පහුගිය කාලයේ hTC සමාගම නිහඬව කිසිම අළුත් device එකක් එලියට දාන්නේ නැතුව කාලය ගත කලා. ඒත් හදිසීයේම පහු උන ජූනි  වෙනිදා hTC සමාගම විසින් Instagram පණිවිඩයක් තබමින් ඔවුන් ජූනි 16 hTC Desire 20 Pro නමින් device එකක් නිකුත් කරන බව පවසා සිටියා සහ එම පුවත අපි ඔබට රැගෙන ආවා.

hTC නැවතත් කරලියට. Desire 20 pro හදුන්වා දීම June 16
HTC තවමත් මිය ගොස් නැත, නමුත් මේ වනවිට සමාගම Flagship device නිකුත් කිරීම අතහැර දමා ඇති බවක් දකින්නට තිබේ. HTC හි අවසාන Flagship Smart phone එක වූයේ 2018 හි Exodus 1 වන අතර එය මඳක් නවීකරණය කරන ලද HTC U12 + වේ., නමුත් එතැන් සිට නිකුත් කරන ලද Desire සහ Wildfire සන්නාමය සහිත Budget දුරකථන අතලොස්සක්…
hTC Desire 20 Pro ජූනි 16 නිකුත් කරන බව පුවත

නමුත් සැවොම විමතියට පත් කරමින් ජූනි 16 දින hTC සමාගම Desire 20 Pro දුරකථනය සමඟ hTC U20 නම් තම ප්‍රථම 5G තාක්ෂණයෙන් යුතු ජංගම දුරකථනයද තායිවානයේ තායිපේ නගරයේදී නිකුත් කරා.

HTC U20 5G

hTC U20  ජංගම දුරකථනය අඟල් 6.8ක 1080 x 2400ක resolution එකෙන් යුතු FullHD+ display එකකින් සමන්විත අතර Qualcomm Snapdragon 765G chipset එකෙන් සහ 8GB RAM එකකින් යුක්තයි. ඊට අමතරව 256GB internal storage එකක් තියෙන අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබට microSD card එකක් භාවිතාවෙන් මතක ධාරිතාව ඉහල නංවා ගැනීමට හැකිවීමයි.

මෙහි ඇත්තේ quad camera setup එකකි. එහි මෙහා පික්සල් 48ක primary camera එකද, මෙගා පික්සල් 8ක ultrawide-angle lens එකක්ද, මෙගාපික්සල් 2කක කැමරා ලෙන්ස් දෙකකින්ද සමන්විතයි. ඊට අමතරව මෙය 4K video record කිරීමේ හැඉක්‍යාවද පවතිනවා. Front cameraව ලෙස මෙගාපික්සල් 32ක punch hole කැමරාවක් දැකගන්න පුළුවන්.

hTC U20 ජංගම දුරකථනය 5,000mAh බැට්‍රියකින් සමන්විත අතර එය Quick Charge (QC) 4.0 තාක්ෂණයෙන් සමන්විත 18W චාර්ජරයකින් Fast charge කරගත හැක.

hTC U2o දුරකථනය NT$18,990 ලෙස මිල කර තිබෙනවා. NT$ කිව්වේ New Taiwan Dollar. Pre-order ජූලි 1 වෙනිදා ආරම්භ වනු ඇත.

HTC Desire 20 Pro

පෙර වාර්තා කරල අන්දමට ඒ විශේෂතා සහිතවම මෙම ජංගම දුරකථනය නිකුත් වී ඇත. එය ඔබට අප මීට පෙර ගෙන ආ පුවතින් නැරඹිය හැක.

hTC නැවතත් කරලියට. Desire 20 pro හදුන්වා දීම June 16
HTC තවමත් මිය ගොස් නැත, නමුත් මේ වනවිට සමාගම Flagship device නිකුත් කිරීම අතහැර දමා ඇති බවක් දකින්නට තිබේ. HTC හි අවසාන Flagship Smart phone එක වූයේ 2018 හි Exodus 1 වන අතර එය මඳක් නවීකරණය කරන ලද HTC U12 + වේ., නමුත් එතැන් සිට නිකුත් කරන ලද Desire සහ Wildfire සන්නාමය සහිත Budget දුරකථන අතලොස්සක්…

මෙම ජංගම දුරකථනයේ මිල ලෙස NT$8,990ක් සටහන් වන අතර අද සිට (ජූනි 18) මිලදී ගත හැක.