තාක්ෂණය පිළිබඳව උද්‍යෝගිමත් වන ඔබ සියල්ලන් ම මෙම දිනවල අප රට තුළ ඇති 5G තාක්ෂණයේ පැතිරීම පිළිබඳව දැනුවත්ව ඇති බවට මම විශ්වාස කරමි. එසේම ලොව පුරා මෙම 5G තාක්ෂණය සීඝ්‍ර ලෙස ව්‍යාප්තවන අතර ඒ හා සම්බන්ධ අනෙකුත් ක්‍රියාවලීන් රාශියක් මේ දිනවල කතාබහට ලක්වේ. මෙම ලිපිය තුළින් ඔබ වෙත ගෙන එන්නේ 5G තාක්ෂණය හා සම්බන්ධ නවතම පුවතක් වූ ගුවන් ගමන් තුළ දී 5G Mobile Data භාවිතා කිරීමට අවසර ලබා දීම පිළිබඳවයි.

පසුගිය දිනෙක යුරෝපා සංගමය මගින් සිදුකළ නිවේදනයක සඳහන් වූයේ ඔවුන් විසින් මේ වන විටත් මගීන් සඳහා ලබාදෙන මන්දගාමී Wi-Fi සම්බන්ධතා වලට තිත තබමින් ගුවන්යානා තුළ දී මගීන් සඳහා 5G සබඳතාවයන් භාවිතා කිරීම සඳහා අවසර ලබාදෙන බවයි. එහිදී මගීන් සඳහා විවිධ යෙදවුම් පරිශීලනය කිරීම මෙන්ම දුරකථන ඇමතුම් පවා මෙම 5G සමග සම්බන්ධ වී සිදුකිරීමට අවස්ථාව සැලසේ. කෙසේ වෙතත් මෙම පහසුකම ක්‍රියාත්මක කරවීම 2023 වසරේ ජූනි මාසය පමණ වන විට සිදුකිරීමට අදහස් කර ඇති බව සඳහන් වේ.
එසේම මෙමගින් Wi-Fi සඳහා මගීන්ගෙන් ගාස්තු අය කිරීම නවතාදමා 5G සබඳතාවයන් නොමිලේ ලබාදීම සඳහා කටයුතු සූදානම් කර ඇත. කෙසේ නමුත් 1991 වසරේ දී ගුවන් මගීන් සඳහා ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කරනු ලැබූ අතර එයට හේතුව ලෙස කෙටියෙන් දැක්වෙන්නේ දුරකථන භාවිතා කරනු ලබන්නේ නම් එවිට ගුවන් යානයට පාලක මැදිරීන් සමග සබඳතා ඇතිකර ගැනීමට ඇතිවන අපහසුතාවය අවම කිරීමටයි.

නමුත් මේ වන විටත් යුරෝපා සංගමය විසින් යෝජිත සැලැස්මක් ලෙස "Pico-Cell" නම් උපකරණයක් හරහා ගුවන්යානා වල ගමන් කරන මගීන් සඳහා ජංගම දුරකථන ක්‍රියාකරවීමට අවස්ථාව සලසා ඇත. එම උපාංගය මගින් චන්ද්‍රිකා ජාලයක් හරහා මගීන්ගේ ජංගම දුරකථන මගින් සාමාන්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා ඉඩ සලසා ඇත. එමගින් ගුවන් යානා ගොඩබිම ඇති ජාල (Network) සමග සම්බන්ධ කිරීම සිදුකරනු ලබයි.
එමෙන්ම මෙම් තාක්ෂණය භාවිතා කරන්නේ නම් වෙනස් සංඛ්‍යාතයන් භාවිතා කිරීමට හැකියාව ලැබීමත්, බලශක්තිය වැය වීම අවම වීමත් සහ මගීන්ගේ ආරක්ෂාව පිළිබඳව ඇති විශ්වාසනීයත්වයත් ගොඩනැගෙන බව විචාරකයන්ගේ අදහසයි. එමගින් ගුවන් මගීන් සඳහා කිසිඳු අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බව මෙම 5G තාක්ෂණය යොදාගැනීමේ එක් වාසිදායක පැතිකඩකි.
මෙය යුරෝපා සංවිධානය මගින් ගත් තීරණයක් වන නමුත් ඉදිරියේ දී සියලුම ගුවන් සමාගම් සඳහා මෙම පහසුකම ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
Sources: www.androidauthority.com www.bbc.com