Loading...
iPhone අත්දැකීම නව මානයකට ඔසවා තබන iOS 26: Apple Intelligence සමඟින් පෙරළිකාර විශේෂාංග රැසක්!

ඔන්න එහෙනම්, iPhone භාවිතා කරන්නන්ට තවත් exciting update එකක් ඇවිල්ලා! 2025 ජුනි 9 වන දින ඇපල් සමාගම iOS 26 හඳුන්වා දුන්නා, ඒ වගේම මේක ඔබේ iPhone අත්දැකීම තවත් ලස්සන, බුද්ධිමත්, සහ පහසු මට්ටමකට ගෙන එනවා. මේ යාවත්කාලීනයේ තියෙන්නේ Liquid Glass නමින් නව design concept එකක්, Apple Intelligence හරහා smart features රැසක්, Phone සහ Messages වල updates, ඒ වගේම CarPlay, Apple Music, Maps, Wallet, සහ Apple Games වගේ යෙදුම්වලටත් ගොඩක් දේවල් එකතු වෙලා තියෙනවා. AirPods, parental controls, Safari privacy, accessibility වගේ areas වලත් ගොඩක් improvements තියෙනවා.

“iOS 26 shines with the gorgeous new design and meaningful improvements to the features users rely on every day, making iPhone even more helpful,” යනුවෙන් ඇපල් හි Software Engineering හි ජ්‍යෙෂ්ඨ උප සභාපති Craig Federighi කියනවා. “Experiences are more expressive and personal, from the Lock Screen and Home Screen, to new capabilities across Phone and Messages that help users focus on the connections that matter most. And with powerful new Apple Intelligence capabilities integrated across the system, users can get things done easier than ever.

මමත් iPhone user කෙනෙක් විදිහට මේක ගැන ලියන්න ආසයි, මොකද මේ update එක ඇත්තටම බලාපොරොත්තු වෙන්න යමක්! ඉතින්, අපි එකින් එක බලමු මේ iOS 26 එකේ තියෙන ලස්සන දේවල් මොනවද කියලා.

Liquid Glass: ඔබේ iPhone එකේ Interface එකට නව Look එකක්

iOS 26 එකේ ලොකුම highlight එක තමයි Liquid Glass design එක. මේක ඔබේ iPhone එකේ interface එකට ලස්සන, fluid වගේම expressive look එකක් ගෙන එනවා. Home Screen එකේ ඉඳලා Lock Screen එක දක්වා ඔක්කොම තැන්වලට මේ design එක බලපානවා. ඇත්තටම මේක බලන කොට හිතෙන්නේ iPhone එකට ජීවයක් ආවා වගේ!

Liquid Glass මොකක්ද?

Liquid Glass කියන්නේ translucent, light-reflecting effect එකක් යෙදුම්, widgets, සහ system interface එකට එකතු කරන technology එකක්. උදාහරණයක් විදිහට, ඔබේ Home Screen එකේ app icons ටික බලන්නකෝ. ඒවාට ටිකක් glassy, see-through look එකක් එනවා. ඔබේ wallpaper එක ඒ යටින් පේනවා, ඒක නිසා තිරය තවත් vibrant වෙනවා. iPhone එක tilt කරනකොට icons ටික light එක්ක play වෙනවා වගේ දැනෙනවා. ඇත්තටම cool experience එකක්!

Lock Screen එකේ Magic

Lock Screen එකත් Liquid Glass එක්ක තවත් personalize කරන්න පුළුවන්. Clock එක ඔබේ wallpaper එකේ layout එකට match වෙලා fluid විදිහට ගලා යනවා. උදාහරණයක් විදිහට, ඔබේ wallpaper එකේ ඉහළ කෙළවරේ ඉඩ තිබුණොත් clock එක ඒ ඉඩට adjust වෙනවා. ඒ වගේම, phone එක move කරනකොට wallpaper එකට 3D depth effect එකක් එනවා. ඇත්තටම බලන්න ලැබුණම ඔබත් පුදුම වෙයි!

0:00
/0:10

Apps එක්ක Liquid Glass

Camera app එකේ UI එක තවත් simple වෙලා, ඡායාරූප ගන්න moment එකට වැඩි focus එකක් දෙනවා. Photos app එක Library සහ Collections කියලා tabs දෙකකට බෙදිලා, ඔබේ memories organize කරන්න ලේසි වෙනවා. Safari බලනකොට web pages ටික smooth විදිහට scroll වෙනවා, ඒකත් Liquid Glass effect එකෙන් ලස්සනයි. Apple Music, News, Podcasts වගේ apps වල tab bar එක content එකට උඩින් float වෙනවා, scroll කරනකොට ඒක shrink වෙලා content එකට ඉඩ දෙනවා.

