AMD කියන්නේ ලෝකයේ නවතම පුවත් මවන සමාගමක් කිව්වොත් නිවැරදියි. මේ වෙනකොට AMD processors මුළු ලෝකය පුරාම Intel අභිබවා ඉදිරියට එමින් පවතිනවා. පසුගිය අවුරුදු කිහිපය තුල Intel වෙලඳපල සීග්‍රයෙන් ආක්‍රමණය කරමින් Ryzen 2nd generation chipsets ඉදිරියට පැමිණියා. ඉන් පසුව Team Red ඉදිරිපත් කල Ryzen 9 3950X සහ අනිත් Ryzen 3rd Generation processors ඊටත් වඩා වැඩි වේගයකින් ඉදිරියට එන්න ගත්තා.
Intel වලට වඩා අඩු මිලකට මිලදී ගත හැකි, එමෙන්ම Intel processors වල performance වලට නොදෙවෙනි වන ඒ වගේම ගෙවන මිලටත් වඩා හොඳ අගයක් ලබාදෙන බැවින් ලෝකය පුරාම AMD chips වෙගයෙන් ප්‍රචලිත වෙන්න හේතු උනා.
ඉතිං මේ පෙරලිකාර AMD සමාගම විසින් එයාලගේ ඊලඟ පරම්පරාවේ නවතම CPU සහ GPU launch කරන දින Twitter ගිණුම් හරහා නිවේදනය කරා. ඒ අනුව AMD සමාගම Vermeer යන codename එකෙන් යුතු ඔවුන්ගේ Zen 3-based Ryzen Desktop CPU ඔක්තෝම්බර් 8 වන දිනයේදීත්, RDNA 2 architecture එක base කරගෙන නිපදවන Radeon RX 6000 series GPU ඔක්තෝම්බර් 28 වන දිනයේදීත් නිකුත් කිරීමට නියමිතයි.
With the next wave of AMD Ryzen processors and the all-new Zen 3 architecture, @AMD is taking its PC gaming and content creation leadership to new heights. Learn more October 8. pic.twitter.com/PAvA5m3FGo
— AMD Ryzen (@AMDRyzen) September 9, 2020
AMD #RDNA2 architecture and Radeon RX 6000 Series graphics cards will bring the best of Radeon to gamers worldwide. Learn more October 28. pic.twitter.com/CZJRxTBe6m
— Radeon RX (@Radeon) September 9, 2020
මේ ආකාරයට නිකුත්වීමට නියමිත CPU වල වැඩි clock speed එකකින් යුක්ත අතර මෙය 7nm process node එකෙන් නිපදවා ඇත. එමෙන්ම 2017 ආරම්භ කල AMD first-generation Xen chip වලට වඩා ඉතාමත් වැඩි performance එකක් ලබා ගැනීමට AMD ආයතනය සමත් වී ඇත. ඔවුන් එය පහත ආකාරයට දක්වා ඇත. මෙහි විශේෂත්වය වන්නේ මේ වන විට වෙළඳ පලේ ඇති standard එකටත් වඩා වැඩි අගයක් Zen 3 විසින් ලබා ගැනීමයි.




Source: WCCFTECH