Loading...
Adobe සමාගම විසින් Photoshop සහ Illustrator සඳහා සරල වෙබ් සංස්කරණයක් හඳුන්වාදීමට කටයුතු කරයි

Adobe සමාගම විසින් Photoshop සහ Illustrator යන මෘදුකාංග සඳහා සරල වෙබ් සංස්කරණයක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මේ මඟින් ඔබට මේ මෘදුකාංගයන් පරිගණකයට Install කිරීමකින් තොරව Web සංස්කරණ හරහා පරිශීලනය කිරීමට හැකියාව ලැබෙනවා.

මෙය ඉතා ආකර්ෂණීය මෙන්ම වාසිදායක පියවරක් වන නමුත්, මෙය තමවත් පූර්ව අවධියේ පවතින බැවින් Advanced පහසුකම් ඇතුළත් නොවේ. නමුත් මූලික සංස්කරණයන් සිදුකිරීමට පරිශීලකයාට මේ මගින් අවස්ථාව ලැබි තිබෙනවා.

දැනට මේ මගින් Navigate Layers, Leave Annotations and Comments සහ Eraser, Spot Healing Brush, Selection Lasso වැනි සරල Tools භාවිතා කරමින් නිර්මාණයන් සිදු කිරීමට අවස්ථාව ලැබා දි ඇති අතර මේ Web සංස්කරණයන් සදහා සියලුම පහසුකම් ඇතුළත් නොකරන බවත් Adobe ආයතනය සඳහන් කර තිබෙනවා. Adobe සමාගමෙහි Chief Product Officer වන Scott Belsky මහතා විසින් ඔවුන්ට මේ සඳහා "සියලුම පහසුකම් ඇතුළත් කිරීමට නොහැකි නමුත්, සියලුම Basic Tools Unlock කිරීමට කටයුතු කරන බව" සඳහන් කර ඇත.

මෙම වෙබ් සංස්කරණය මගින් සාමාන්‍ය මෘදුකාංගය ආකාරයටම PSD Files සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනවා. මෙය තවමත් මූලික Beta තත්වයේ පවතින බැවින් පරිශීලකයින්ට තම අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කිරීමට Feedback Panel එකක්ද ඇතුළත් කරන බව Adobe සමාගම සඳහන් කරයි.

Souce - TheVerge, Adobe