prescription lenses for the Vision Pro will be at least $300-600 a pair, unless Apple is eating part of the cost given the already high price of the headset itself.
— Mark Gurman (@markgurman) June 6, 2023
කෙසේ වෙතත් ඩොලර් 3,500ක් පමණ මිලකට මේ Vision Pro Headset එක මිලට ගන්නා අයෙකුට ඔහුට අවශ්‍ය කාච සඳහා ද මෙවැනි මුදලක් ගෙවිම සාමාන්‍ය දෙයක් වනු ඇත.
ඒ වගේම Zeiss සමාගම විසින් දැනටමත් VR Headset සඳහා Add On lenses (කාචයන්) නිපදවා තිබෙන බැවින් මොවුන් ඉදිරි දින කිහිපය ඇතුළතම මේ Apple Vision Pro Headset එක සඳහාත් කාචයන් හඳුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. එහි මිල ගණනුත් බොහෝ විට ඉහත සඳහන් කර පරිදි වෙනු ඇති තව දුරටත් දක්වන්න පුලුවන්.
Source: gsmarena.com