Loading...
Wells Fargo සමාගම ආරක්ෂක හේතූන් මත සිය සේවක ප්‍රජාවට TikTok තහනම් කරයි

Wells Fargo කියන්නේ ලෝකයේ තියෙන ප්‍රධානතම multinational financial service companies වලින් එකක්. Market capitalization අතින් ලොව හතරවෙනියටම විශාලත ම සමාගම විදිහට මෙය වාර්තා වෙනවා. ඉතින් පල වෙන අලුත් ම වාර්තා වලට අනුව එම් සමාගමේ පාලනාධිකාරිය විසින් සිය සේවකයන් හට company devices වලින් TikTok app එක ඉවත් කරන ලෙසට දැනුම් දීල තියෙනවා. ඒ සිය සමාගමේ ආරක්ෂක හේතූන් මතයි.

“We have identified a small number of Wells Fargo employees with corporate-owned devices who had installed the TikTok application on their device, “Due to concerns about TikTok’s privacy and security controls and practices, and because corporate-owned devices should be used for company business only, we have directed those employees to remove the app from their devices.” -a Wells Fargo spokesperson said in an email to The Verge.

ඉතින් මේ විදිහට මේ video-sharing app එක ගැන අවධානය යොමු කරපු එකම සමාගමත් Wells Fargo ලා නෙමේ Amazon ලත් TikTok ඉවත් කරනවා ය කියලා රාවයක් ගියා ඒත් ඔවුන් පසුව ප්‍රකාශ කරා TikTok ගැන ඔවුන්ගේ policies තවම වෙනස් කරලා නෑ කියලා.

චීන සමාගමක් වන ByteDance හිමිකාරීත්වය දරණ TikTok මෑතකදි user clipboard access කරනවාය කියල reveal උන apps කීපය අතරේ හිටියා. මේක discover උනේ iOS 14 beta version එකේ තිබුණු අලුත් feature එකකින්. පසුව TikTok ප්‍රකාශ කරා ඔවුන් ඒ error එක ඉවත් කරා කියලා.

දින් කීපයකට කලින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වරයා ප්‍රකාශ කරේ TikTok තහනම් කිරීම කෙරේ රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලයි. ඊට සමගාමීව ආයතන කීපයක් මේ වෙද්දිත් TikTok සිය සේවකයින්ට තහනම් කර අවසානයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් TikTok සමාගම මේ වන තුරු කිසිවක් ප්‍රකාශ කර නෑ.