Loading...
5G කුළුණු 2,000ක් ඔස්සේ ශ්‍රී ලංකාවටම 5G ආවරණ​ය ලබා දීමට සුදානම්

ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකාව තුළ සේවා සපයන දුරකථන සමාගම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මේ වන විටත් 5G ජාලය වාණිජමය වශයෙන් දියත් කිරීමට කටයුතු කරමින් සිටින බව අප සැම දන්නා කරුණක්.

5G ජාලය 2023දී ශ්‍රී ලංකාව තුල වානිජමය වශයෙන් දියත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව TRCSL විසින් දැනුම් ​දේ
පසුගිය දශක කිහිපය තුළදී අප සියල්ලන්ම තාක්ෂණික වශයෙන් වැදගත් සංධිස්ථාන කීපයක්ම පසුකරා කියන්න පුලුවන්. ඒ ගැන කතාකරන කොට අපිට අපේ Internet Connection එකේ speed එක සඳහා විශාල ලෙස බලපෑම් කරන තාක්‍ෂණයන් වුණු 1G, 2G 3G, 4G, 4G LTE වගේ ඒ ඒ කාලයේදී නිතරම අහන්න දකින්න ලැබුණු දේවල්, නැත්නම් යුග (Generations) අමතක කරන්නම බැහැ. ඔය අතරින් දැනට ලෝකයේ ප්‍රචලිතව තියෙන්නේ 4G LTE, එහෙමත් නැත්නම් 4G තාක්‍ෂණය තවත් දියණු කර නිර්මාණය කෙරුණු 4G වල Long Term Evolution version එක. ඊට පස්සේ ආපු 5G තාක්ෂණය 4G වලට වඩා ගොඩා

ඒ අනුව මේ වන විටත් Dialog සමාගම විසින් ඔවුන්ගේ පාරිභෝගිකයින් ලක්ෂ 02කට අධික පිරිසක් ඔවුන්ගේ 5G Trail Network එක භාවිත කිරිමේ අවස්ථාව ලබා දී තිබෙනවා. SLT-MOBITEL සමාගමත් මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයකම තම 5G Trail Network එක ව්‍යාප්ත කර තිබෙනවා. එමෙන්ම Hutch සමාගමත් 1.8Gbps පමණ වේගයකින් යුතු ඔවුන්ගේ 5G Trail Network එක හඳුන්වා දී දැනටමත් අවසන්. ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trail Network එක ලෙස 1.9Gbps පමණ වේගයකින් යුතු Airtel 5G Trail Network එක හඳුන්වා දීමටත් කටයුතු කරනු ලැබුවා.

Dialog 5G පරිශිලකයින් ප්‍රමාණය ලක්ෂ 02 පසු කරයි
පසුගිය දිනක Dialog සමාගම විසින් නිවේදනය කර සිටියේ මේ වන විට ඔවුන්ගේ 5G Trail Network එක ශ්‍රී ලාංකිකයින් 200000කට අදික සංඛ්‍යාවක් භාවිත කර ඇති බවයි.
මසකට 10GB නොමිලේ ලබා දෙමි​න් SLTMOBITEL විසින් ත​ම 5G Trail ජාලය පුළුල් කරයි
ඔබට මතක ඇති පසුගිය වසරේදි SLT-MOBITEL සමාගම විසින් Pre Commercial ආකාරයට 5G සේවාව ලබා දීමට සුදානමින් සිටින බවට අපි ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා. මේ වෙන විට SLT-MOBITEL සමාගම විසින් ඔවුන්ගේ Mobile පාරිභෝගිකයන් සදහා SLT-MOBITEL 5G Trial Network එක හදුන්වා දීමට කටයුතු කර තිබෙනවා. මේ සමග ඔවුන් විසින් මෙම 5G අධිවේගි අන්තර්ජාල පහසුකම භාවිත කිරිම සදහා මසකට 10GB බැගින් නොමිලයේ Data ලබා දිමටත් කටයුතු කරමින් සිටිනවා. SLT-MOBITEL Expands the 5G Trial Network! Enjoy out of the world speeds with your
Hutch විසින් ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trail Network එක එලිදැක්වීමට කටයුතු කරයි
ඔබට මතක ඇති Dialog සමාගම විසින් පසුගිය වසරේදි ඔවුන්ගේ 5G Trial Network එක ශ්‍රී ලංකාව සදහා හදුන්වා දෙනු ලැබුවා. ශ්‍රී ලංකාව තුල ජංගම දුරකථන සේවා සපයන තවත් ආයතනයක් වෙන Hutch ආයතනය විසින් ද ඔවුන්ගේ 5G Network එක පසුගිය දිනක දි සාර්ථක ලෙස අත්හදා බලනු ලැබුවා. One Galle Faceහි පිහිටි Hutch Premier Experience Center එකේදි ඔවුන්ගේ 5G Trial Network එක විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය දැවැන්තයෙක් වන ZTE ආයතනයත් සමග අතවැල් බැදගෙන සාර්ථක ලෙස අත්හදා බලනු ලැබුවා. ඒ වගේම මේ Trial Network Even
තප්පරයට ගිගා බිට් 1.9ක වේගයක් වාර්තා කරමින් Airtel ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trials එක අත්හදා බලයි
ශ්‍රී ලංකාව තුල අන්තර්ජාලය ⁣සේවා සපයන සන්නිවේදන ආයතන රැසක්ම මේ වෙන විට ඔවුන් 4G ආවරණය මුළු දිවයින පුරාම සාර්ථකව ව්‍යාප්ත කර තිබෙන අතර ගමට සන්නිවේදනය වැනි ව්‍යාපෘතින් හරහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග එකතු වි 4G ආවරණය මුළු දිවයින පුරාවටම ලබා දිමට කටයුතු සිදු කරමින් තිබෙනවා. 2020 වසරේදී Dialog සමාගම විසින් ශ්‍රී ලංකාව සදහා ප්‍රථම වරට 1.4 Gbps වේගය සහිත 5G Trial Network එක හදුන්වා දුන් අතර මේ වෙන විට ඔවුන් විසින් ඔවුන්ගේ 5G ජාලය ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශ සදහා මේ වෙන විටත් ල

එලෙස ආරම්භ කරන ලද 5G Trail Network ඔස්සේ සාර්ථක ප්‍රතිඵල ලබා ගත සන්නිවේදන සමාගම් මේ වන විට සාමාන්‍ය ජනතාවටත් තම නිවසේ සිටම 5G Network එකක අතදැකීම ලබා ගැනීම සඳහා ඒ ඒ සමාගම් ඔස්සේ 5G Network පුළුල් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟින් එක්ව කටයුතු කරමින් සිටිනවා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇති 5G Network එක ව්‍යාප්ත කිරීමේ සැළසුමට අනුව වසර 05ක් තුළදී ශ්‍රී ලංකාව පුරා සම්ප්‍රේෂණ ස්ථාන/ කුළුණු 2000ක් ඔස්සේ 5G Network එක ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව ආරම්භක වසරේදී සම්ප්‍රේෂණ ස්ථාන 300ක් ආරම්භ කරනු ඇති අතර දෙවන වසරේදී තවත් 350ක් ද, තෙවන වසරේදී තවත් 400ක් ද, සිව්වන වසරේදී තවත් 450ක් ද, පස්වන වසරේදී තවත් 500ක් ද ලෙසින් වසර 05ක් තුළ ශ්‍රී ලංකාව පුරාම සම්ප්‍රේෂණ ස්ථාන 2000 ස්ථාපිත කිරීමට නියමිත වනවා.

Source: www.trc.gov.lk