Loading...
WhatsApp සඳහා වැඩිදියුණු කල wallpaper feature එකක් ලබා දීමට Facebook සූදානම් වේ

iOS සදහා WhatsApp හි අලුත් Beta Update එක වෙන Version 2.20.120.19 මගින් නව Wallpaper Feature එකක් හදුන්වා දි තිබෙනවා. මෙය WhatsApp විසින් හදුන්වන්නේ Advanced Wallpaper Feature නමින්.

මේ Advanced Wallpaper Feature එක මගින් Wallpaper 62 දක්වා වෙනස් වෙනස් ආකාරයේ Wallpapers හදුන්වා දි ඇති අතර මේ මගින් අපි⁣ට WhatsApp Wallpapers Customize කල හැකි වෙනවා. මේ Feature එක භාවිතා කිරිමට Contactවල හෝ Groupවල Info වෙත ගොස් එහි Wallpaper & Sound වෙත යාමෙන් මේ Advanced Wallpaper Feature එක භාවිත කල හැකි වෙනවා.

Wallpaper & Sound මගින් නව Wallpaper එකක් තේරිම හෝ පවතින Wallpaper එකේ Opacity එක වෙනස් කිරිමත් කල හැකි වෙනවා.

New Wallpaper මගින් නව Bright Wallpapers 32ක් ද නව Dark Wallpapers හා Solid Wallpapers 30ක් තෝරාගත හැකියි.

ඒ වගේම ඔබ මේ අලුත් Wallpapersවලට අකමැති නම් පැරණි Wallpapers තෝරා ගැනිමටත් හැකියාව පවතිනවා. ඒ Wallpaper Archive තුලින්.

මේ Advanced Wallpaper Feature එක තවමත් ලබා දි තිබෙන්නේ WhatsApp Beta Testersලා සදහා පමණයි. ඉදිරි සතියේ දි මේ Feature සහිතව Office Update Version එකක් App Store වෙත WhatsApp සමාගම විසින් ලබා දෙනු ඇත.

Source: WabetaInfo