Loading...
Android 14 සංස්කරණයත් සමඟ Battery Health පරික්ෂා කිරීමේ හැකියාව ලබා දීමට සුදානම් වේ

පසුගිය පෙබරවාරි මාසයේදී පමණ Google සමාගම විසින් Android 14 හි ප්‍රථම Developer Preview එක නිකුත් කළ අතර මේ වන විට එහි  Android 14 Beta 2.1 සංස්කරණයත් Pixel Devices සඳහා නිකුත් වි තිබෙනවා. Up Side Down ලෙසින් හඳුන්වනු ලබන මේ Android 14 සංස්කරණය ඔස්සේ Android Smart Phones වෙත Battery Health එක පරික්ෂා කිරීමේ පහසුකම ලබා දීමට සුදානමින් සිටින බවට නවතම තොරතුරු වාර්තා වනවා.

මේ සඳහා නව BatteryManager API එකක් නිර්මාණය කර තිබෙන අතර මේ නව API එක ඔස්සේ Battery cycle count, Charging status, Manufacturing date, Date of first use සහ Charging policy ආදිය පිළිබඳව නිවරදි තොරතුරු පරිශීලකයාට ලබා ගැනිමේ අවස්ථාව උදා වනවා.

Image Source - Androidauthor.com

මේ නව BatteryManager API එක දැනට Android 14 Beta 2 හෝ ඉන් ඉහළ Beta Version ඔස්සේ Google Pixel Devices සඳහා ලබා ගත හැකි වන අතර තවමත් මේ API එක ඔස්සේ බලාපොරොත්තු වන අයුරෙන්ම Battery එක පිළිබඳව නිවරදිම තොරතුරු ලබා ගත හැකි දැයි කිසිවෙකු තහවුරු කර නොමැති වනවා.

කෙසේ වෙතත් දැනට Android 14 Beta සංස්කරණයන් සඳහා හදුන්වා දී තිබුණද මෙය Android 14වලින් පසුව, එනම් Android 15 සඳහා නිල වශයෙන් හඳුන්වා දීමට සුදානම් බවටත් යම් යම් තොරතුරු අන්තර්ජාලය ඔස්සේ වාර්තා වනු ලබනවා.

Sources: www.androidauthority.com www.gizmochina.com