Loading...
Android සහ iPhone අතර File Share කිරීමේ හැකියාව ලබා දෙයි

Smartphone ලෝකයේ ප්‍රධානතම මෙහෙයුම් පද්ධති දෙකක් වන Android සහ iOS අතර පැවති විශාලතම බාධකයක් ඉවත් කරමින්, Google සමාගම විසින් ඓතිහාසික තාක්ෂණික එකඟතාවක් නිවේදනය කර තිබේ. මෙම නව දියුණුවත් සමඟ, Google හි Quick Share පහසුකම සහ Apple හි AirDrop පහසුකම භාවිත කරමින්, iPhone සහ Android දුරකථන අතර ගොනු හුවමාරු කිරීමේ හැකියාව සෘජුවම සහ පහසුවෙන් සිදු කිරීමට අවස්ථාව ලැබෙනවා.

මේ පිලිබදව Google සමාගමට ලැබූනු බොහෝ පරිශීලක ඉල්ලීම් අනුව යමින් Apple AirDrop සමග Android Quick Share භාවිතා කිරීමට ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මෙය iPhone සහ Android උපාංග අතර ගොනු හුවමාරුව පහසු කරන අතර දැනට Pixel 10 Series දුරකතන සදහා ලබා දීම ආරම්භ කර තිබෙනවා.

මෙය තවදුරටත් වැඩි දියුණු කිරීමට සහ තවත් Android උපාංග වෙත මෙම විශේෂාංගය පුළුල් කිරීම Google සමාගමේ අපේක්ෂාවයි.

Source: blog.google