Loading...
නවතම hTC U23 Pro එළඹෙන සතියේදී එළිදැක්විමට නියමිත බවට තොරතුරු වාර්තා වේ

ඔබට මතක ඇති පසුගිය සතියේදී hTC සමාගම විසින් නව U Series Smart Phone එකක් ළඟදීම එළිදැක්විමට සුදානමින් සිටින බවට පළමු වරට Teaser Video Clip එකක් ඔවුන්ගේ Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුණා.

ඊයේ දිනයේදී ඔවුන් තම Twitter ගිණුම ඔස්සේ නිල වශයෙන් මේ නව U Series Smart Phone එක නිකුත් කිරීමට නියමිත දිනය පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් මේ නව U Series Smart Phone එක එළඹෙන මැයි 18 වනදා නිල වශයෙන් එළිදැක්විම නියමිතයි.


hTC U23 Pro

මෙලෙස නිකුත් වීමට නියමිත U Series Smart Phone එක hTC U23 Pro ලෙසින් නිකුත් ⁣වනු ඇතැයි තොරතුරු වාර්තා වන අතර මෙය Snapdragons 7 Gen 1 Chipset එක ඔස්සේ බලගැන්වෙන ලබන අතර, 8GB සහ 12GB RAM එකකින් යුතුව Android 13 OS එකෙන් සමන්විත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

ඒ වගේම මේ hTC U23 Pro Smart Phone එක OIS සහාය සහිත 108MP Primary Camera Lense එකකන් සමන්විත වනු ඇති අතර මෙහි Rear Camera Setup එක සඳහා මීට අමතරව Ultra-wide, Depth සහ Macro lenses ද ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මෙය 120Hz Display Refresh Rate එක සහිත AMOLED Display එකකින් සමන්විත වනු ඇති අතරම Wireless Charging පහසුකම සහිත 4500 mAh Battery එකක් ද මේ සඳහා භාවිත වනු ඇතැයි තොරතුරු වාර්තා වනවා.

මේ hTC U23 Pro Smart Phone එක ඔස්සේ නැවත වතාවක් hTC සමාගමට Smart Phones වෙළෙඳපොළට වෙත සාර්ථකව ඇතුළත් වීමට හැකියාව ලැබේවී යැයි hTC රසික රසිකාවිනයන් බලාපොරොත්තුවෙන් සිටින අතර මේ Smart Phone එක නිකුත් වු විගස ඒ පිළිබඳව තොරතුරු ගෙන ඒමට Android වැඩකාරයෝ අපි සුදානමින් සිටිනවා.

Sources: hTC Gizmochina