Loading...
hTC නැවතත් කරලියට. Desire 20 pro හදුන්වා දීම  June 16

HTC තවමත් මිය ගොස් නැත, නමුත් මේ වනවිට සමාගම Flagship device නිකුත් කිරීම අතහැර දමා ඇති බවක් දකින්නට  තිබේ.  HTC හි අවසාන Flagship Smart phone එක   වූයේ 2018 හි Exodus 1 වන අතර එය මඳක් නවීකරණය කරන ලද HTC U12 + වේ., නමුත් එතැන් සිට නිකුත් කරන ලද Desire සහ Wildfire සන්නාමය සහිත Budget දුරකථන අතලොස්සක් තිබේ.  මේ වන විට ආරන්චි මාර්ග සහ දකින්නට තිබෙන්නේ තවත්  Budget  දුරකථනයක් එන්න යන බවයි, සමාගම එය ජුනි 16 දා ප්‍රකාශයට පත් කිරීමට සූදානම්ව සිටින බවක් පෙනේ.

View this post on Instagram

2020.06.16 敬請期待!

A post shared by HTC Taiwan (@htc_taiwan) on

තවද HTC තායිවානයේ  instegram  ගිණුම සහ සමාගමේ චීන Community  වෙබ් අඩවිය ජුනි 16 වන දිනට විහිළුවක් කර ඇත. අප දකින දේ හරියටම සඳහන් නොකලද, එය බොහෝ කටකතා සහ leaks  නිසා Multiple Rumors වලට සමාන බවක් දැනෙන හෙයින් එය HTC Desire 20 Pro වනු ඇතයි සිතිය හැක.ඔබ Community  වෙබ් අඩවියේ image හො Instagram post වල  දීප්තිය වැඩි කරන විට, පිටුපස කැමරාවන් හතරක් හෝ වෙනත් සංවේදක සමඟ එන phone එකක් ලෙස බැලූ බැල්මට ඔබට පෙනෙනු ඇත:

ප්‍රකට ROM සංවර්ධකයෙකු සහ HTC leaker වන, @LlabTooFeR මීට පෙර හෙළි කළේ HTC Desire 20 Pro හි වැඩ කරන බවයි.  සමාගම විසින් 2018 මැද භාගයේදී Desire 12/12 + නිකුත් කළ අතර පසුව අංක කිහිපයක් මඟ හැර ගිය වසරේ Desire 19 Plus සමඟ එළියට ආවේය.  නව මාදිලිය ඉදිරිපස සිට බැලූවිට OnePlus 8 සහ පිටුපසින් Mi 10  මෙන් පෙනෙනු ඇත.  එහි කේත නාමය' Bayamo'ය.

Desire 20 pro හි  1.8GHz Qualcomm processor , 6GB RAM සහ ඇන්ඩ්‍රොයිඩ් 10 සහිත වන බන leaks මගින් පෙන්වයි. Performance දළ වශයෙන් පික්සල් 3a XL හා සමානය.

Snapdragons 665 SoC සහ 6GB RAM, 1080p display සහ Android  10 ඇතුළුව Benchmark හරහා leak වූ තොරතුරු මෙම විස්තර මගින් සනාථ කරයි.

HTC හි Hardware නිර්මාණය සඳහා ඔව්න් සතුව තවමත් soft spot එකක් තිබුණද, Smart phone සමඟ සමාගමේ මෑත ඉතිහාසය දෙස බලන විට මෙම නව Budget  දුරකථනය විශේෂ දෙයක් වනු ඇතැයි සිතිය නොහැක.