Loading...
Android 15 නිල වශයෙන් නිකුත් වන දිනය මෙන්න

Android මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන Android 15 මෙහෙයුම් පද්ධතිය කාටත් කලින් මුලින්ම නිකුත් කරන Pixel Device සඳහා මෙවර ලබා නොදීම බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුණා.

කෙසේ වෙතත් බොහොමයක් දෙනා මත පළ කළේ සැප්තැම්බර් මාසයේදී Android 15 නිකුත් විය හැකි බවයි. නමුත් සැප්තැම්බර් මාසයේද නිකුත් නොවන බවත්, ඉතා Stable Version එකක් නිකුත් කිරීම සඳහා Google සමාගම මෙසේ කල් ගන්නා බවටත් වාර්තා පළ වෙනවා.

Android 15 නිකුත් වන්නේ කවදාද?

කෙසේ නමුත් Android 15 Beta තුළින් දුරකතනය ඉවත් කිරීමට යාමේදී එහි දැක්වෙන Notice එකෙහි සඳහන් වනුයේ ඔක්තෝබර් මාසයේදී Android 15 Stable Update එක ඔක්තෝබර් මාසයේදී නිකුත් වන බවයි.

ඔක්තෝබර් මාසයේදී Android 15 නිකුත් වන දුරකතන

අලුත් Android Version එකක් නිකුත් වුණ ගමන් ම එය ලැබෙනේ Google Pixel දුරකතන සඳහා වන අතර එසේ ලැබෙන Pixel Device ලැයිස්තුව පහත දැක්වේ.

  • Google Pixel 6
  • Google Pixel 6 Pro
  • Google Pixel 6a
  • Google Pixel 7
  • Google Pixel 7 Pro
  • Google Pixel 7a
  • Google Pixel Tablet
  • Google Pixel Fold
  • Google Pixel 8
  • Google Pixel 8 Pro
  • Google Pixel 8a
  • Google Pixel 9
  • Google Pixel 9 Pro
  • Google Pixel 9 Pro XL
  • Google Pixel 9 Pro Fold

කෙසේ නමුත් මෙය නිකුත් වන්නේ ඔක්තෝබර් මස කවදාද යන්න තවමත් නිල වශයෙන් තොරතුරු වාර්තා වී නැහැ.

මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.