Loading...
Apple විසින් ඔවුන්ගේ පලමු ARM මත පදනම් වූ Desktop Chip එක නිවේදනය කරයි

iPhone  සහ iPad processors මත පදනම්ව Apple සමාගම විසින් තමන්ගේම Desktop Chip රහසිගතව සංවර්ධනය කරන බවට කටකතා පැතිරී ඇත. Bloomberg විසින් ජූනි 9 උදෑසන නව වාර්තාවක කියා සිටියේ ජූනි 22 වනදා ආරම්භ වන virtual WWDC උත්සවයේදී තාක්‍ෂණික දැවැන්තයා Macs සඳහා ගෘහස්ථව නිර්මාණය කරන ලද පළමු  ප්‍රධාන  Processors (first in-house designed main processors for Macs) ප්‍රකාශයට පත් කිරීමට යන බවයි.

Steve Jobs announced a shift to Intel chips for Macs at WWDC 2006
Steve Jobs announced a shift to Intel chips for Macs at WWDC 2006

Mark Gurman,විසින් Bloomberg සදහා මෙසෙ ලිවීමක් කර ඇත :

"Unveiling the initiative, codenamed Kalamata, at the event would give outside developers time to adjust before new Macs roll out in 2021. Since the hardware transition is still months away, the timing of the announcement could change.

The new processors will be based on the same technology used in Apple-designed iPhone and iPad chips. However, future Macs will still run the macOS operating system rather than the iOS software on mobile devices from the company."

Gurman ට අනුව, Mac Pro යන්නෙන් ගම්‍ය වන “මිල අධික ඩෙස්ක්ටොප් පරිගණක ඇතුළුව” සමස්ත Mac පෙළම Custom processors වලට මාරු කිරීමට සැලසුම් කරයි. Mac note book  සහ Consumer Desktop මාදිලිවල apple තමන්ගේම Chips භාවිතා කරනු ඇතැයි බොහෝ දුරට අපේක්ෂා කළ නමුත් Mac pro හි එසේ නොවේ.

"Apple ඇතුලත, ARM මත පදනම් වූ චිප්ස් සමඟ අලුත් Macs පරීක්‍ෂා කිරීමෙන් Intel  මගින්  ක්‍රියාත්මක වන version වලට  වඩා සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කර ඇත, විශේෂයෙන් graphics performance සහ කෘතිම බුද්ධිය භාවිතා කරන යෙදුම්.  ඇපල් processors  ඉන්‍ටෙල් වලට වඩා කාර්යක්ෂම වන අතර එයින් අදහස් කරන්නේ අනාගතයේදී සිහින් සහ සැහැල්ලු mac laptop ය."

මේ සමගම Apple සමාගම තම mobile Chip කර්මාන්තයේ ඊර්ෂ්‍යාව ඇති කළ එම ප්‍රවේශයම භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.  ඒ කියන්නේ CPU සහ GPU මධ්‍යයන්,machine learning සඳහා වන Neural engine, RAM සහ ඕනෑම co-processors(Secure Enclave cryptographic coprocessor සහ power-sipping motion coprocessor වැනි දෑ ) තනි semiconductor එකක් මතට මිරිකීමය.

Gurman  නැවත සදහන් කලේ

"ඇපල් අවම වශයෙන් තමන්ගේ Mac Processors  තුනක්වත් ක්‍රියාත්මක කරන අතර පළමුවැන්න ඊළඟ iPhone  හි A14 ප්‍රොසෙසරය මත පදනම් වේ.  ප්‍රධාන මධ්‍යම සැකසුම් ඒකකයට අමතරව යන්ත්‍ර ඉගෙනීම සඳහා ග්‍රැෆික් සැකසුම් ඒකකයක් සහ Neural engine එකක්ද ඇත"

ඔබගේ Finger print සහ ඇපල් ගෙවුම් දත්ත සුරක්ෂිත කිරීම මෙන්ම on-the-fly disk සංකේතනය සහ secure boot හැකියාවන් සඳහා Macs දැනටමත් Apple  විසින් නිර්මාණය කරන ලද  විශේෂිත Chips භාවිතා කරයි.

වසර පහක් තිස්සේ intel සහ PowerPC Chip සඳහා ප්‍රධාන MacOS Update  රහසිගතව Developed  කරමින් සිටින බව නිවේදනය කරමින් WWDC 2006 Event එකට සහභාගී වූවන් පුදුමයට පත් කළ ආකාරයට සමානව මෙය වසර ගණනාවක් තිස්සේ ඇපල් විසින් ක්‍රියාත්මක කරන දෙයක් ලෙස පෙනේ.

කෙසේවෙතත් Apple Chip ව්‍යාපෘතිය වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන අතර එය සමාගමේ වඩාත්ම රහසිගත උත්සාහයන්ගෙන් එකක් ලෙස සැලකේ.  2018 දී ඇපල් විසින් අභ්‍යන්තර පරීක්ෂණ සඳහා iPad pro Processors මත පදනම් වූ Mac Chip සාර්ථකව Developed  කරන ලද අතර එමඟින් සමාගමට මෙම වසරේදී එවැනි මාරුවක් ප්‍රකාශයට පත් කළ හැකිය.

තවද  විශ්වාසදායක විශ්ලේෂක Ming-Chi Kuo විසින් මේ වසරේ මාර්තු මාසයේදී අනාවැකි පළ කළේ custom processors මත පදනම් වූ පළමු මැක් ආකෘති 2020 අග හෝ 2021 මුල් භාගයේදී පැමිණෙනු ඇති බවයි.

Source: Bloomberg