Loading...
Apple සමාගම One more thing නමින් විශේෂිත Apple event එකක් නොවැම්බර් 10 පැවැත්වීමට සූදානම් වේ

Apple සමාගම විසින් පසුගිය මාස කිහිපය තුල ඔවුන්ගේ ප්‍රධානතම Event දෙකක් පැවැත්වුවා. ඒ වගේම මේ වන විට Apple සමාගම විසින් "One More Thing" ලෙස ඉදිරියේදි තවත් Event එකක් පැවැත්විමට කටයුතු කරන බවට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

Apple සමාගම විසින් මේ වසර මුලදි පැවති WWDC Event එකේදි ඔවුන් Intel Processorවල සිට ඔවුන්ගේම Custom Apple Silicon Processor එකක් වෙත මාරැ විමට කටයුතු කරමින් ඉන්න බවට නිවේදනය කරා. ඒ වගේම එහිදි ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවා මේ වසර තුලදි ප්‍රථම Apple Silicon Mac එක නිකුත් කිරිමට බලාපොරොත්තු වෙන බවත්. මිට අනුව අපිට මේ Event එකේදි Apple සමාගමේ ARM-Based Macs එළිදැක්වීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ARM-Based Macs කියන්නේ ඔවුන්ගේම Silicon Processor එකකින් බල ගැන්වෙන Computers බව සදහන් කල යුතුයි.

දැනට තිබෙන තොරතුරුවලට අනුව ⁣⁣මේ "One More Thing" Event එකේදි 13-inch MacBook Pro, 16-inch MacBook Pro හා 13-inch MacBook Air කියන Macs තුන නිකුත් වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ සියලු Macs පෙර Versionවල Design එකෙන්ම යුතු වන අතර නව Processor එකකින් පමණක් සමන්විත වනු ඇති බවටයි තොරතුරු පල වෙන්නේ. ඒ වගේම මේ Event එකේදි බොහෝ විට Mini Version එකකුත් නිකුත් විමට නියමිතව පවතිනවා.

Apple සමාගමේ නිල වෙබ් අඩවියේ දක්වා ඇති අකාරයට නොවැම්බර් 10 වන දින Apple Park හි සිට සජිවිව මේ Event එක විකාශනය කිරිමට නියමිතයි.

මේ Event එකේදි අපිට Apple සමාගමේ පළමු Airpods Branded Headphone එක වෙන Airpods Studio Headphone එකත්, අමතරව Macs OS සදහා වන නවතම Version එක වෙන MacOS Big Sur නිකුත් කිරිමත් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Apple, Gizmochina, 9to5mac