Loading...
3.5mm Headphone Port එක සමඟින් එන ASUS Zenfone 12 Ultra

ASUS සමාගම විසින් ඔවුන්ගේ නවතම Zenfone 12 Ultra එළඹෙන සතියේදී එළිදැක්වීමට සුදානමින් සිටින අතර මේ වන විට ඔවුන් විසින් මේ Smartphone එක ගැන නව Teaser Video Clip එකක් ද එළිදක්වා තිබෙනවා.

මේ අනුව නව Zenfone 12 Ultra Smartphone එක Ultra-thin Bezels සහ Center Punch-hole Selfie Camera එකකින් සමන්විත වනු ඇති බව දැක ගන්න පුලුවන්. ඒ වගේම මෙය Asus සමාගමේ Gaming Phone එකක් ලෙසින් නිකුත් වනු ඇති බවත් බලාපොරොත්තු වන්න පුලුවන්.

ඒ වගේම මේ Teaser Video Clip එකේ එක් විශේෂ දෙයක් අපිට දැක ගන්න පුලුවන්. ඒ වර්තමාන Smartphones සමඟින් භාවිත කිරීමට නොහැකි වී තිබෙන 3.5mm Headphone එකක් සමඟින් ගීත අසන පුද්ගලයෙක්. ඒ අනුව බොහෝ විට මේ Smartphone එත සඳහා 3.5mm Headphone Port එකක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

ඒ වගේම ඔවුන් සඳහන් කරන ආකාරයට මෙය “Full AI Experience” ලබා ගත හැකි Smartphone එකක් ද වනවා.


Zenfone 12 Ultra Smartphone එකේ Specification මේ ආකාරයේ වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

මෙය විශේෂයෙන්ම Gaming සඳහා නිර්මාණය කර ඇති ප්‍රබල Smartphone එකක් වනු ඇති අතරම Gaming සඳහාම වු AI featuresවලින් ද සමන්විත වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්. අගල් 6.78ක LTPO AMOLED Display එකක් සහ IP68 මට්ටමේ දූවිලි සහ ජල ප්‍රතිරෝධී බවක් ඇති අතර, Snapdragon 8 Elite Processor සහ Android 15 මගින් බලගැන්වෙනවා. 512GB Storage සහ 16GB RAM අන්තර්ගත වන අතර, 50MP + 32MP + 13MP Triple Camera Setup එකක්ද, 5,800mAh බැටරි එකක්ද අන්තර්ගත කර ඇත.

Source: www.gsmarena.com www.androidauthority.com