Loading...
A12 Bionic Chipset එක සහිතව 8th-Gen iPad එක $329කට නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කරයි

ඊයේ පැවතුන Time Flies event එකේදී iPad Air එකට අමතරව 8th-gen iPad නමින් 7th-gen iPad එකේ design එකට සමාන සහ එහි වැඩි දියුණු කිරීම සහිතව නව iPad එකක් එලිදැක්වූවා.

මෙවර 8th-gen iPad සඳහා යොදාගෙන ඇත්තේ 2018 වර්ෂයේ නිකුත් උන iPhone XS series එකේ සහ iPhone XR එකේ භාවිතා උනු A12 Bionic chipset එක වන අතර මෙය 6core CPU එකක් සහ 4 core GPU එකකින් යුක්ත වේ. මෙහි ප්‍රථිපලයක් ලෙසට 7th-gen iPad එකට වඩා 40%ක CPU performance වැඩිවීමක් සහ දෙගුණයක GPU performance වැඩිවීමක් ලබා ගැනීමට 8th-gen iPad එකට හැකියාව ලැබී ඇත.

ඊට අමතරව මේ iPad එක සඳහා Apple Pencil සහය දක්වයි. නමුත් අවාසනාවකට වාගේ මේ සඳහා භාවිතා කල හැක්කේ first-gen Apple Pencil පමණකි. Key board සඳහාද මෙම ඉරණමම අත්වී ඇත. Apple keyboards සඳහා සහය දැක්වූවද නව iPad Pro සමඟින් එලි දැක්වුනු Magic Keyboard එක වෙත මෙය සහය නොදක්වයි.

මෙම නව 8th-gen iPad එක ඇමරිකානු ඩොලර් 329කට මිලදී ගත හැකිය. ඔබට මේ වන විට 8th-gen iPad එක pre-order කල හැකි අතර ලබන සිකුරාදා දින සිට අලෙවිය සඳහා වෙළඳ පලට නිකුත් කරනු ඇත.