Loading...
Pixel 9 වලට නිකුත් වීම​ට පෙර Vivo වෙත Android 15 stable සංස්කරණය නිකුත් ​වේ

ඔබට මතක ඇති පසුගිය අගෝස්තු මාසයේදී පමණ අප ඔබ වෙත වාර්තා කරනු ලැබුවා Android 15 සංස්කරණය නිල වශයෙන් නිකුත් වීම ඔක්තොම්බර් මාසයේදී පමණ සිදු වනු ඇති බවත් එය ප්‍රථමයෙන්ම Google Pixel Smartphones සඳහා ලැබෙනු ඇති බවත්.

Android 15 නිල වශයෙන් නිකුත් වන දිනය මෙන්න
Android මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන Android 15 මෙහෙයුම් පද්ධතිය කාටත් කලින් මුලින්ම නිකුත් කරන Pixel Device සඳහා මෙවර ලබා නොදීම බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුණා. කෙසේ වෙතත් බොහොමයක් දෙනා මත පළ කළේ සැප්තැම්බර් මාසයේදී Android 15 නිකුත් විය හැකි බවයි. නමුත් සැප්තැම්බර් මාසයේද නිකුත් නොවන බවත්, ඉතා Stable Version එකක් නිකුත් කිරීම සඳහා Google සමාගම මෙසේ කල් ගන්නා බවටත් වාර්තා පළ වෙනවා. Android 15 නිකුත් වන්නේ කවදාද? කෙසේ නමුත් Android 15 Beta තුළින් දුරකතනය ඉවත් කිරීමට යාමේදී එහි දැක්වෙන No

කෙසේ වෙතත් Vivo සමාගම විසින් ඔවුන්ගේ Smartphones කිහිපයක් වෙත ඔවුන්ගේ Custom Android Skin එක වන Funtouch OS 15 සමඟින් Stable Android 15 සංස්කරණය ලබා දී තිබෙනවා. ඒ අනුව හෙට දින (30) නිල වශයෙන් නිකුත් වීමට නියමිතව තිබුණත් මේ වන විටත් සමහර Vivo Usersලා සඳහා මෙය ලැබි තිබෙනවා.

Vivo X Fold 3 with Android 15.Image: Ishan Agarwal / X

මෙලෙස Stable Android 15 සංස්කරණය මේ වන විට ලැබි ඇති Vivo Devices ලෙස Vivo X100 series, Vivo X Fold 3 Pro සහ iQOO 12 දක්වන්න පුලුවන්.

එමෙන්ම Google Pixel Devices එකකට පෙර Stable Android Update එකක් වෙනත් Smartphone Brand එකක් විසින් ලබා දුන් ප්‍රථම අවස්ථාවත් මෙය වනවා.

Source: www.androidauthority.com www.gizmochina.com