Loading...
ඇත්තටම iPhone වලට RAM එකක් නැද්"​ද"?

Smartphone එකක් මිලදී ගනිද්දි අපි හැමෝම හොදින්ම විමසිලිමත් වන කරුණක් ලෙස එහි RAM ධාරිතාවය දක්වන්න පුලුවන්. ඒත් Apple iPhone එකක් මිලදී ගැනිමේදි අපි එහි RAM ධාරිතාවය පිළිබඳව සලකා බලනවා ද, සරලම පිළිතුර නැත යන්නයි. එමෙන්ම Apple සමාගම විසින් ඔවුන්ගේ නව Apple iPhone Series එකක් නිකුත් කිරීමේදී ද මේ RAM ධාරිතාවය පිළිබඳව කිසිදු සටහනක් සිදු කරන්නේ නැ.

ඒ කියන්නේ iPhoneවලට RAM එකක් නැද්ද ? පසුගිය දිනවල ඔබත් දකින්න ඇති iPhoneවලට RAM එකක් තිබේ ද නැත්ද යන්න පිළිබඳව අප රටේ සමාජ මාධ්‍ය තුළ සාකච්ඡාවට බදුන් වුවා.

Apple සමාගම විසින් මෙලෙස තම iPhoneවල RAM ධාරිතාවයන් පිළිබඳව තොරතුරු ඔවුන්ගේ නවතම iPhone Series නිකුත් කිරීමේදී පළ නොකරන්නේ ප්‍රධාන වශයෙන්ම iPhones සඳහා තරගයක් ලබා දෙන අනෙක් සමාගම් විශාල RAM ධාරිතාවන් ලබා දුන්නත්, Apple සමාගම විසින් අඩු RAM ධාරිතාවයක් ලබා දීම නිසා, මෙය ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා අහිතකර ලෙස බලපානු ඇති බව සලකායි. කෙසේ වෙතත් එම Android Smartphones මෙන්ම හෝ ඉට වඩා හොද Performance එකක් ලබා දීමට අඩු RAM එකකින් වුවත් Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone සඳහා හැකියාව ලබා දී තිබෙනවා.

මේ සඳහා උදාහරණ ලෙස 2019 වසරේ නිකුත් වු 4GB RAM ධාරිතාවක් සහිත iPhone 11 Pro Max සහ 12GB RAM ධාරිතාවයක් සහිත Samsung Galaxy Note 10+ මෙන්ම 8GB RAM ධාරිතාවක් සහිත නවතම iPhone 15 Pro Max සහ 12GB RAM ධාරිතාවක් සහිත Samsung Galaxy S24 Ultra Smartphones දක්වන්න පුලුවන්.

දැනට නිකුත් වී ඇති සියලුම iPhone මාදිලිවල RAM ධාරිතාවයන් පහත පරිදි වනවා.

  • iPhone 15 Pro and 15 Pro Max RAM: 8GB (LPDDR5)
  • iPhone 15 and 15 Plus RAM: 6GB (LPDDR5)
  • iPhone 14 Pro and 14 Pro Max RAM: 6GB (LPDDR5)
  • iPhone 14 and 14 Plus RAM: 6GB (LPDDR4X)
  • iPhone 13 Pro and 13 Pro Max RAM: 6GB (LPDDR4X)
  • iPhone 13 and 13 mini RAM: 4GB (LPDDR4X)
  • iPhone SE 3rd gen RAM: 4GB (LPDDR4X)
  • iPhone 12 Pro and 12 Pro Max RAM: 6GB (LPDDR4X)
  • iPhone 12 and 12 mini RAM: 4GB (LPDDR4X)
  • iPhone SE 2nd gen RAM: 3GB (LPDDR4X)
  • iPhone 11 Pro and 11 Pro Max RAM: 4GB (LPDDR4X)
  • iPhone 11 RAM: 4GB (LPDDR4X)
  • iPhone XR RAM: 3GB (LPDDR4X)
  • iPhone XS and XS Max RAM: 4GB (LPDDR4X)
  • iPhone X RAM: 3GB (LPDDR4X)
  • iPhone 8 Plus RAM: 3GB (LPDDR4X)
  • iPhone 8 RAM: 2GB (LPDDR4X)
  • iPhone 7 Plus RAM: 3GB (LPDDR4)
  • iPhone 7 RAM: 2GB (LPDDR4)
  • iPhone SE RAM: 2GB (LPDDR4)
  • iPhone 6S and 6S Plus RAM: 2GB (LPDDR4)
  • iPhone 6 and 6 Plus RAM: 1GB (LPDDR3)
  • iPhone 5S RAM: 1GB (LPDDR3)
  • iPhone 5C RAM: 1GB (LPDDR2)
  • iPhone 5 RAM: 1GB (LPDDR2)
  • iPhone 4S RAM: 512MB (LPDDR2)
  • iPhone 4 RAM: 512MB (LPDDR)
  • iPhone 3GS RAM: 256MB (LPDDR)
  • iPhone 3G RAM: 128MB (LPDDR)
  • Original iPhone RAM: 128MB (LPDDR)
Source: 9to5mac.com