Developers ලටත් Chance එකක්

ඇපල් developers ලටත් Liquid Glass භාවිතා කරන්න API දීලා තියෙනවා. ඉතින්, ඔබේ favorite third-party apps; Instagram, WhatsApp වගේ ඒවත් මේ glassy look එකෙන් ලස්සන වෙයි. මට නම් හිතෙන්නේ මේ design එක තව අවුරුදු ගණනාවකට iPhone experience එක define කරයි!

"Apple Intelligence": iOS 26 හි බුද්ධිමය හරය සහ AI යුගයේ ආරම්භය!

iOS 26 හි කේන්ද්‍රීය අංගය වන්නේ "Apple Intelligence" නමින් Apple විසින්ම නිර්මාණය කරන ලද පුද්ගලික බුද්ධි පද්ධතියයි. මෙය Apple හිම නවතම AI තාක්ෂණික දියුණුවල ප්‍රතිඵලයක් වන අතර, iPhone, iPad සහ Mac යන Apple උපාංග තුනටම පොදුවේ ක්‍රියාත්මක වේ. අනෙකුත් AI පද්ධතිවලින් මෙය කැපී පෙනෙන්නේ, එය ඔබගේ පෞද්ගලිකත්වයට උපරිම ආරක්ෂාවක් ලබාදෙමින්, අතිශය බලගතු ලෙස සහ බොහෝ කාර්යයන් උපාංගය තුළම (on-device) ක්‍රියාත්මක වීම නිසයි. ඒ කියන්නේ ඔබගේ දත්ත ආරක්ෂිතව ඔබගේ උපාංගයේම රැඳී ඇති අතර, Cloud පදනම් කරගත් දත්ත සැකසීමක් අවශ්‍ය වන විටදී පවා, Apple හි Private Cloud Compute තාක්ෂණය ඔස්සේ එය පුද්ගලිකත්වය සහ ආරක්ෂාව සහතික කරමින් සිදු කෙරේ. "Apple Intelligence" මගින් iPhone හි සෑම අංශයකටම AI හැකියාවන් එක් කරමින්, දෛනික කාර්යයන් වඩාත් කාර්යක්ෂම කරයි.

Apple Intelligence: ඔබේ iPhone එක Smart Friend කෙනෙක් වගේ

Apple Intelligence එක iOS 26 එකේ තවත් ලොකු feature එකක්. මේක ඔබේ iPhone එකට AI-powered capabilities ගෙන එනවා, ඒත් ඔබේ privacy එක ආරක්ෂා කරන ආකාරයට on-device processing එක්ක.

Live Translation – භාෂාව බාධාවක් නෙවෙයි

Live Translation එක Messages, FaceTime, Phone apps වල integrate වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට, මම සිංහලෙන් කතා කරනවා නම්, ඒක ඉංග්‍රීසි friend කෙනෙකුට ඉංග්‍රීසියට real-time translate වෙනවා. Text messages වලත් මේක work කරනවා – මම “ඔයාට කොහොමද?” කියලා ලිව්වොත්, ඒක “How are you?” විදිහට එයාට පේනවා. ඒ වගේම, එයා ඉංග්‍රීසියෙන් reply කළොත් මට සිංහලෙන් පේනවා. මේක overseas ඉන්න යාළුවෝ එක්ක chat කරන එක ලේසි කරනවා. Privacy එක ගැන worry වෙන්න ඕන නැහැ, මොකද මේ processing ඔක්කොම phone එක ඇතුලෙම වෙනවා.

Visual Intelligence; බලන දේ ගැන තොරතුරු Instantly

Visual Intelligence එක තවත් cool feature එකක්. ඔබේ screen එකේ තියෙන ඕනෑම දෙයක් ගැන info ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට, මම photo එකක flower එකක් බලනවා නම්, Visual Intelligence එකට tap කරලා “මේ මල මොකක්ද?” කියලා ChatGPT එකෙන් අහන්න පුළුවන්. එතකොට ඒක මට කියනවා ඒක Rose එකක්ද, Sunflower එකක්ද කියලා. Google එකෙන් similar images search කරන්නත්, Etsy එකෙන් matching products බලන්නත් පුළුවන්. Event එකක details බලනවා නම්, ඒක Calendar එකට auto-add කරන්න suggest කරනවා – date, time, location ඔක්කොම එක්ක!

