Loading...
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ප්‍රමාදයකින් තොරව උප්පැන්න, විවාහ, මරණ සහතික ලබා ගැනීමේ ඩිජිටල් පහසුකමක් හඳුන්වා දෙයි

වර්තමාන රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව විදේශගතව වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ප්‍රමාදයකින් තොරව, ඉතා ඉක්මනින් ඒ ඒ තානාපති කාර්යයාලයන් ඔස්සේ උප්පැන්න සහතික, විවාහ සහතික සහ මරණ සහතික ලබා ගැනීමට මේ ඩිජිටල් පහසුකම ඔස්සේ හැකියාව ලැබෙනවා.

Image Source- mfa.gov.lk

ඒ අනුව දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස ජපානය, කටාර් සහ කුවේටයේ තානාපති කාර්යාල සහ මිලාන්, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි හි කොන්සල් කාර්යාලයන් ඔස්සේ දී මෙම පහසුකම ශ්‍රී ලාංකිකයන්ට ලබා ගත හැකි වනවා.

මේ සඳහා නව වෙබ් අඩවියක් ක්‍රියාත්මක වන අතර දැනට ඉහත තානාප​ති කාර්යයාල 07ක් වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේදී සියලු තනාපති කාර්යයාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් රජය සුදානමින් සිටිනවා.

Source: mfa.gov.lk