Loading...
Apple හි 64GB යුගය අවසන්: iPhone සහ iPad 128GB ගබඩාවකින් ආරම්භ වෙයි

මේ වන විට Apple සමාගම විසින් තම iPhone සහ iPad උපාංග සඳහා 64GB Storage එකක් ලබා දීම සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා. දැන් Apple හි සියලුම නව iPhone සහ iPad Series අවම වශයෙන් 128GB Storage එකෙන් යුතුව ආරම්භ වෙනවා. Refurbished උපාංග හැරුණු විට, 64GB Storage Capacity එකෙන් යුත් අවසන් iPhone Model එක වුණේ තුන්වන පරම්පරාවේ iPhone SE එක සහ iPad 10 Series එකයි.

ඒ වගේම මේ Model දෙකම දැන් නිෂ්පාදනයෙන් ඉවත් කර තිබෙන අතර ඒ Modelවල නවතම iPhone SE එක iPhone 16e ලෙසිනුත්, iPad 10 එක A16 චිපය සහිත නව iPad එකෙනුත් ආදේශ වුණා. මේ දෙකම ආරම්භක 128GB Storage Capacity එකකින් ලැබෙනවා.

ඇයි 64GB Base Storage යුගය අවසන් කළේ?

Base Storage එක ලෙස 64GB Storage එකක් ලබා දීම නතර කිරීමට හේතු කිහිපයක් තියෙනවා.

  • නවීන යෙදුම් (apps), ඡායාරූප, වීඩියෝ, සහ මෙහෙයුම් පද්ධති (iOS/iPadOS) Storage එකෙන් වැඩි ඉඩ ප්‍රමාණයක් ගන්නවා. එනම් 4K Video Recording, Apple Intelligence වගේ AI විශේෂාංග, සහ Gaming යෙදුම් එක්ක මේ 64GB Storage එක ඉක්මනින් පිරෙනවා. උදාහරණයක් විදිහට, iOS 18 එකේ Apple Intelligence විශේෂාංග සඳහා Storage සහ RAM එකෙන් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වනවා.
  • පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීම දක්වන්න පුලුවන්. අඩු Storage එකක් නිසා ඇතිවෙන ගැටලු (storage full warnings) මේ නිසා අඩු වෙනවා.
  • මෙය උපාංග වැඩි කාලයත් භාවිත කිරීමට ඉඩ ලබා දෙනවා. එනම් 64GB Storage එකකින් ආරම්භ වෙන උපාංග ඉක්මනින් outdated වෙනවා.

64GB Base Storage යුගයේ ඉතිහාසය

Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone සඳහා 64GB Storage එකක් ලබා දීම ආරම්භ වුණේ 2017දී. ඒ iPhone 8, iPhone 8 Plus, සහ iPhone X එක්ක ඒක base storage එක ලෙස 64GB Storage එක හඳුන්වා දීම සමඟයි. 2017 පමණ iPad Pro මාදිලි සමඟ iPadවලටත් 64GB Storage එකක් ලබා දීම ආරම්භ වුණා.

එමෙන්ම 2022 දී iPhone SE (3rd Gen) සහ iPad 10 එක 64GB Base Storage එකකින් එළිදැක්වුණ විටදීත් පරිශීලකයන්ගෙන් මේ Base Storage එක ලෙස 64GB ලබා දීම පිළිබඳව බොහෝ විවේචන එල්ල වුවා.

අනාගතයේදී 128GBත් මදි වෙයිද?

128GB එක දැන් base storage එක වුණත්, අනාගතයේ මෙයත් මදි වෙන්න පුළුවන්. 2030 පමණ වෙද්දී 256GB එක base storage එක වෙන්න ඉඩ තියෙනවා. ඒ 8K වීඩියෝ, VR/AR යෙදුම්, සහ AI තාක්ෂණය එක්ක Storage ඉල්ලුම ඉහළ යන නිසා.

Source: appleinsider.com www.macrumors.com