0:00
/0:08

Genmoji සහ Image Playground; Creativity Unleashed

Genmoji එකෙන් ඔබට custom emojis create කරන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට “තේ බොන dog” කියලා type කළාම, ඒකට match වෙන emoji එකක් generate වෙනවා. Image Playground එකෙන් imagesත් design කරන්න පුළුවන් – “beach එකක dance කරන cat” කිව්වොත් ඒ වගේ image එකක් එනවා. මේවා Messages වල share කරන්නත් පුළුවන්, යාළුවෝ එක්ක fun එක තවත් වැඩි කරනවා.

0:00
/0:04

Shortcuts සහ Writing Tools

Shortcuts app එක Apple Intelligence එක්ක තවත් powerful වෙනවා. Writing Tools එකෙන් emails, notes වගේ දේවල් improve කරන්න suggestions දෙනවා grammar, tone, style ඔක්කොම check කරලා. මම ලියපු email එකක් බලලා “මේක ටිකක් formal වැඩියි, friendly විදිහට rewrite කරන්නද?” කියලා suggest කළා ඇත්තටම ලේසි වුණා!

Phone සහ Messages: Connectivity එක ලස්සනට Manage කරමු

Phone App; ඇමතුම් Easy වෙනවා

Phone app එකේ Favorites, Recents, Voicemails ඔක්කොම එක තැනකට එකතු වෙලා. Call Screening එකෙන් unknown calls එනකොට caller ගැන info එකක් එනවා. මේකෙන් spam calls filter කරන්න ලේසියි.

Hold Assist එක ඇමතුමකදී hold වෙලා ඉන්න ඕන නැහැ, real-time agent ලබා ගන්න බව දැනුම් දෙනවා. මම bank එකට call කරනකොට hold music අහන් ඉන්න ඕන නැති වුණාම මට ලොකු relief එකක්!

Messages – Distractions අඩු කරමු

Messages වල unknown senders ගෙන් එන texts වෙනම folder එකකට යනවා. ඒ අංකය identify කරන්න, info request කරන්න, නැත්නම් delete කරන්න පුළුවන්.

0:00
/0:18

Custom backgrounds, polls, Apple Cash එක්ක money transfers වගේ featuresත් තියෙනවා.

මම group chat එකක “කෝපිද තේද?” කියලා poll එකක් දැම්මා, Apple Intelligence එක auto-suggest කළා, ලේසි වුණා decide කරන්න!

CarPlay: Driving එක තවත් Safe සහ Fun

CarPlay එක දිනකට මිලියන 600කට වැඩි වාර ගණනක් භාවිතා වෙනවා, iOS 26 එක්ක ඒක තවත් ලස්සන වෙනවා. Calls එනකොට compact view එකක් එනවා, road info miss වෙන්නේ නැහැ. Messages වල Tapbacks, pinned chats එනවා. CarPlay Ultra එකෙන් iPhone එකයි car screen එකයි sync වෙලා seamless experience එකක් දෙනවා.

Apple Music, Maps, Wallet: Everyday Life එක Simplify කරමු

Apple Music - Songs එක්ක Connect වෙමු

Lyrics Translation එකෙන් ගීතවල තේරුම අපිට බලා ගන්න පුලුවන්. Pronunciation එකෙන් ඕනෑම language එකකින් sing කරන්න පුළුවන්. AutoMix එකෙන් songs smoothly transition වෙනවා.

Maps - ගමන ලේසි වෙනවා

Visited Places එක ඔබ ගිය තැන් track කරනවා. Daily routes තේරුම් ගෙන suggestions දෙනවා. traffic තියෙනවා නම් alternate route එකක් දෙනවා.

Wallet - Travel සහ Payments Smart වෙනවා

Boarding passes වල Live Activities එනවා, airport navigation එක Maps එක්ක sync වෙනවා. Apple Pay එකෙන් installments තෝරන්න පුළුවන්.

Apple Games: Gaming එක එක තැනකින්

Apple Games app එකෙන් games organize කරන්න, අලුත් games හොයාගන්​න කරන්න, යාළු​වෝ එක්ක play කරන්න පුළුවන්. Apple Arcade එකෙන් 200+ award-winning games play කරන්​න ලැබෙනවා.

මීට අමතරව තවත් පහසුකම් රාශියක් අපිට දැකගන්න ලැබුනා. ඒ පිළිබඳව මෙන්ම තවත් විස්තරාත්මකව iOS 26 ගැන දැන ගන්න Apple Newsroom හරහා ඔයාලට පුලුවන්.