Loading...
දෙසැම්බර් 31 වෙනිදා සිට Adobe Flash Player වැඩි දියුණු කිරීම සහ සහය නවතා දමයි

2017 දී flash player වැඩි දියුණු කිරීම නවතා දමන බව නිවේදනය කල Adobe සමාගම 2020 දෙසැම්බර් 31 වන දින සිට නිශ්චිතවම වැඩි දියුණු කිරීම නවතා දමනු ලබන බව නිවේදනය කරයි.

2017 සිට වසර තුනක කාලයක් පුරා developers, designers, ව්‍යාපාරිකයන් හා අනෙකුත් පාර්ශවයන්ට ලාට ලබාදුන් කාලය flash player වෙතින් ඉවත් වීමට ප්‍රමාණවත් වූවා යැයි අපි සිතනවා. - Adobe blog

දෙසැම්බර් 31 ඉඳන් පසු flash player වැඩි දියුණු කිරීම හා download කීරීමට ඉඩ දීම නවතන අතර Flash-based content අවහිර කරන බව Adobe දන්වා සිටි.

Flash player මුලින්ම නිර්මාණය කළේ FutureWave සමාගම වන අතර පසුව Macromedia විසින් එම සමාගම අත්පත් කරගනු ගනු ලැබුවා. 2000 මැද භාගයේ Adobe සමාගම විසින් මෙම Macromedia අත්පත් කර ගන්නා ලදී. කොච්චර අඩුපාඩු තිබුණත් multimedia කටයුතු සඳහා flash player නැතුවම බැරි කාලයක් පැවැතුණි. මේ වන විට flash player වෙනුවට HTML5, WebGL හා WebAssembly වැනි බොහෝ විකල්ප පවතී.

Flash was created during the PC era – for PCs and mice. Flash is a successful business for Adobe, and we can understand why they want to push it beyond PCs. But the mobile era is about low power devices, touch interfaces, and open web standards – all areas where Flash falls short. - Apple’s co-founder Steve Jobs

ඔබගේ පරිගණකයේ flash player install කොට ඇත්නම් එය uninstall කරන ලෙසට Adobe සමාගම පරිශීලකයන් ගෙන් ඉල්ලා සිටි.