Loading...
ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට අවධානය යොමු වෙයි

මීට දින කීපයකට පෙර ඉන්දියානු රජය විසින් TikTok ඇතුලු Chinese apps 59ක් එරට තහනම් කරනු ලැබුවා. ඉතින් මේකට ප්‍රධානතම හේතුව විදිහට ඔවුන් පෙන්වා දුන්නේ එම apps විසින් ඉන්දියානු user data චීනයට ලබා දෙනවාය කියන සැකයයි. ඉතින් එහෙම තහනම් වෙලා දින ගණනකට පසුව අද දිනයේ පල වන වාර්තා සඳහන් කරන්නේ TikTok ඇතුලු Chinese apps කීපයක් තහනම් කිරීම කෙරෙහි ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාවෙත් අවධානය යොමුව ඇති බවයි.

මීට පැය කීපයකට කලින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වන Mike Pompeo මහතා මේ ගැන තහවුරු කරමින් කියා සිටියේ ඇමෙරිකානු රජය TikTok ඇතුලු Chinese apps කීපයක් එරට තහනම් කිරීම කෙරේ අවධානය යොමු කර ඇති බවයි.

“I don't want to get out in front of the President [Donald Trump], but it's something we're looking at”                                                                                                    - Mike Pompeo, Secretary of State, United States of America.

මෙලෙස ඒ මහතා කියා සිටියේ Fox News වෙතයි. ඔහු තවදුරටත් කියා සිටියේ එරට පාලනාධිකාරිය විසින් මේ ප්‍රශ්නය කෙරෙහි බරපතල අවධානයක් යොමුකොට ඇති බවයි. TikTok සමාගමෙ හිමිකාරිත්වය දරන්නේ චීනයේ Bytedance කියන සමාගමයි. ඉතින් ඒ සමාගම නිතරම ඇමෙරිකානු දේශපාලන අධිකාරියේ දෝශ දර්ශනයට වෙලා තියෙනවා. ඒ චීන රජයට මොවුන් user data යවන බවත් එය ජාතික ආරක්ෂාවට මහඟු තර්ජනයක් එල්ල කරන බවටයි. ඊට ප්‍රතිචාර දක්වන TikTok ලා පැහැදිලි කරන්නේ මේ app එකේ servers රටින් පිටත පිහිටා එති බවත් ඒ නිසා චීන නීතිය යටතේ පාලනය නොවන බවත් ය.

ඉතින් චීන නීතියට අනුව ස්ථාපනය කරලා තියෙන National Intelligence Law of 2017 කියන නීතියට අනුව චීනය base වෙලා තියෙන tech companies සියල්ලගෙම හිමිකාරීත්වය චීනයට හිමි වෙනවා. ඒ තුලින් රජයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී රජය වෙත user data ලබාදීමට එම සමාගමට සිදු වෙනවා.

ඉතින් ඇමෙරිකාවේ වගේම ඕස්ට්‍රේලියාවේත් TikTok සහ අනෙකුත් Chinese social media apps තහනම් කරන්න අවධානය යොමු වෙලා තියෙනව. එරට නිර්ණාමික ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඒ බව තහවුරු කරමින් සඳහන් කලේ ජාතික ආරක්ෂාව සැකකිල්ලට ගනිමින් මෙය සිදු කරන බවයි. මෙම නිර්ණාමික මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටින්නේ මෙය චීන සමාජවාදි පක්ෂයෙන් user data collect කිරීමට දියත් කෙරෙන වෑයමක් බවයි.

“It might be dressed differently but it's the same beast”

ඉතින් මේ මාතෘකාවට බඳුන් වෙලා තියෙන TikTok app එක ලෝකය අතර බෙහෙවින් ප්රචලිතයි. SensorTower ලගෙ analytics වලට අනුව මේ app එක Android phones වල 39 මිලියන වතාවක් සහ iPhones වල 14 මිලියන වතාවක් ගත වූ ජූනි මාසය තුල download වෙලා තියෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ පලමු මාස හයට විතරක් බිලියන 2ක downloads සිදු වෙලා තියෙනවා.