Loading...
AMD සමාගම විසින් Laptops සහ Desktop පරිගණක සඳහා ව​න Ryzen 6000 මාදිලියේ නව processors එලිදැක්වීමට කටයුතු කර​යි

පසුගිය දිනවල පැවති CES 2022හිදී AMD සමාගම විසින් ඔවුන්ගේ නවතම Ryzen-6000 මාදිලියේ mobile processors (Laptop සඳහා භාවිතා කරන) 20ක්, සිහින් ලැප්ටොප් පරිගණක සඳ​හා නව Radeon RX 6000S GPU 3ක්, Gaming ලැප්ටොප් පරිගණක සඳහා Radeon RX 6000S GPU 5ක් සහ තවත් බොහොමයක් දෑ එලිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. අපි අද AMD සමාගම විසින් එලිදැක්වීමට කටයුතු කල ඒ processors ගැන කතා කරමු. (GPU ගැන තවත් ලිපියකින් රැගෙන එන්නම්.

Laptops සඳහා AMD Ryzen 6000 මාදිලි​ය

AMD Ryzen 6000 මාදිලියේ ලැප්ටොප් processors නිපදවීම සඳහා භාවිතා කර තිබෙන්නේ AMD සමාග​මේ  වැඩි දියුණු කරන ලද  Zen 3+ නම් Core Architechture එක සහ TSMC සමාග​මේ 6nm process එක භාවිතා කරමිනි. මේ හේතුව නිසා මෙම processors හරහා වැඩි performance එකක් අඩු බල ශක්ති වැය කිරීමකින් ලබා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. AMD සමාගමට අනුව පෙර පැවති මාදිලියන්ට සාපේක්ෂ​ව Ryzen 6000 හරහා 40%ක බල ශක්ති වැය වීමක අඩුවක්ද 28%කින් performances වල ඉහල යාමක්ද ලඟා කරගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.

AMD Announces Ryzen 6000 Series CPUs, New Radeon RX GPUs for Laptops and PCs

Ryzen 6000 සතු වන RDNA2 integrated graphics, DirectX 12 Ultimate සඳහා සහය දක්වනු ලබන අතර 50%කින් විශාල කරන ලද GPU compute engine එකකින්, hardware accelerated ray-tracing සහ දෙගුණයකින් විශාල L2 cache එකකින්ද මෙම processor මාදිලිය බල ගැන්වෙනවා. ඊට අමතරව USB4, Wi-Fi 6, PCIe Gen-4, HDMI 2.1, Bluetooth 5.2, DDR5/LPDDR5 RAM, සහ තවත් පහසුකම් රාශියකින් Ryzen 6000 මාදිලියේ processors සමන්විත වනවා.

AMD Announces Ryzen 6000 Series CPUs, New Radeon RX GPUs for Laptops and PCs

Desktops සඳ​හා වැඩිදියුණු කල AMD Ryzen 5000 මාදිලිය

Desktop පරිගණක සඳහා වන වැඩි දියුණු කල Ryxen 7 5800Xට සමාන Ryzen 7 5800X3D නමින් නව CPU එකක් එලිදැක්වීම සිදු කෙරුනා. එහු cores සහ threads ප්‍රමාණය පෙර පැවති Ryzen 5800Xට සමාන වන අතර AMD 3D V-Cache තාක්ෂණය හරහා Ryzen 7 5800X3D වල cache එක 100MB ප්‍රමානැයකින් වැඩි කරගැනීමට සමත්ව තිබෙනවා. මෙම නව CPU එක Ryzen 9 5900Xට සහ Intel සමාගමේ නව Intel Core i9-12900K යන CPU වලට වඩා gaming වලදී වේගවත්ව කටයුතු කරන බව AMD සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

මීට අමතරව AMD සමාගම විසින් Desktop පරිගණක සඳ​හා ඉදිරියේදි නිකුත් වීමට නියමිත Ryzen 7000 මාදිලියේ CPU පිළිබඳවද ඉඟි පල කර අතර, එම මාදිලිය නිපදවීම සඳහා Zen 4 architecture එක භාවිතා කරන බවද සඳහන් කර සිටියා.

Source: AMD, AMD Press release