Loading...
hTC සමාගම විසින් නව Foldable ජංගම දුරකථනයක් සඳහා පේටන්ට් බලපත්‍ර ලබාගනියි

hTC කියන්නේ එක කාලයක smartphone brands අතරෙ ඉහලින්ම වැජඹුණු සමාගමකි. hTC සමාගම

  • පළවෙනි Android Smartphone එක නිපදවූ සමාගම
  • පළවෙනි Windows Smartphone එක නිපදවූ සමාගම
  • පළවෙනි 4G Smartphone එක නිපදවූ සමාගම
  • පළවෙනි Android Skin එක නිපදවූ සමාගම
  • පළවෙනි Dual Camera Phone එක නිපදවූ සමාගම
  • Metal Body එකක් සහිත පළවෙනි Android Phone එක නිපදවූ සමාගම
  • කලකදී USA වල විශාලතම Smartphone අලෙවිකරු

ලෙස කිරුළු පැළඳූ සමාගමකි. පසු කාලීනව hTC සමාගමට සිදු වූයේ කුමක්ද යන්න අපි විසින් මීට පෙර ඔබට ලිපියකින් ගෙන ආවා මතක ඇති. ඒක කියවූයේ නැති නම් මෙතනින් කියවන්න.

මෑතකාලීනව යම්කිසි විදිහකට hTC සමාගමේ සිදු වූ පසුබැසීමත් සමඟ hTC සමාගමෙන් නිපදවන නවතම අලුත් devices ගැන news තිබ්බෙම නැති තරම්. ඉතින් ඒ නිහැඩියාව බිඳලා, hTC සමාගම වෙනස් ම විදිහකට ගෝලීය ජංගම දුරකථන වෙලඳපලට ප්‍රවිෂ්ට වෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට කියන්න හේතුව තමයි hTC සමාගම foldable phone එකක් සඳහා ලියාපදිංචි කල patent බලපත්‍රයක් ගැන හෙලිදරව් කරගන්නට LetsGoDigital හට හැකියාව ලැබීම.

මේ patent එකෙහි සඳහන් ආකාරයට display එක මැදින් hinge එකක් තියෙනවා. ඒ පිටතට නැමිය හැකි විදිහටයි. ඒ අනුව phone එක close කරලා තිබුණත් display එක visible වෙනවා.

Image Source : LetsGoDigital

ඉතින් මේ patent එකෙන් ලොකු දෙයක් ගන්න නම් නෑ. බහුතරයක පැහැදිලි කරලා තියෙන්නේ device එකේ hinge එක වැඩ කරන හැටි විතරයි. ඉතින් පේන විදිහට මේක නැවෙන්නේ Motorola Razr එකේ විදිහටයි.

Patent එකට අනුව මේ device එක නැමුවම display එක adopt වෙනවා. ඒ අනුව device එක close කරලා තිබ්බත් තොරතුරු දැශනය වීම සිදුවෙනවා. ඉන් එහාට දෙයක් මේ patent එකේ සඳහන් වෙලා නෑ.

ගිය අවුරුද්දේ මේ වගේ කාලයක hTCහි CEO තනතුරට නව පුද්ගලයෙකු පත් කරගත්තා. ඉතින් ඒ අලුත් CEO ප්‍රකාශ කරලා තියෙනවා hTC smartphone division එක නැවත වතාවක් ලාභදායී කරනවා කියන එක.. ඉතින් මේ දේට ආරම්භයක් ගන්න මේ අලුත් folding phone එක හදුන්වාදෙන්න හදනවා වෙන්න පුලුවන්.

ඉතින් මේ ගැන ඔයාගෙ අදහස් මොනවද? hTC ලා සාර්ථක වේවිද? දාන්න කමෙන්ට් එකක්.

Source : Techradar