Loading...
Apple සමාගම විසින් කොළ පැහැති iPhone 13 සහ iPhone 13 Pro දුරකතන දෙකක් එලිදැක්වීමට කටයුතු කර​යි

Apple සමාගම විසින් මාර්තු 8 වන දින පැවැත්වූ Peek Performance event එකේදී නව කොළ වර්ණයන්ගෙන් යුතු iPhone 13 එකක් සහ iPhone 13 Pro මාදිලියක් හදුන්වාදීමට කටයුතු කෙරුනා. මෙය 2021 අප්‍රේල් මාසයේදී පැවති Spring Loaded event එකේදී දම් පැහැයෙන් යුතු iPhone 12 එකක් එලිදැක්වීමට සමාන කරුණකි.

Peek Performance event එක ආරම්භවීමට පැය කිහිපයකට පෙර වාර්තා වූ කටකතා සත්‍ය බවට පසක් කරමින් Apple සමාගම විසින් මෙම නව වර්ණයන්ගෙන් යුතු iPhone 13 සහ iPhone 13 Pro දුරකතනයන් දෙන එලිදක්වනු ලැබු අතර මෙම ජංගම දුරකතනයන් දෙකෙහි වර්ණයන්ගේ වෙනස හැර පෙර එලිදැක්වූ iPhone 13 සහ iPhone 13 Pro වලට අමතරව වෙනත් කිසිදු පහසුකමක් හෝ වැඩි දියුණු කිරීමක් ලබා දී නොමැත. මෙහි එකම වෙනස වන්නේ වර්ණයන් පමණි.

Apple සමාගම විසින් iPhone 13 මාදිලිය එලිදක්වා මේ වන විට මාස 6කටත් ආසන්න කාලයකට ලඟා වෙමින් පැවතියදී සහ iPhone 14 මාදිලිය එලිදැක්වීමට මාස 6කට පෙර මේ ආකාරයට නැවත වතාවක් iPhone 13 මාදිලියේ දුරකතන දෙකක් වර්ණයන් වෙනස් කරමින් එලිදැක්වීමේ අර්ථය කුමක්ද යන්න විශාල පිරිසකට පැන නගින ගැටළුවක් බව නොඅනුමානයි. නමුත් මෙහිදී Apple සමාගම විසින් සිදු කරනුයේ මේ වන තුරුත් iPhone 13 මාදිලිය මිලදී නොගත් අය නැවත වතාවක් ඒ සඳහා පෙළඹවීමටයි.

නව iPhone ද්විත්වයේ වර්ණයන් පිළිබඳව ඔබගේ අදහස කුමක්ද? අපිත් එක්ක කියන්න.

Source: Peek Performance Event